ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඛන්ධ සංයුත්තයේ, අත්තදීප වග්ගයේ, දෙවෙනි නන්දික්ඛය සූත්‍රය. “මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව. රූපයාගේ අනිත්‍යතාව, යථාභූත කොට බලව. මහණෙනි, මහණ, රූපය නුවණින් මෙනෙහි කරනුයේ රූපයාගේ අනිත්‍යතාව, ඇති සැටි දක්නේ රූපයේ කලකිරෙයි. නන්දි සංඛ්‍යාත තෘෂ්ණා ක්ෂයයෙන්, රාග ක්ෂය වෙයි. රාග ක්ෂයයෙන්, තෘෂ්ණා ක්ෂය වෙයි. නන්දිරාග ක්ෂයයෙන් සිත මිදුණේ, වෙසෙසින් මිදුණේ යැයි කියනු ලැබේ.”
“මහණෙනි, වේදනාව, සඤ්ඤාව, සංස්කාර, මහණෙනි, විඤ්ඤාණ, නුවණින් මෙනෙහි කරව. විඤ්ඤාණයාගේ අනිත්‍යතාව, යථාභූත කොට බලව. මහණෙනි, මහණ විඤ්ඤාණය, නුවණින් මෙනෙහි කරන්නේ විඤ්ඤාණයාගේ අනිත්‍යතාව, යථාභූත කොට දක්නේ විඤ්ඤාණයේ කලකිරේ. නන්දි සංඛ්‍යාත තෘෂ්ණා ක්ෂය හේතුවෙන් රාග ක්ෂය වෙයි. රාග ක්ෂය හේතුවෙන් තෘෂ්ණා ක්ෂය වෙයි. නන්දිරාග ක්ෂය හේතුවෙන්, සිත කෙලෙසුන් කෙරෙන් මිදුණේ, වෙසෙසින් මිදුණේ යැයි කියනු ලැබේ” යැයි වදාළ සේක.
ඉතින්, මෙතෙන්ට එනවා අර diagram එක, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප. අර 1. අත්ත, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ, 2. අත්ත සෑදෙන diagram එක.
සමුදය අස්තංගමය සමාධිභාවනා සූත්‍රය අනුව බැලුවා. රූපයාගේ අනිත්‍යතාවය, ඇති සැටි දක්නේ රූපයෙහි කලකිරෙයි. මෙවිට රූපය නිසා තණ්හා නොවන්නේ, නාමරූප සිට විඤ්ඤාණ දක්වා නොයයි. මෙසේ නන්දි සංඛ්‍යාත තෘෂ්ණා ක්ෂය වීමෙන්, 2. අත්ත නොසෑදීම වන්නේ, 2. අත්ත නිසා වන රාගය ක්ෂය වේ.
අනිත් අතට රාගය ක්ෂය වන්නේ නම් සංකල්පයට ඇති රාගය බැස යයි. සංකල්පයට ඇති රාගය බැස යන්නේ විඤ්ඤාණ සිට නාමරූප නොවෙයි. විඤ්ඤාණ සිට නාමරූප නොවේ නම්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවෙයි. එසේ නම් තණ්හාව මගින් එකතු කරන ධර්මයෝ බැස යයි. තණ්හාව මගින් එකතු කරන ධර්මයෝ බැස යන්නේ, තෘෂ්ණාව ක්ෂය වෙයි. මෙසේ නන්දිරාග ක්ෂයයෙන්, සිත මිදුණේ යන්න වටහා ගත යුතුයි. නන්දිරාග ක්ෂයයෙන් සිත මිදුණේ වෙසෙසින් මිදුණේ වේ. එනම් නාමරූප සිට විඤ්ඤාණය දක්වා හෝ විඤ්ඤාණ සිට නාමරූප දක්වා නොයයි.
අස්තංගමය සමාධිභාවනා සූත්‍රය අනුව බලන විට, 28/05/2021 නිබ්බාන භාවනාවේ පථ 3 සිහි කළ යුතුයි.
පථය 1, ඉදංසච්චාභිනිවෙස සිට පරාමාස නිසා line 7 වීම ඇත. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින් පරාමාස, එතනින් පරිදේව, එතනින් භය අගති, එය මගින් භය අගති, වේදනා, නාමරූප, පරාමාස වීම පළමුව සිදු වේ. මෙය නොවීම, නිබ්බින්දති කලකිරේ.
පථය 2, අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව වන්නේ රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර, සඤ්ඤා, නාමරූප, පරාමාස, පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩ නංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. මෙය නොකිරීම, විරාගය ලෙස ගත යුතුයි. ඉහත මෙත්තාව ඇත්තේ, විරාගයට අඩිතාලම දමා ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව නොවීමට වග බලා ගත යුතුයි.
පථය 3, භය අගති, සෝක, වේදනා, රූප. මෙය දෙවෙනි පථයට අනතුරුව සිදු වේ. කාම ආශ්‍රවයට පැමිණීම, අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව යන දෙකෙන් ම සිදු වන අතර මෙම මොහොතේ දී, දිට්ඨි ආශ්‍රවය වැදගත් වේ. මෙය නොකිරීම නිරෝධය ලෙස ගත යුතුයි.
මෙසේ විමසන්නේ, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ සමුදය අස්තංගමය බැලීම, මෙයට ම ඇතුළත් වෙයි. පළවෙනි පථය, මනෝමය කාය හා සම්බන්ධය. දෙවෙනි පථය, ඕලාරික කාය හා සම්බන්ධය. තුන් වෙනි පථය, සඤ්ඤාමය කාය හා සම්බන්ධය.
ඒක තමයි මං කරපු භාවනාව.