ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ද්වයතානුපස්සනා සූත්‍රයේ, අවසාන ගාථාව. “රූපා සද්දා රසා ගන්ධා, ඵස්සා ධම්‌මා ච කෙවලා. ඉට්ඨා කාන්තා මනාපා ච, යාව තත්ථි ති වුච්චති.” 762 ගාථාව. ඉෂ්ට වූත් ප්‍රිය වූත් මනවඩනා වූත් රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්ධයෝ ය, ස්පර්ශයෝ ය, ධර්මාලම්බනයෝ ය යන යම් තාක් අරමුණු ඇතෙයි කියනු ලැබේ ද.
“සදෙවකස්ස ලොකස්ස, එතෙ වො සුඛසම්මතා. යථෙ චෙ තෙ නිරුජ්ඣන්ති, තං තෙසං දුක්ඛසම්මතං.” 763 ගාථාව. සදේවක ලෝකයා විසින් තෙල ආලම්බනයෝ සුඛ යැයි සම්මත වෙත්. යම් තැනෙක් හි මොවුහු නැති වෙත් ද, එය දුක යැයි සම්මත වේ.
“සුඛන්ති දිට්ඨමරියෙහි, සක්කායස්සුපරොධනං. පච්චනීකමිදං හොති, සබ්‌බලොකෙන පස්සතං.” 764 ගාථාව. සක්කාය, සංඛ්‍යාත පඤ්චස්කන්ධයාගේ නිරෝධය, සුඛ යැයි ආර්යයන් විසින් දක්නා ලදී. නුවණින් දක්නවුන්ගේ මේ දර්ශනය, සියලු ලෝකය හා ප්‍රතිගාමී වෙයි.
“යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්ඛතො. යං පරෙ දුක්ඛතො ආහු, තදරියා සුඛතො විදූ.” 765 ගාථාව. අන්‍යයෝ යමක් සැප යැයි කීවාහු ද, ආර්යයෝ එය දුක්ඛ යැයි කිවූහ. අන්‍යයෝ යමක් දුක්ඛ යැයි කීවාහු ද, ආර්යයෝ එය සුඛ විසින් දත්හ.
“පස්ස ධම්මං දුරාජානං, සම්පමූළ්හෙත්ථ අවිද්දසු. නිවුතානං තමො හොති, අන්ධකාරො අපස්සතං.” 766 ගාථාව.
දැන ගැනීමට අපහසු නිර්වාණ ධර්මය, නැණැසින් දකිව්. බාලයෝ මෙහි මුළා වෙති. වැසුණහුට අන්ධකාරය වේ. නොදක්නාවුන්ට අන්ධ බව, blindness වේ.
“සතඤ්ච විවටං හොති, ආලොකො පස්සතාමිව. සන්‌තිකෙ න විජානන්ති, මගා ධම්මස්ස කොවිදා.” 767 ගාථාව. සත්පුරුෂයනට ආලෝක සෙයින් නිර්වාණය විවෘත වෙයි. තමා හමුයෙහි වූ ද, නිර්වාණය මාර්ග, අමාර්ග, දෙකේ අදක්ෂයා නොදන්නා හ.
“භව රාග පරෙතෙහි, භවසොතානුසාරිභි. මාර ධෙය්‍යානුපන්නෙහි, නායං ධම්මො සුසම්බුධො.” 768 ගාථාව. භවරාගයෙන් මඩිනා ලද, භව සෝතයේ අනුව යන, මාරයාගේ යටතට වැටුණු අය විසින්, මේ ධර්මය සුව සේ අවබෝධකට හැකි නොවෙයි.
“කො නු අඤ්ඤත්‍ර මරියෙහි, පදං සම්‌බුද්‌ධුමරහති. යං පදං සම්‌මදඤ්‌ඤාය, පරිනිබ්බන්ති අනාසවාති.” 769 ගාථාව. යම් නිර්වාණ පදයක් මනා කොට දැන, ආශ්‍රව රහිතව පිරිනිවේ ද ආර්යයන් හැර, නිවන අවබෝධ කරන්නට නොපැමිණි අන් කවරෙක් සමත් වේ ද?
එතකොට ඕගොල්ලො දන්නවා අර diagram එක, අර විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප කියලා එතන, 1. අත්ත රැල්ල එන එකයි, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ, දෙවෙනි රැල්ල එන එකයි.
එතකොට මෙතෙන්දි, “යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්ඛතො. යං පරෙ දුක්ඛතො ආහු, තදරියා සුඛතො විදූ.” 765 ගාථාව. යන හතර වෙනි ගාථාවට සිත යොමු වුණා. දැන් මේ diagram එකේ, 1. අත්ත සහ 2. අත්ත එකතු වීම සුඛ යැයි අන්‍යයෝ පවසත් ද, එය දුක යැයි ආර්යයෝ පවසත්. 1. අත්ත සහ 2. අත්ත එකතු නොවීම, දුක යැයි අන්‍යයෝ පවසත් ද, එය සුඛ බව ආර්යයෝ දන්නේ ය. “අස්මිමානස්ස යො විනයො, එතං වේ පරමං සුඛං,” යන ගාථාව සිහි විය.
ඊළඟ ගාථාවට සිත යොමු වුණා. “පස්ස ධම්මං දුරාජානං, සම්පමූළ්හෙත්ථ අවිද්දසු. නිවුතානං තමො හොති, අන්ධකාරො අපස්සතං.” 766 ගාථාව.
මෙම ධර්මතා දෙක, 1. අත්ත සහ 2. අත්ත එකතු වීම, නිවැරදිව දැන ගැනීමට බාලයාට කළ නොහැක. බාලයෝ මෙහි මුළා වෙති. කෙසේ ද යත්, සමුදය අස්තංගමය නොදන්නා නිසා ය. පංචනීවරණයන්ගෙන් වැසුණ අයට, එම අන්ධකාරය වෙති. සමුදය අස්තංගමය නොදන්නා නිසා අන්ධ බව, blindness ඇත. මෙතන සමුදය අස්තංගමය “විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප,” “නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ,” එයා දන්නේ නෑ ඒක.
වැසුණහුට අන්ධකාරය වේ. නොදක්නාවුන්ට අන්ධ බව, blindness වේ, යන්න මෙසේ වටහා ගත යුතු ය.
සතඤ්ච විවටං හොති, ආලොකො පස්සතාමිව. සත්පුරුෂයන්ට ආලෝක සෙයින් නිර්වාණය විවෘත වෙයි. සමුදය අස්තංගමය දැන සතිමත් වූ තැනැත්තාට ආලෝක සෙයින් නිර්වාණය විවෘත වෙයි. මෙය island, ඒ කියන්නේ “අත්ත දීපා විහරති” කර නොගත් සත්වයා, එහි බැස නොගනී.
සංයුත්ත නිකායේ, සතිපට්ඨාන සංයුත්තයේ, ගිලාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ පවසනවා, ආනන්දය, යම් කලෙක තථාගත තෙමේ සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන්, ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන්, නිමිති රහිත වූ චිත්ත සමාධියට පැමිණ වෙසේ ද, ආනන්දය ඒ සමයේහි තථාගතයන්ට ඉතා පහසු වෙයි. ආනන්දය, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට, තමා සරණ කොට, අනුන් පිහිට නොකොට, දහම් පිහිට කොට, දහම් සරණ කොට, අනෙකෙක් පිහිට නොකොට වෙසෙව්.
භවරාග පරෙතෙහි, භවසොතානුසාරිභි. භවරාගයෙන් මඩනා ලද, භව සොතස අනුව යන මාරයාගේ යටතට වැටුණ අය විසින්, මේ ධර්මය සුව සේ අවබෝධ කරගත හැකි නොවෙයි. හතර වෙනි ගාථා අර්ථය මනා කොට අවබෝධ කර ගත් උතුම් ආර්යයන් පිරිනිවීමට පත් වේ.
ඒක තමයි මං කරපු භාවනාව.