ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ, ඛන්ධ සංයුත්තයේ, උපරිපණ්ණාසකයේ, අන්ත වග්ගයේ, අන්ත සූත්‍රය.
මහණෙනි, මේ අන්ත සතරෙකි. කවර සතර ද යත්, සක්කාය අන්තය, සක්කාය සමුදය අන්තය, සක්කාය නිරෝධ අන්තය, සක්කාය නිරෝධගාමිනී පටිපදා අන්තයයි.
මහණෙනි, සක්කාය අන්තය කවර යත්, පංචඋපාදානස්කන්ධය යැයි කිව යුතු වේ. කවර පසෙක යත්, එනම් රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සඤ්ඤා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධයයි. මහණෙනි, මේ සක්කාය අන්ත යැයි කියනු ලැබේ.
දෙවෙනුවට පෙන්නනවා මහණෙනි, සක්කාය සමුදය අන්තය කවර යත්, පුනර්භවය ඇති කරන, නන්දිරාගය සහ ගිය, ඒ ඒ තැන්හි ඇල්ම ඇති කරන, යම් යම් තෘෂ්ණාවක් වේ ද එනම්, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවයි. මහණෙනි, මේ සක්කාය සමුදය අන්ත යැයි කියනු ලැබේ.
තුන් වෙනුවට පෙන්නනවා, මහණෙනි සක්කාය නිරෝධ අන්තය කවර යත්, මෙය තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාග නිරෝධයක්, දුරලීමෙක්, බැහැරලීමෙක්, මිදීමෙක්, නොඇල්මක් වේ ද මහණෙනි, මෙය සක්කාය නිරෝධ අන්ත යැයි කියනු ලැබේ.
මහණෙනි, සක්කාය නිරෝධගාමිනී පටිපදා අන්තය කවර යත්, මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධියි. මහණෙනි, මෙය සක්කාය නිරෝධගාමිනී පටිපදා අන්තය යැයි කියනු ලැබේ.
මහණෙනි මේ අන්ත සතරයි.
ඉතින් මේකෙ භාවනාව, 15/04/2012, චතුරාර්ය සත්‍ය භාවනාව, කාම තණ්හා. ඒක website එකේ තියෙන්නෙ. ඒ වගේ ම 22/04/2012, චතුරාර්ය සත්‍ය භාවනා, භව තණ්හා. ඊළඟට 27/05/2012 චතුරාර්ය සත්‍ය භාවනා විභව තණ්හා. අපි කරලා තියෙනවා.
මෙම භාවනා තුන කර, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරයි.
ඉතින් මේ භාවනාව කරන්නේ, අභිජ්ඣාවෙන් ගැට ගැසී සිටීම නිසා කාම ආශ්‍රව වන්නේ ය යන්න මෙනෙහි කළා. යමෙක් යම් වස්තුවලට ගැට ගැසීම. එහි පැවතීම ඇති නම්, ඒ නිසා කාම ආශ්‍රව වීම වන්නේ ය. එසේ ම ව්‍යාපාද කාය ග්‍රන්ථ වන්නේ, මෙම දේවල් මෙවර හරි ගියේ නැති යැයි සිතන්නේ, එනමුදු ඊළඟ භවයේ මේවා ලබා ගනී යැයි සිතන්නේ, චේතනා කරන්නේ, භව ආශ්‍රව ඇති වේ යන්න වැටහෙනවා. මෙහි යම් වරදවා වැටහීමක් වෙද්ද, දිට්ඨි ඕඝය දක්වා, එම වරදවා වැටහීම වැඩි වන්නේ, පරාමාසකායගන්ථ වීම වැටහෙන අතර, එසේ ඒ වැරදි වැටහීම් සමඟ දිට්ඨින් සහිත වූ, විඤ්ඤාණයන් වන්නේ, දිට්ඨි ආශ්‍රව වීම වැටහේ.
මෙම තුන් ධර්මයන්, එනම් අභිජ්ඣා කාය ග්‍රන්ථය, ව්‍යාපාද කාය ග්‍රන්ථය, පරාමාසකායගන්ථ වන්නේ, එහි යම් පපඤ්චයන් වැඩිදියුණු වීමක් ඇති ද, එය ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වන අතර සංස්කාර පවතී යැයි හැඟීම් ඇත්තේ, මෙය ම සත්‍ය යැයි ඉදංසච්ච අභිනිවේසය මගින් අනුමත කරන්නේ, අවිද්‍යා ආශ්‍රව වන්නේ ය, යන්න වැටහේ.
අන්න ඒ කොටසට, අර මෝහ අගති, පරිදේව, පරාමාස, සඤ්ඤා ඒ රේඛාව සිහි කරන්න ඕන.(*1) මෙසේ ගැට ගැසී සිටීම මගින්, ආශ්‍රවයන් වටහා ගන්නේ, ප්‍රමාද හෙයින් ප්‍රකාශිත නොවේ. Not shining යන්න වැටහෙනවා. ගැට ගලවා දැමීමට ප්‍රමාද වේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 26/02/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) අවසාන කොටසට ඒකෙන් අර මේ ලඟදි පෙන්නා දුන්න බුබුල කියලා, ඉතින් ඒකත් එක්ක බලනවා නම් තවත් වැටහෙනවා.