ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ, උදය සූත්‍රය. උදය මානවක තථාගතයන් වහන්සේගෙන් ඇසුවා. අවිද්‍යාව බිඳුණා වූ අඤ්ඤා විමොක්ඛ සංඛ්‍යාත නිර්වාණය වදාළ මැනවි. තථාගතයන් වහන්සේ පැවසුවා.
“පහානං කාමච්ඡන්දානං, දෝමනස්සානං චූභයං. ථීනස්ස ච පනුදනං, කුක්කුච්චානං නිවාරණං.” කාමච්ඡන්දයාගේ ද දොම්නසුන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද, ථීනමිද්ධයාගේ දුරලීම ද, පසුතැවීම දුරු කිරීම ද, ඇති.
ඊළඟ ගාථාවෙන් පෙන්නනවා, “උපෙක්ඛා සති සංසුද්‌ධං, ධම්මතක්කපුරෙජවං. අඤ්ඤා විමොක්‌ඛං පබ්‍රෑමි, අවිජ්ජාය පභෙදනං.” උපෙක්ඛා සති දෙකෙන් පිරිසිදු වූ. ධර්මතර්ක සංඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටු කොට ඇති, අරිහත් ඵල විමෝක්ෂය, අවිද්‍යාවගේ බිඳුමැයි කියමි.
කාමච්ඡන්දයාගේ ද දොම්නසුන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය පවතින්නේ නම්, පටිඝානුසයට තුඩු නොදේ යන්න, වැටහෙනවා. ථීනමිද්ධයාගේ දුරලීම ද, පසුතැවීම දුරු කිරීම ද, යන ධර්මයෝ පවතින්නේ නම්, විචිකිච්ඡා අනුසයට තුඩු නොදේ යන්න වැටහිණ.
ඉතිරි ධර්ම කොටස වටහා ගැනීම සඳහා, සම්මා සංකප්ප භාවනා 3 අනුව, විමසන්න යැයි, බුදුපියා පැවසුවා.
ඒ භාවනාවේ පථ දෙකක්, විමසලා තියෙනවා. එකක් තමයි, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඉඳන් මෝහ අගතියට, එතනින් සංස්කාර, එතනින් පරාමාසකායගන්ථය, එතනින් ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා, ප්‍රියයන්ගෙන් වෙන් වීම කියන එක සිදු වෙනවා. එතකොට area T කියන එක ලකුණු කරලා තියෙනවා ද්වේෂ අගතියයි, පරාමාසකායගන්ථයයි, භය අගතියයි කියන area එකේ.
කළු පාටින් ලකුණු කර ඇති පළවෙනි පථය, අවිද්‍යාව සමඟ යෑම. වර්තමාන මොහොතේ දී සංස්කාර නිත්‍ය වශයෙන් පරාමාසගත වන්නේ, ද්වේෂ අගති ගමන හරහා ප්‍රියයන්ගෙන් වෙන් වීම පළමුව සිදු වේ. ක්ෂේත්‍ර T, ප්‍රිය වී ඇත. උපෙක්ඛාව ඇත්තේ, දෝමනස්සයට යෑම, area T ප්‍රිය වීම නොවේ.
මගේ චේතනාවන් මුදුන්පත් වන්නේ දැ යි විඤ්ඤාණයෙන් දැන ගැනීමට කැමැත්ත නැති වේ. මේ නිසා දෙවන පථය සිදු නොවේ. එතකොට අපි දන්නවා, එතන ද්වේෂ අගති, පරාමාස, භය අගති, area T. ඒකේ අනිත් පැත්ත reflection එක වගේ ගත්තොතින්, චේතනා, පරාමාස, විඤ්ඤාණ.
රතු පාටින් ලකුණු කර ඇති දෙවන පථය, මානය නිසා වන පාර, වර්තමාන මොහොත නොවේ. එතකොට, ඒකේ ඉදංසච්ච, සංස්කාර, භය අගති, අප්‍රියයන් හා එක් වීම, අප්‍රියේහි සම්ප්‍රයෝගය, එතැන සිදු වෙනවා. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පරාමාසකායගන්ථය තුළට ඇදේ. මානය නිසා භය අගති ගමන යෑම සිදු වේ. ඉන් අනතුරුව අප්‍රියයන් හා එක් වීම, අප්‍රියේහි සම්ප්‍රයෝගය පළමුව සිදු වේ. මෙහි දී සම්මා සංකල්ප 1 මෙන් මෙනෙහි කළ යුතු ය.
සතිය ඇත්තේ, ථීනමිද්ධය නිසා මෝහය ඇති වන බව දන්නේ, තව ද ථීනමිද්ධ, කුක්කුච්ච යන දෙක මගින් විචිකිච්ඡා වන බව දන්නේ, දක්නේ, පළවන පථය සිදු නොවේ.
දෙකෙළවර, එනම් පටිඝානුසයට තුඩු නොදේ, විචිකිච්ඡා අනුසයට තුඩු නොදේ, යන දෙකෙළවර නොවන්නේ, මැද නාමරූප, සෝක යන ධර්මතාවයෝ, වමේ සිට දකුණට හෝ දකුණේ සිට වමට, උඩින් හෝ යටින් ගමන් නොකරයි. නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්