ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්. සුත්ත නිපාතයේ පිටුව 232. “යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං උපාදාන පච්චයාති, අයමෙකානුපස්සනා. උපාදානානං ත්වෙව, අසෙස විරාගනිරොධා, නත්ථි දුක්ඛස්ස සම්භවොති, අයං දුතියානුපස්සනා.” යම්කිසි දුක්ඛයෙක් සම්භූත වේ නම්, ඒ හැම උපාදාන ප්‍රත්‍යයෙන් වේ, යන මේ එක් අනුපස්සනා යෙක. උපාදානයන්ගේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන්, දුක්ඛයාගෙ සම්භවයක් නැතයි යන මේ දෙවන අනුපස්සනාය.
“උපාදාන පච්චයා භවො, භූතො දුක්ඛං නිගච්ඡති. ජාතස්ස මරණං හොති, එසො දුක්ඛස්ස සම්භවො.” 745 ගාථාව.
උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙයි, සම්භූත වූයේ දුක්ඛයේ යටතට පැමිණේ. ජාතයා හට මරණය වෙයි. මේ දුක්ඛයාගේ සම්භව කාරණය වෙයි. මෙතන මේ නිගච්ඡති කියලා කියන්නේ යටතට පැමිණෙනවා.
“තස්මා උපාදානක්ඛයා, සම්‌මදඤ්‌ඤාය පණ්ඩිතා. ජාතික්ඛයං අභිඤ්ඤාය, නාගච්ඡන්ති පුනබ්භවන්ති.” 746 ගාථාව. එහෙයින් පණ්ඩිත තෙම මනා කොට දැන, උපාදාන ක්ෂය කිරීමෙන් උත්පත්තිය ක්ෂය කිරීම විශිෂ්ට ඥානයෙන් දැන, උත්පත්තියකට නොඑයි.
15/10/2021 නිබ්බාන භාවනාවේදි, 1. සහ 2. අත්තා මගින් මාට්ටු කර සාදා ගත් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා අනුසය මගින් ස්ථිර කිරීම සිහි කරන්නේ, සීලබ්බත පරාමාසය හොඳින් වැටහේ. යම් දහමක් මගින් 2. අත්ත සාදන රැල්ල, වමේ සිට දකුණට ගමන් කරන්නේ, එය 1. අත්තා සාදන රැල්ලට මුසු වන්නේ, සීලබ්බත උපාදානය ක්‍රියාත්මක වෙයි. පදුට්ඨමනසඞ්කප්පය ඇති වෙයි. මෙය ම අවිද්‍යාව බවට පෙරළෙයි, යනුවෙන් සාකච්ඡා කළා.
මෙසේ නාමරූප ප්‍රත්‍යයෙන් ධර්මයන්, වේදනා අළලා, සීලබ්බත උපාදානය මගින් විඤ්ඤාණය දක්වා යම් රැල පහරක් ගෙන යන්නේ ද, එහි නිත්‍යභාවයක් ඇති යැයි විඤ්ඤාණයට ඒත්තු යන්නේ, මෙම අවිද්‍යාව භවයට තුඩු දෙයි. භවය ඇති වූයේ, එය ජාතියට ප්‍රත්‍ය වේ. යම් ඉපදීමක් ඇති වන්නේ ද, උපන්නා හට මරණය ඇත. මෙසේ දුක්ඛයාගේ යටතට පැමිණේ. මෙසේ දුක්ඛයාගේ සම්භව කාරණය වැටහේ.
පණ්ඩිත තෙම යනු, අධ්‍යාත්මික වූත් බාහිර වූත් චක්ඛු ආදී උභය පණ්ඩරයන්, ඒ කියන්නේ ආයතනයන්, විමසා දැන, ශුද්ධ ප්‍රඥා ඇතියේ, පාප පුණ්‍ය සංඛ්‍යාත කෘෂ්ණ ශුක්ල ධර්මයන් ඉක්ම ගිය පුද්ගල, පණ්ඩිත යැයි කියනු ලැබේ.
මෙතන කෘෂ්ණ කියලා කීවා ම කළු, පවිටු, ඊළඟට ශුක්ල කියලා කීවා ම, පින, යහපත් දේ, ඒක ශුක්ල කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් dark and bright කියලා කියනවා.
ඔහු නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වන බව දැන, නාමරූපයන්ට ජාත වීමට, බිහි වීමට, තුඩු දෙන ආයතනයන්, විශිෂ්ට ඥානයෙන් දැනගනී. කෙසේ දැනගනී ද යත්, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම, දුක ඇති බව විමංසාවෙන් දැනගනී. එනම් දුක් පොදියේ ගොඩට ගැසීම, විමංසා ඉද්ධිපාද slide 8 මෙන් දැන, එනම් විරියෙන් ඡන්දය, ඡන්දයෙන් චිත්තය, චිත්තයෙන් විමංසාව දක්වා පැමිණ ඇති තැනැත්තා, විමංසා ඉද්ධිපාදයෙන් පටන්ගෙන මෙය reverse එකට බැලිය යුතුයි.
එතකොට අපි මෙතන, diagram එකක් දෙනවා.
අර 4 සලකුණ. උඩ ඊර්ෂ්‍යාව, එතන තියෙනවා විමංසා සමාධිය. එතකොට වම් පැත්තෙන් ඡන්ද සමාධිය, ඒ රේඛාවේ ලකුණු කරලා තියෙනවා ඡන්ද සමාධිය ඉඳන් ඊර්ෂ්‍යාව දක්වා රේඛාවේ අරූප ධ්‍යාන මගින් ගොඩට ගැසීම, ඊළඟට දකුණු පැත්තේ, අපි දන්නවා ව්‍යාධිය තියෙනවා. එතන, රූප මගින් ගොඩට ගැසීම, ලකුණු කරලා තියෙනවා. ඊළඟට ද්වේෂ අගතිය තියෙන තැන පහළ චිත්ත සමාධිය, විචිකිච්ඡා අනුසය සහ දිට්ඨි සල්ලය මගින් ගොඩට ගැසීම, ලකුණු කරලා තියෙනවා.
මෙහි දී, අස්මිතිය ඇති වන්නේ, සක්කාය දිට්ඨියට ඇලීමත්, එය ස්ථාවරයට පත් වීමත් නිසා යන්න සිහි වන්නේ, චිත්ත සමාධිය මගින් සක්කාය දිට්ඨිය පහ කිරීමත්, එතන සිට උඩට චේතනා දක්වා විචිකිච්ඡා අනුසය මගින් හෝ දිට්ඨි සල්ල මගින් හෝ ගොඩට ගැසීමක් නොවන්නේ, අරූප ධ්‍යානයන් මගින් ගොඩට නොගසන්නේ, රූප ස්පර්ශය මගින් ගොඩට නොගසන්නේ, නිර්වාණය සාක්ෂාත් වන බව තහවුරු විය.
ඉතින්, මෙතන අපි අර කලින් දීපු, diagram එකේ අර රැලි දෙක ලකුණු කරලා තියෙන එකේ, අපි එතන තව diagram එකක් දෙනවා.
එතන. නාමරූප ඉඳන් ථීනමිද්ධයට රේඛාවක් ඇඳලා, ඒ රේඛාව උඩ ලියාගන්න පුළුවන්, මනා කොට දැන උපාදාන ක්ෂය කිරීම. නාමරූප සිට ථීනමිද්ධය දක්වා නොයෑම. සම්‌මදඤ්‌ඤාය, මනා කොට දැන, මෙයට චෙතො විමුක්තිය ප්‍රමාණවත් වේ යැයි බුදුපියා පැවසුවා.
ඊළඟට පහළ සංස්කාරයේ ඉඳන්, ථීනමිද්ධයට රේඛාවක් ඇඳලා, ඒ රේඛාවේ අපි ලියාගන්නවා, ගොඩට ගැසීම් විශිෂ්ට ඥානයෙන් දැන ථීනමිද්ධය දක්වා නොයෑම. අභිඤ්ඤාය, විශිෂ්ට ඥානයෙන් දැන. මෙයට චෙතො විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය යන දෙක ම තිබිය යුතුයි.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.