Date: 26/11/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

තථාගතයන් වහන්සේ මධුපිණ්ඩික සූත්‍රයේ දේශනා කරනවා, මහණ යම් කාරණයකින් තෘෂ්ණා දෘෂ්ටි පපඤ්ච සංඛ්‍යාත සඤ්ඤා කොට්ඨාසයෝ, පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මේ කරුණෙහි මම ය මගේ යැයි සතුටු විය යුත්තෙක්, කිවිය යුත්තෙක්, ගැල ගත යුත්තෙක්, නැති නම්.

ඒ කියන්නේ “නත්ථි, අභිනන්දතිතබ්බං, අභිවදිතබ්බං, අජ්ඣොසිතබ්බං.” මෙය ම රාග අනුසයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡා අනුසයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධ කතා, තෝ තෝ කීම, පිසුණා බස, මුසාව යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්.

ඉතින් මේක මහාකච්චායන හාමුදුරුවෝ පැහැදිලි කරනවා. “ඇවැත්නි, ඇස ද රූපයන් ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. මේ තුන් දෙනාගේ එක් වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වේදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද, එය විතර්කණය කෙරෙයි. යමක් විතර්කණය කෙරේ ද, එය පපඤ්චයට පමුණුවයි. යමක් පපඤ්චයට පමුණුවා නම්, චක්ඛු රූපාදී කාරණයෙන්, තෘෂ්ණා දෘෂ්ටි පපඤ්චයන්ගෙන් යුක්ත සඤ්ඤා කොට්ඨාසයෝ, අතීත අනාගත වර්තමාන වූ ඇසින් බලා දත යුතු වූ රූපයෙහි ලා, පුරුෂයා අභිභවනය කෙරෙත්.”

මෙතන්ට එනවා අර diagram එක, 1. අත්තා, 2. අත්තා සෑදෙන විඤ්ඤාණ පච්චයෙන් නාමරූප, නාමරූප පච්චයෙන් විඤ්ඤාණ, හැදෙන diagram එක.

Health2.jpg

නාමරූප නිසා විඤ්ඤාණ වන්නේ එම සංකල්පයෝ, පදුට්ඨමනසඞ්කප්පය හරහා පරාමාසගත වන බව, පෙර ඉගෙන ගතිමු. එම ක්‍රියාවලිය මගින් සීලබ්බත පරාමාසය වේ. මෙය කුක්කුච්චයට තුඩු දේ. කුමක් නිසා ද?

ඇසින් දත යුතු වූ රූපය, යථාභූතව නොදක්නා නිසා ය. තව ද එම රූප අගයෝ, සඤ්ඤා කොටස් මගින් ඉදිරිපත් කරන්නේ, එම අගයන් ගැන තම මනසින් ම සකස් කරන්නක්, නිසා සැක ඇත්තාහු ය. එය එසේ වුවත් ස්වකීය දිට්ඨිය, විචිකිච්ඡා අනුසය මගින් ස්ථිර කරනු ලබයි. එසේ සිදු වන්නේ නම්, සීලබ්බත උපාදානය මගින් විඤ්ඤාණය දක්වා නිත්‍ය වශයෙන් ගෙන ගියා වූ දහම්හු, අත්තවාද උපාදාන වන්නේ පපඤ්චයෝ ග්‍රන්ථනය වී, ඉදංසච්චය පෝෂණය වී, නැවතත් ඉදංසච්ච සිට පරාමාස වීම නොවැළකේ. මෙසේ මනසින් එකතු කරන්නා වූ ධර්මයන්ගේ ගැලීම හේතු කොටගෙන, පපඤ්ච සඞ්‌ඛා කොට්ඨාසයෝ, අතීත අනාගත වර්තමාන වූ ඇස කන ආදියෙන් දත යුතු වූ ධර්මයෝ, පුරුෂයා අභිභවනය කරයි. පථය 1, ඉදංසච්ච සිට පරාමාස වන්නේ 2 වන පථය, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිදු වන්නේ ය. 1 සහ 2 පථයන් සිදු වන්නේ, 3 වන පථය සිදු වන්නේ ය. මෙම පථයන් සිදු නොවන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.