Date: 03/12/2021 Name: State of peace

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ, ජතුකණ්ණීති සූත්‍රය, ජතුකණ්ණී භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා, ශාන්තිය හා ශාන්ත පදය වදාළ මැනව කියලා.

තථාගතයන් වහන්සේ ගාථා තුනක් පැවසුවා. ඒ පළවෙනි ගාථාව තමයි, “කාමෙසු විනය ගෙධං, නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො. උග්ගහිතං නිරත්තං වා, මා තෙ විජ්ජිත්ත කිඤ්චනං.” නෛෂ්ක්‍රම්‍යය ආරක්ෂා සහිත වශයෙන් දැක, කාමයන්හි ආශාව දුරු කරව. ගැනීම හෝ ඉවතලීම නොකරව. මේ දෙක ම තොපට නොවේවා.

ඊළඟට දෙවැනි ගාථාවෙන් පෙන්නනවා, පෙර අතීත සංස්කාර කෙරෙහි වූ කෙලෙස්වලින් පිරිසිදු වෙව, ඉදිරි කාලයේ කිසිවක් නොගත යුතු ය. වර්තමානයෙහි ද නොගන්නේ නම්, ශාන්තව හැසිරේ.

ඊළඟට තුන් වෙනි ගාථාවෙන් තථාගතයන් වහන්සේ පෙන්නනවා, බ්‍රාහ්මණය, නාමරූපයන් කෙරෙහි සර්වප්‍රකාරයෙන් පහ කළ තෘෂ්ණා ඇති, ඒ රහත් හට, යම් ආශ්‍රවයන් හේතු කොටගෙන, මරවසයට යේ නම්, ඒ ආශ්‍රවයෝ විද්‍යාමාන නොවෙති.

එතකොට මෙතැනට එනවා අර diagram එක, අත්තා 1, අත්තා 2, හැදෙන විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ.

Health2.jpg

එතකොට අපි පළවෙනි ගාථාව බැලුවොත් නෛෂ්ක්‍රම්‍යය ආරක්ෂා සහිත වශයෙන් දැක, කාමයන්හි ආශාව දුරු කරව, ගැනීම හෝ ඉවතලීම නොකරව, මේ දෙක ම තොපට නොවේවා.

නෛෂ්ක්‍රම්‍යය ආරක්ෂා සහිත වශයෙන් දැක, කාමයන්හි ආසාව දුරලන්නේ නම්, සංකල්පයට ඇති රාගය බැස යයි. එසේ නම් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවේ නම්, තණ්හා පපඤ්චයෝ බැස යයි. තණ්හාව මගින් යමක් එකතු කරයි ද, එය වැළකේ. තණ්හා පපඤ්චයෝ බැස යන්නේ නම්, පරාමාසගත වීමක් නොවේ. පරාමාසගත වීමක් නොවන්නේ, ඉවතලීමට යමක් නැත. මෙසේ එම ගාථා අර්ථය වටහා ගත යුතු ය.

ඊළඟට දෙවැනි ගාථාව, පෙර අතීත සංස්කාර කෙරෙහි වූ කෙලෙස්වලින් පිරිසිදු වෙව. ඉදිරි කාලයේ කිසිවක් නොගත යුතු ය. වර්තමානයේ ද නොගන්නේ නම්, ශාන්තව හැසිරේ. පාණාතිපාතය අදත්තාදාන වැනි පෙර සංස්කාර කෙරෙහි වූ කෙලෙස්වලින් පිරිසිදු වන්නේ, අනාගත කාලයේ එම සංස්කාර නොගන්නේ, වර්තමානයේ නාමරූප නිසා අලුත් සංස්කාර නොකරන්නේ, ශාන්තව හැසිරිය හැකි ය.

ඊළඟට තුන් වෙනි ගාථාව, බ්‍රාහ්මණය, නාමරූපයන් කෙරෙහි සර්වප්‍රකාරයෙන් පහ කළ තෘෂ්ණා ඇති ඒ රහත් හට, යම් ආශ්‍රවයන් හේතු කොටගෙන මරවසයට යේ නම්, ඒ ආශ්‍රවයෝ විද්‍යාමාන නොවෙති. නාමරූප කෙරෙහි තණ්හාව සම්පූර්ණයෙන් පහ කරන්නේ, නාමරූප නිසා විඤ්ඤාණ නොවේ. වර්තමානයේ සංස්කාර නොකරන නිසා, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව හෝ දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවේ. මෙසේ වන්නේ ආශ්‍රවයෝ විද්‍යාමාන නොවේ.

ඒක තමයි මං කරපු භාවනාව.