ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ පරායන වග්ගයේ, අජිත මානවක තථාගතයන් වහන්සේගෙන් අහනවා. ලෝවැසි තෙම කිමෙකින් නිවෘත, වැසුණේ ද? කවර හෙයින් නොපැනේ ද? ඔහුට කිමෙක් අභිලේපන වේ යැයි, වදාරණ සේක් ද? කිමෙක් ඔහු හට මහා බිය නම් වේ ද? තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා, ගාථාවකින්.
“අවිජ්ජාය නිවුතො ලොකො, වෙවිච්ඡා පමාදා නප්පකාසති. ජප්පාභිලෙපනං බ්රූමි, දුක්ඛමස්සමහබ්භයං.” ලෝවැසි තෙම අවිද්‍යාවෙන් නිවෘත ය වැසුණේ ය. මාත්සර්‍ය්‍යය හෙයින්, ප්‍රමාද හෙයින්, ප්‍රකාශිත නොවේ. තෘෂ්ණාව අභිලේපන, ඒ කියන්නේ adhesive යැයි කියමි. ඔහුට ජතියාදී දුක මහා බිය වෙයි.
අවිද්‍යාවෙන් වැසුණේ, යන්න විමසුවා. සුභ, සුඛ, අත්තා, නිත්‍ය මෙම විපල්ලාසයෝ අවිද්‍යාවට ආසන්න කාරණයයි. සුභ යැයි හැඟීම ඇත්තේ රූපය විවෘත නොවේ. සුඛ යැයි හැඟීම ඇත්තේ වේදනාව විවෘත නොවේ. අත්තා යැයි හැඟීම ඇත්තේ සඤ්ඤාව විවෘත නොවේ. නිත්‍යයි හැඟීම ඇත්තේ චිත්තය විවෘත නොවේ.
මච්ඡරිය හෙයින් ප්‍රකාශිත නොවීම, not shining විමසුවා. මච්ඡරිය පස් ආකාරයි. ලාභමච්ඡරිය ඇත්තේ, අලාභය ප්‍රකාශිත නොවේ. ආවාසමච්ඡරිය ඇත්තේ, එය උද්ධච්චය මගින් පවත්වන්නෙ, මානය ප්‍රකාශිත වන්නේ, අනතිමානය ප්‍රකාශිත නොවේ. වණ්ණමච්ඡරිය ඇත්තේ සඤ්ඤාවන් ගැන උඩඟු වන්නේ, මිච්ඡා දිට්ඨිය ප්‍රකාශිත වන්නේ, සම්මා දිට්ඨිය ප්‍රකාශිත නොවේ. ධම්මමච්ඡරිය ඇත්තේ ආශ්‍රවයන් ප්‍රකාශිත වන්නේ ය. මෙහි දී π අකුර සිහි කරන්න. මච්ඡරිය තුන භාවනාව, අත්තා විඤ්ඤාණගත වීම නිසා, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව, මෝහ ඇති වේ. මෙසේ වන්නේ අනාශ්‍රවය ප්‍රකාශිත නොවේ. කුලමච්ඡරිය ඇත්තේ, සුඛ වේදනාව පවතී යැයි සිතන්නේ, දුක වේදනාව ප්‍රකාශිත නොවේ.
ප්‍රමාද හෙයින් ප්‍රකාශිත නොවීම, not shining විමසුවා. දුක්ඛයේ සමුදය අස්තංගමය දැකලා, දුක නැති කිරීමට පමා නොවීම තමයි, ප්‍රඥාව කියන්නේ. මේ අදහසට විරුද්ධ අදහස තමයි, ප්‍රමාදය වෙන්නේ. ප්‍රමාදය ඇත්තේ දුක නැති කිරීමට ප්‍රමාද වීම සිදු වන්නේ, ප්‍රඥාව නසන්නේ, ප්‍රඥාව ප්‍රකාශිත නොවේ.
තෘෂ්ණාව අභිලේපන, adhesive යැයි කියමි, යන්න විමසුවා. ඉහත අයුරින් දුක ප්‍රකාශිත නොවේ යන්නත්, සම්මා දිට්ඨිය ප්‍රකාශිත නොවේ ය යන්නත්, වටහා ගන්නේ. තණ්හාව මගින් ජරා, දුක්ඛ, දෝමනස්ස අගයන් එකතු කරන්නේ. එහි ඇලීම වටහා ගන්නේ නම්, දුක හා සමාන වූ බියෙක් නැති බව වැටහේ. කුමක් නිසා ද? ජරාව එකතු කරන ලද බැවින්, බිඳීම ඇත. දුක එකතු කරන ලද බැවින්, දුකෙන් මිදීම නැත. එනම් බියෙන් ඉවත් වීම නැත. දෝමනස්සය එකතු කරන්නේ නොලැබීම ඇත්තේ භයෙන් අගතියට යයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්