ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ, උදය සූත්‍රය. ඒකේ උදය මානවක, තථාගතයන් වහන්සේගෙන් අහනවා. සති සම්පන්නව වාසය කරන්නකුගේ විඤ්ඤාණය කිසෙයින් නිරුද්ධ වෙයි ද කියලා. තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා.
“අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, වෙදනං නාභිනන්දතො. එවං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣතීති.” අධ්‍යාත්ම ලම්බනයෙන් ද, බාහිර ලම්බනයෙහි ද, උපදනා වේදනාව නොපතන, සතිමත්ව හැසිරෙන වුගේ විඤ්ඤාණය මෙසේ නිරුද්ධ වේ යැයි.
වේදනාව උපදවන පාරවල් තුනක් ප්‍රථම දාරුක්‌ඛන්‌ධොපම සූත්‍ර සටහන්වල පස් වෙනි පිටුවේ සාකච්ඡා කර ඇත. මෙම පාරවල් තුන ම අභිනන්දනා නොකළ යුතු ය. ඒ කියන්නේ ස්පර්ශ ආහාරයේ ඉඳන් වේදනාව දක්වා බාහිර ආයතනයන්ගෙන් ඇති වන ආදානය, ඊළඟට දිට්ඨි අනුසය පාර, ආධ්‍යාත්මික වූ ආයතනයන්ගෙන් ඇති වන ආදානය. ඊළඟට ඡන්ද අගති ගමනේ ඉඳන් වේදනාවට සංකල්පය කියන පාර.
24/12/2021 නිබ්බාන භාවනාව මගින් මගඵල චිත්තය නැංවෙන්නේ, එම සතිය භාවිතා කළ යුතුයි. වේදනාව නොපතයි නම්, තණ්හාව නොපතයි. තෘෂ්ණාවගේ විප්‍රහාණයෙන් නිර්වාණය වන බව සතියට ඇතුළත් වෙයි. විඤ්ඤාණය නිරෝධ වෙයි.
“විඤ්ඤාණං උපරුජ්ඣතීති.”
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්