ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, අභිඤ්ඤා වග්ගයේ, පරියේසන සූත්‍රය.
මහණෙනි, මේ අනාර්යයන්ගේ පර්යේෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්.
මහණෙනි, මෙලොව ඇතැමෙක්, තෙමේ ජරා ස්වභාව ඇතියේ ම, ජරා ස්වභාවය ම සොයයි. තෙමේ ව්‍යාධි ස්වභාව ඇතියේ ම ව්‍යාධි ස්වභාවය ම සොයයි. තෙමේ මරණ ස්වභාව ඇතියේ ම මරණ ස්වභාවය ම සොයයි. තෙමේ සංක්ලේශ, සංකිලෙසධම්‌මො කියලා පාලි භාෂාවෙන් කියනවා, ඇතියේ ම සංක්ලේශ ස්වභාවය ම සොයයි.
මහණෙනි, මේ ආර්යයන්ගේ පර්යේෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්.
මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරා ස්වභාව ඇතියේ, ජරා ස්වභාවයේ ආදීනවය දැන, ජරා රහිත අනුත්තර වූ යෝගක්ෂේම, ඒ කියන්නේ කාමාදී බැමිවලින් නිදහස් වූ නිර්වාණය සොයයි. ඒක පාලි භාෂාවෙන් කියනවා නම්,
“ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ජරාධම්‌මො සමානො ජරාධම්‌මෙ ආදීනවං විදිත්‌වා අජරං අනුත්තරං යොගක‍්ඛෙමං නිබ්බානං පරියෙසති.”
ඊළඟට පෙන්නනවා, තෙමේ ව්‍යාධි ස්වභාව ඇතියේ ම, ව්‍යාධි ස්වභාවයේ ආදීනවය දැන, ව්‍යාධි රහිත අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය සොයයි.
තෙමේ මරණ ස්වභාව ඇතියේ ම, මරණ ස්වභාවයේ ආදීනව දැන, මරණ රහිත වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය සොයයි.
තෙමේ සංක්ලේශ ස්වභාව ඇතියේ ම, සංක්ලේශ ස්වභාවයේ ආදීනව දැන, සංක්ලේශ රහිත අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය සොයයි.
එතකොට මෙතන සතර ආහාර දුක්ඛ භාවනාවෙන් පටන් ගත්තා. ස්පර්ශ ආහාර පාරේ ගිහින් ජරාව සොයයි. මනොසඤ්‌චෙතනා පාර දිගේ ගිහින් ව්‍යාධිය සොයයි. විඤ්ඤාණ ආහාර පාර දිගේ ගිහින් මරණය සොයයි. කබලිංකාර ආහාර පාර දිගේ ගිහින් ජාතිය ඇති වන්නේ නම් ක්ලේශයන් ඇති වන්නේ ය.
මෙසේ නොවීමට, අලෝභ අදෝෂ අමෝහ මාර්ගයන්ගේ ගමන් කළ යුතු ය. මෙය advanced 2 program එකේ අලෝභ අදෝෂ අමෝහ භාවනාව මෙන් විමසිය යුතු ය. එසේ හික්මෙන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 19/02/2022
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේ භාවනාව කළහම වැටහෙනවා මේ අපි ජාතියේ ඉඳන් මිච්ඡා දිට්ඨි වූයේ ජරාව කියන එක. මෙය නොවීම සඳහා අධිප්‍රඥා ශික්ෂාව අවශ්‍ය බව වැටහෙනවා. මොන ආකාරයට ද වැටහෙන්නේ, අපි දන්නවා,
A පළවෙනියට, සුතමය ප්‍රඥාව කිව්වහම සමුදය මගින් නිශ්චය කරන්නේ විද්‍යාමාන කරන්නේ දුක්ඛය ම යි.
B වශයෙන් ගත්තොත් දෙවනුව චින්තාමය ප්‍රඥාව, ඒකෙ පෙන්නනවා අස්තංගමය දන්නේ එහි යම් ධර්මයක් නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති ලෙස බැස ගැනීම.
C කියලා ගත්තොත් භාවනාමය ප්‍රඥාව, කුසලයාගේ දියුණු කිරීමක් වැඩිදියුණු කිරීමක්. ඉතින් මේක කෙටියෙන් කිව්වේ.
එතකොට දැන් අපිට පේනවා ඔය 3 සම්බන්ධයි. A වලින් B වෙනවා, B වලින් C වෙනවා. අන්න ඒක වැටහෙනවා නම් ධ්‍යාන තලයක් කරා මනස නංවන අයකු එම ධ්‍යාන තලය නෑල්ලිය යුතු බව අධිචිත්ත ශික්ෂාවේ සිට අධිප්‍රඥා ශික්ෂාව දක්වා ඒමේ දී වැටහෙනවා.
එහෙම වැටහෙනවා නම් ජාති සිට මිච්ඡා දිට්ඨි නොවිය යුතු ය යන්න අධිප්‍රඥා ශික්ෂාව මගින් පෙන්නා දෙනවා. ඉතින් එහෙම පෙන්නා දෙනවා නම් අපි දන්නවා ජරා වේදනා අසම්පජාන රේඛාව අර තණ්හාව මගින් එකතු කරන අගයන් තුන එකතු කරන්න යන්නේ නැහැ.
එතන ඒ ධර්මය බොහොම ලස්සනයි.
ඒ කියන්නේ අපි ධ්‍යානයන්, අලෝභ අදෝස අමෝහ එකේ පෙන්නනවා මේ ධ්‍යානයන් කරා ගමන් කරලා ඒක ගන්නේ නැති වෙනවා. ඒක තමයි අධිචිත්ත ශික්ෂාවේ අර්ථයන් කියන එක අපිට එහෙම පේනවා.
ඉතින් ඔය විදිහට තමන්ට පේනවා ඒක අපි අල්ලාගෙන හිටියෝතින් ඉතින් ආශ්‍රවයන් ඇති වෙනවා. මේක තේරුම් ගත්ත මනුස්සයා ජාතියේ ඉඳන් දැන් කිසිමාකාරයකින් මිච්ඡා දිට්ඨි වෙන්නේ නැහැ. ඕක දෙතුන් දෙනෙක්ගෙන් ම කියවුණා. විභව තණ්හාව ගැන කිව්වේ එතනදිත් පෙන්නුවා. මේ ආකාරයට තමන්ගේ මනස පවතිනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්