ඒ උතුම් බුදුපියවරු, ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ, අජිත මානවක ප්රශ්නයක් අහනවා තථාගතයන් වහන්සේගෙන්, හැම තැන්හි, රූප ආදී හැම ආයතනයන්හි තෘෂ්ණාදි ස්රොතස්සු, ගලා එති. ඒ කියන්නේ, everywhere the streams are flowing. ස්රොතසුන්ගේ ආවරණය කවර ද? ස්රොතසුන්ගේ සංවරය වදාළ මැනවි. කවර දහමකින් ස්රොතස්සු පියනු ලැබේ ද? ඒ කියන්නේ closed off කියන එක.
තථාගතයන් වහන්සේ පවසනවා, අජිතයෙනි, ලොව යම් ස්රොතස් කෙනෙක් වෙත් නම්, සතිය ඔවුන්ට ආවරණයයි. ඒ සතිය ස්රොතසුන්ගේ සංවර යැයි කියමි. ප්රඥාවෙන් තෙළ ස්රොතස්සු පියනු ලැබෙත්.
05/11/2021 නිබ්බාන භාවනාවෙන් පටන් ගත්තා. “සතඤ්ච විවටං හොති, ආලොකො පස්සතාමිව,” දක්වා භාවනාව කරගෙන ආවා. ඉන් අනතුරුව, සතිය ඔවුනට ආවරණයයි. ඒ සතිය ස්රොතසුන්ගේ සංවර යැයි කියමි, යන ධර්ම කොටසට සිත යොමු කළා.
ඉෂ්ට වූත් ප්රිය වූත් මන වඩන්නා වූත් රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්ධයෝ ය, ස්පර්ශයෝ ය, ධර්මාලම්බනයෝ ය යන යම් තාක් අරමුණු ඇතැයි කියනු ලැබේ ද, සදේවක ලෝකයා විසින් තෙල ආලම්බනයෝ සුඛ යැයි සම්මත ය. මේවා මගින් ඇති වන ස්රොතසුන්ගෙන් ආවරණය වීමට, සතිය භාවිතා කළ යුතු ය. ප්රඥා විමුක්තිය, අත්ත දීප, own Island කර වාසය කරන්නේ, මෙම ස්රොතසුන්ගෙන්, වෙන් වී වාසය කරන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.
එතකොට මේ භාවනාවේ, ඉෂ්ට වූත් ප්රිය වූත් මන වඩන්නා වූත් රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්ධයෝ ය, ස්පර්ශයෝ ය, ධර්මාලම්බනයෝ ය යන සියල්ල ඇසුරු කොට වන නාමරූපයන්ගෙන්, විඤ්ඤාණය හටගන්නා බව දැනීම, සතිය මගින් සිදු කරයි. තව ද, එසේ හටගන්නා වූ විඤ්ඤාණය මගින්, දැනගන්නේ දුක බව සතියට ඇතුළත් වෙයි. මේ සතිය, ස්රොතසුන්ගේ ආවරණය, barrier එක වෙනවා.
සදේවක ලෝකයා විසින්, තෙල ආලම්බනයෝ සුඛ යැයි සම්මත කිරීම, නිවැරදි නොවේ යැයි, සතිය මගින් පෙන්වා දෙනු ලබනවා.
ඒක තමයි මං කරපු භාවනාව.