ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ, උදය සූත්‍රය. උදය මානවක අහනවා, තථාගතයන් වහන්සේගෙන්. ලෝක සත්වයා කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ සත්වයාගේ විචාරණය, හැසිරීමට කරුණ කිම? කවර දහමකුගේ විශේෂ ප්‍රහාණයෙන් නිවන යැයි කියනු ලැබේ ද?
තථාගතයන් වහන්සේ දේශනා කළා. “නන්දි සංයොජනො ලොකො, විතක්කස්ස විචාරණා. තණ්හාය විප්‌පහානෙන, නිබ්‌බානං ඉති වූච්චති.” ලෝක සත්වයා නන්දිය සංයෝජන කොට ඇතියේ ය. විතර්කය ඔහුට විචාරණය වේ. ඒ තෘෂ්ණාවගේ විප්‍රහාණයෙන්, නිර්වාණ යැයි කියනු ලැබේ.
නන්දි සංයෝජනය වශයෙන් ඇති සත්වයා, නැවත ඉපදීමට කැමැත්ත ඇත්තේ, නැවතත් සංයෝජනයට තුඩු දෙන කාරණාවට අඩිතාලම තබයි. යම් ඉපදීමක් ඇති ද එහි සුඛ යැයි හැඟීම් ඇත්තේ, එය විචාරයට තුඩු දේ. සුඛ වන රූප සොයයි.
සුඛ නිසා එහි යම් තෘෂ්ණාවක් ඇති ද, සංසාර ගමන අවසන් නොවේ. මෙම විචාර ධර්මයෝ විමසීමේ දී, 26/11/2021 නිබ්බාන භාවනාව, ඒ කියන්නේ මධුපිණ්ඩික සූත්‍රය ඇසුරින් කළ භාවනාව, මෙන් විමසිය යුතු ය. මෙම තෘෂ්ණාව ඉවතලීමක් ඇති ද, එහි නිවන ඇත. මේ සඳහා අනිත්‍යයේ දුක්ඛ සඤ්ඤාව මැනවින් භාවිතා කළ යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.