Date: 29/10/2021 Name: Pariggaha

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

08/10/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. යමක් එකතු නොවන්නේ, පරාමාසය ම අවුස්සයි. මනෝමය කයෙන් සිටින පුද්ගලයා මෙනි, යන්නට සිත යොමු වුණා.

01/04/2016 පරිග්ගහ භාවනාවේ දී මනෝමය කයින් සිටින පුද්ගලයා ජීවත් වන ආකාරය සාකච්ඡා කර ඇත. එහි දී, අපි මෙතන diagram එකකුත් දෙනවා.

MM_29_10_2021_D1.jpg

අපි ලකුණු කළා 1. පරිග්ගහය, 2. පරාමාසකායගන්ථය, 3. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, 4. භය අගති, 5. වේදනා, 6. තණ්හා. තණ්හාවෙන් ආපහු පරිග්ගහය, යනුවෙන් පථයක් සාකච්ඡා කළෙමු.

අද භාවනාවෙදි එම පථය විමසන්නේ, විඤ්ඤාණ පච්චයා නාමරූප යන්න, 30/11/2016 නිබ්බාන භාවනාවෙදි, පරාමාස සිට භය අගති දක්වා ලකුණු කිරීම වැටහේ. මෙහි දී ලැබී නැති නිසා භය අගතියට යයි. ලැබී නැති නිසා මෙහි කර්මයෝ නැත යැයි, බුදුපියා පැවසුවා. මෙය තවදුරටත් විමසා බැලුවා.

“කාමෙහි සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා අයං චේතනා.” චේතනා හරහා පරාමාස දක්වා නොයන බැවින් කාමෙහි සංයුක්ත වූ කර්මයෝ නැත්තාහු ය. ඊළඟට අභ්‍යාකතයි කියන්නේ කුසල් හෝ අකුසල් නොවන දේවල්. ඔය ආනෙඤ්ජාභි සංස්කාරයෝ මගඵල චිත්තයෝ, ඒවා අභ්‍යාකතයි.

දැන් ඉතිරි වෙලා තියෙන්නේ ප්‍රථමධ්‍යානයේ ඉඳන් හතර වෙනි ධ්‍යානය දක්වා. ඒවා පුණ්‍යාභි සංස්කාර වෙනවා. ඉතින් මේ පුද්ගලයා විඤ්ඤාණ ආහාරය ම වළඳන නිසා, ධ්‍යානය මගින් උපදවන ලද පුණ්‍ය කර්මයෝ වළඳන බැවින් උපදවන ලබන කර්මයෝ ක්ෂය වෙනවා. මෙසේ කර්මය නැත යන්න වටහා ගත යුතුයි.

MM_29_10_2021_D2.jpg

26/01/2019 නිබ්බාන භාවනාවෙදි විඤ්ඤාණ පච්චයා නාමරූප යන්න, පරාමාස සිට චේතනා දක්වා ලකුණු කර ඇත. එය නාමරූපවලින් යමක් එකතු වූ පසු ය. ඉතින් මෙතන මේ, diagram එකේ පේනවා අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා, මෝහ අගතියේ ඉඳන් සංස්කාර දක්වා, සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං කියලා, සංස්කාර ඉඳන් පරාමාසකායගන්ථය දක්වා. ඊට පස්සේ, විඤ්ඤාණ පච්චයා නාමරූපං, කියලා පරාමාසකායගන්ථයේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට ලකුණු වෙනවා. එතකොට භය අගතියේ ඉඳන් සෝකයට නාමරූප පච්චයා සළායතනං, කියලා ලකුණු වෙනවා. ඊළඟට මනොසඤ්‌චෙතනා ආහාරයේ ඉඳන් නාමරූප ළඟට සළායතන පච්චයා ඵස්සො කියලා ලකුණු වෙනවා.

මෙහි දී ලැබී ඇත්තේ, මගේ පෙර තිබූ දේ, පෙර ඇස යැයි සෝක කරන සළායතන මගින් විමසන්නේ, මනසින් වන්නා වූ මෙම ක්‍රියාවලිය මගින් කර්මයන් සිදු කරයි. මෙසේ අහිංසක වූ ඇස, කන ආදියෙන් වන ස්පර්ශය තුළ කර්මයන් නොවන අතර මනසින් වන ස්පර්ශය මගින් කර්ම සිදුවීම වටහා ගත යුතුයි.

අජෝසනා, පිළිඅරගෙන තබා ගැනීම නිසා පරිග්ගහය ඇති විය. ඡන්දරාගය නිසා පිළිඅරගෙන තබා ගැනීම ඇති විය. ඡන්දරාගය වී ඇත්තේ දස අකුසලයට ම බව ඉගෙන ගතිමු. ඒක අර පරිග්ගහ භාවනාවේ තියෙන්නේ. මෙසේ දස අකුසලයට කැමති වී සංසාරයේ සැරිසරයි.

මෙම භාවනාව කරන්නේ, පරාමාස සිට පහළට යන කර්ම, නොකරමි යන්න සිතන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතන වීම සිදු වෙයි.

ඒක තමයි මං කරපු භාවනාව.