ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
28/01/2022 Brahmin Truths, බ්‍රාහ්මණ සත්‍ය භාවනාව නැවතත් කරගෙන ගියා. අඤ්ඤාතාවින්ද්රියේ කාරණා හතර ලකුණු කරන ලද රූප සටහනට මනස යොමු වුණා. ඒකෙ අපි දන්නවා, පරාමාසකායගන්ථයයි ජීවිත ඉන්ද්‍රියයි අතර, එකයි කියලා ලකුණු කරගත්තා. ජීවිත ඉන්ද්‍රියයි ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි අතර, දෙකයි කියලා ලකුණු කරගත්තා. ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි පරිදේවයයි අතර, තුනයි කියලා ලකුණු කරගත්තා. පරිදේවයයි පරාමාසකායගන්ථයයි අතර, හතරයි කියලා ලකුණු කරගත්තා.
එතකොට අඤ්ඤාතාවින්ද්රියේ කාරණා හතර. පළවෙනි එක, යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි.(*1)
ධ්‍යානයෝ නිසා කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වීම කියන එක සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේක පහ කිරීම සඳහා අපි වෑයම් කරනවා. මෙහි නැවතීම සම්පූර්ණයෙන් සාර්ථක නොවුවහොත්, එමගින් වන්නා වූ යම් චේතනාවක් වේ ද එහි බලපෑම ඉවත් කිරීමට, දෙවැනි කාරණය.
එතකොට දෙවැනි කාරණය, යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි.
මෙම කාරණය ගැන සිතීමේ දී, චේතනාවන් ඉවත් කිරීම තවදුරටත් වැටහුණා. අපි දන්නවා දිට්ඨි අනුසය හරහා රූප සුඛ යැයි පවසනවා යනු, ජාති වේදනා චේතනා රේඛාව හරහා අත්තා කරගත් සුඛය, පරාවර්තනය වීමෙන් බව. එසේ වූ පසු, අපි එම සුඛය සඳහා මැරී ඉපදීමටත් කැමති වන්නේ ය, නන්දිය. මෙම නන්දි අගය, භය අගති වේදනා රූප, හරහා පරාවර්තනය වීමෙන්, ඇති වෙන නන්දි සහගත චේතනා. එනම් මැරී ඉපදීමට කැමති වූ චේතනා, ඉවත් කිරීම මෙහි දී විමසිය යුතු ය.
පෙර ධ්‍යාන තලවල සිටි නිසා, එම කර්මයන් බලපායි. භවයේ යන විතක්කය සම්පූර්ණයෙන් නැති කර ගැනීමට නොහැකි වූවොත් ඒවා නැවතීම, දෙවැනි කාරණය, ඒ කියන්නේ යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතු වේ, යන ධර්ම කරුණු මගින් කළ යුතු ය. එනම් ධ්‍යාන තලවල බොහෝ කල් වාසය කිරීම නිසා, භව ආශ්‍රවය ඇත. එනම් ව්‍යාපාද කාය ග්‍රන්ථය නිසා වූ භව ආශ්‍රවය විසින්, නැති වූ දෙය නැවත ලබා ගනී යැයි සිතයි. එහි ආදීනව දැක, නැවත එවැනි වාසයන් සෙවීම පහ කළ යුතු ය.(*2) ආදීනව දැකීම සඳහා සමුදය අස්තංගමය බැලිය යුතු ය. එසේ අනිත්‍යභාවය දැකීම තුළින්, නිත්‍ය යන දිට්ඨි පහ කර, දිට්ඨි ආශ්‍රව ඉවත් කිරීම තුන් වෙනි ධර්ම කාරණාවේ දී සිදු කරනු ලබයි.
එතකොට තුන් වෙනි කාරණාවේ තියෙන්නෙ, යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි.
තුන් වෙනි කාරණය මගින්, දිට්ඨි ආශ්‍රව ඉවත් කිරීමට අපි උත්සාහ කරනවා. මෙතෙන්දිත් සාර්ථක නොවන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ යම් දහමක් නිසා ඇති වූ නිත්‍යභාවයක් වේ ද, එය නොදැනීමක් ඇද්ද, එයයි. උදාහරණ වශයෙන්, මේ deep space එකේ, එහෙම නැත්තන් ආකිඤ්චඤ්ඤායතනයේ ඉතා දුර ගිය අවස්ථාවල පවතින සියුම්භාවය ගන්න පුළුවන්. ඒකේ අර නිත්‍ය ස්වභාවයක් එතන වෙනවා.
මේ කොටස, කුමක reflection එකක් නිසා ද යන්න, විමසීම කළ යුතු යැයි සිතුණා. මෙය තේරුම් ගැනීමට උද්ධච්චය විමසිය යුතු යැයි, බුදුපියා පැවසුවා. මේක 28/05/2020 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කරලා තියෙනවා. Forward wave එක.(*3) ඉතින් එකේ මතක ඇති අර Diagram එකක් දුන්නා. ඒකෙ 3A, 3B, 3C කියලා triangles තුනක්. ඉතින් මේ triangle එක 3C එක, 3B වෙලා ඊට පස්සේ 3A දක්වා ගමන් කිරීම, අපි දන්නවා අර ඉදංසච්චය වටා වාමාවර්ත ව කැරකීමෙන් සිදු වෙනවා කියලා.
යම් deep space එකක යාමක් ඇති ද, රූප කෙරෙහි හැඟීම් ඇති බවක් නොදැනේ. එහි දී රූපයේ ජරාව ඉක්මවා ඇති බව හැඟේ. මෙසේ වන්නේ අනිත්‍යභාවය ගිලිහේ. නිත්‍යභාවය ඇති යැයි හැඟීම් ඇති වේ. මෙසේ උද්ධච්ච සහගත වේ. මෙසේ අශ්‍රද්ධා වන්නේ deep space එක අල්ලා ගනියි. මෙය පහ කිරීමට හැකි නම්, දිට්ඨි ආශ්‍රව ඉවත් කළ හැකි ය. එසේ නොවුවහොත්, දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව වන්නේ, නොසෙල්වෙන ධ්‍යානයන් ම අල්ලා ගනියි. නැවත භව ආශ්‍රවය ඇති වේ.
ඉතින් මේක තවදුරටත් කෙනෙක් බලනවා නම්, ඔය 12/06/2020 ඒ උපාදාන භාවනාවේ තියෙනවා, අර පෙර නිත්‍ය උද්ධච්චය ළඟ, දැන් නිත්‍යයි කියලා, ඒ ජීවිත ඉන්ද්රිය කියන තැන.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 05/03/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතකොට ඒක අපි පරාමාසකායගන්ථයයි ජීවිත ඉන්ද්‍රියයි අතර ලකුණු කරලා තියෙනවා.
(*2) ඉතින් මෙතෙන්දි කෙනෙකුට හිතන්න පුළුවන් දැන් තමන්ට මනුස්ස ජීවිතයක් තියෙන්නේ, තමන් කලින් ධ්‍යාන තලවල ඉඳලා තියෙනවා. ඉතින් මං ඒකට ආපහු යනවා කියලා. ඒක නැති උණා කියලා ඒ ගැට ගැහීම, ව්යාපාදකාය ග්‍රන්ථය.
(*3) ඒකේ අපි දන්නවා, ඒ forward Wave එක පරිදේවය පැත්තේ ඉඳන් කැරකිලා ඇවිල්ලා උද්ධච්චය දක්වා ඇවිල්ලා එතන හැදෙනවා කියලා අර පෙර නිත්‍ය, දැන් නිත්‍ය, කියන කතාව. එතකොට ඒකෙ පසු සඤ්ඤාව, දිට්ඨි ආශ්‍රවය වෙනවා.