ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්, “යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං අවිජ්ජා පච්චයාති, අයමෙකානුපස්සනා. අවිජ්ජාය ත්වෙව අසෙස විරාගනිරොධා, නත්ථි දුක්ඛස්ස සම්භවොති, අයං දුතියානුපස්සනා.” යම්කිසි දුක්ඛයෙක් උපදනේ නම්, ඒ හැම අවිද්‍යා ප්‍රත්‍යයෙනුයි, යන මේ එක් අනුපස්සනා යෙක. අවිද්‍යාවගේ ම අශේෂ විරාග නිරෝධයෙන්, දුක්ඛයාගේ සම්භවයක් නැතයි, යන මේ ද්විතීය වූ අනුපස්සනාය.
“ජාති මරණ සංසාරං, යෙ වජ්ජන්ති පුනප්පුනං. ඉත්ථා භාවඤ්ඤථාභාවං, අවිජ්ජායෙව සා ගති.” 732 ගාථාව. යම් කෙනෙක් ජාතිය මරණය ඇති සංසාරයට පුනපුනා යෙත් නම්, මෙම භවය හෝ වෙන භවයකට යෑම අවිද්‍යාවෙන් ම ය.
“අවිජ්ජා හයං මහාමොහො, යෙ නිදං සංසිතං චිරං. විජ්ජාගතාව යෙ සත්තා, නාගච්ඡන්ති පුනබ්භවන්ති.” 733 ගාථාව. ඒ යෙ නිදං, යෙන, කියලා කියන්නේ යම් හෙයකින්. සංසිතං, කියලා කියන්නේ, සසර සැරිසැරූ, ඇවිද්දා කියන එක. චිර, කියන්නේ කාලයෙන් දීර්ඝ වූ, වැඩි කල්. යමකින් මේ සත්වයා බොහෝ කලක් ඇවිද්දවනු ලද්දේ ද, මේ අවිද්‍යාව වනාහි මහා මෝහයකි. යම් සත්ව කෙනෙක් විද්‍යාවට ඇතුළු වූවාහු ද, ඔහු පුනර්භවයට නොඑත්.
01/10/2021 නිබ්බාන භාවනාවේදි ඉගෙන ගත් ධර්ම කොටසකට සිත යොමු වුණා. 1. සහ 2. අත්තා මගින් මාට්ටු කර සාදා ගත් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා අනුසය මගින් ස්ථිර කිරීම සිහි කරන්නේ, සීලබ්බත පරාමාසය හොඳින් වැටහේ. යම් දහමක් මගින් 2. අත්තා සාදන රැල්ල, වමේ සිට දකුණට ගමන් කරන්නේ, එය 1. අත්තා සාදන රැල්ලට මුසු වන්නේ, සීලබ්බත උපාදානය ක්‍රියාත්මක වෙයි. පදුට්ඨමනසඞ්කප්පය ඇති වෙයි. මෙය ම අවිද්‍යාව බවට පෙරළෙයි.
අවිජ්ජා හයං මහාමොහො, යෙ නිදං සංසිතං චිරං. යමකින් මේ සත්වයා බොහෝ කලක් ඇවිදවන ලද්දේ ද, මේ අවිද්‍යාව වනාහි මහා මෝහයකි. මෙම භවයේ අවිද්‍යාව, ඊළඟ භවයේ මෝහය වන බව ආනෙඤ්ජ සප්පාය සූත්‍ර භාවනාවෙන්, අපි දනිමු.
එනම් විඤ්ඤාණ ආහාර පාර, නිත්‍යයි ගැනීම, අවිද්‍යාව, එතැනින් අවිද්‍යා යෝගය, එහෙම පහළට ගිහින් මෝහය. මෙසේ ජාතිය, මරණය ඇති සංසාරයට පුනපුනා යෑම අවිද්‍යාවෙන් සිදු කරන්නේ, මෙය මෝහය බවට පත් වුණේ ය. මෙසේ සත්වයා බොහෝ කලක් සංසාරයේ ඇවිදවන ලද අවිද්‍යාව වනාහි, මහා මෝහයකි.
යමෙක් ප්‍රඥා විමුක්ති, චෙතො විමුක්ති සම්පන්න වන්නේ ඔහු සම්මා ඥාන නමැති ගින්නෙන්, නාමරූප ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ හෝ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප හෝ දවා විනාස කර පුනර්භවයට නොඑයි.
ඒක තමයි මං කරපු භාවනාව.