Date: 11/02/2022 Name: Brahmin Truths 3

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

04/02/2022 Brahmin Truths 2, භාවනාව නැවතත් කරගෙන ගියා. එහි පරිදේවයයි පරාමාසකායගන්ථයයි අතර රේඛාවක් ඇඳලා එතන ලකුණු කරා, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව හෝ අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව නොවේ නම් පග්ගහ නිමිත්ත සම්පූර්ණ වන්නේ, චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස ගැනීම නිසා, පරාමාසය පිරිසිදු වේ කියලා.

මෙම කොටස කුමන reflection එකක් නිසා ද යන්න, විමසිය යුතු යැයි භාවනාවට පෙර සිතුණා. “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගන්න යැයි පැවසුවා. “තිට්ඨං නරො,” රාග වශයෙන් රත් වූයේ සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ සිටී. නානාලම්බන වශයෙන් මාන වූයේ සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ සිටී යන්න දක්වා සිහි කරගෙන ආවා. දිට්ඨි අනුසය මගින් රූපය සුඛ යැයි ස්ථිර කරන තාක් කල් රූපය ඉක්මවීම නොකරයි.

මෙසේ ම භවරාග අනුසය මගින් ස්ථීර කිරීම සමඟ, මෙම reflection එක විමසිය යුතු යැයි බුදුපියා පැවසුවා.

02/06/2017 භවරාග අනුසය භාවනාවේ දී, ඉගෙන ගත් කරුණු දෙකට සිත යොමු විය. පළවෙනියට අත්තා වශයෙන් පෙර පරාමාස වූ ධර්මයෝ, අත්තවාද උපාදානයේ බැසගෙන ඇත. මෙසේ වරක අත්තවාද උපාදාන ධර්මයෝ සනාථ කරයි. එනම් පෙර පරාමාස වූ ධර්මයෝ ම සනාථ කරයි.

දෙවනුව, දැන් රූපය නිසා පවත්නා වූ අලුත් ධර්මයන්, අවිද්‍යා අනුසය මගින් චේතනාව දක්වා ගමන් කරවන්නේ, එම ධර්මය නිසා වන අලුත් වේදනා සම්බන්ධව පවතින නිත්‍ය යන සංකල්පය මත පදනම්ව, අත්තභාව පටිලාභය සනාථ කරනු ලබයි.

එතකොට 26/02/2021 භවරාග අනුසය භාවනාවේ, ඒ රූප සටහනක් දීල තියෙනවා. ඒකේ අනුසය ධර්මයන් එහෙම ලකුණු කරලා තියෙනවා. භවරාග අනුසයත්, අර 1-1 රාගය ඉඳන් අවිද්‍යාව දක්වා රේඛාවේ ලකුණු කරලා, පෙන්වා දීලා තියෙනවා.

s_BhavaragaAnusaya.jpg

පළවෙනි කාරණය නිත්‍ය යන සංකල්පය මගින් අත්තවාද උපාදානය පෝෂණය වී ඇත්තේ, අරූප ධ්‍යාන තලවල බොහෝ කල් ගත කිරීම නිසා ය. Deep space ආස්වාදය ලෙස පැවතියේ යැයි බුදුපියා පැවසුවා.(*1)

දෙවෙනුවට දැන් රූපය නිසා මිච්ඡා ආජීවය ඇති අයෙකුට, යමක් අවශ්‍ය විට ලබා ගත හැකි යැයි මාන වන්නේ, අවිද්‍යා අනුසය මගින්, දැන් රූපය නිසා පවත්වන්නා වූ අලුත් ධර්මයන්, චේතනාව දක්වා ගමන් කරන්නේ, එම ධර්මය නිසා අලුත් වේදනා සම්බන්ධව පවතින නිත්‍ය යන සංකල්පය මත පදනම්ව, අත්තභාව පටිලාභය සනාථ කරනු ලබයි.

කාමරාග අනුසය රේඛාවත්, භවරාග අනුසය රේඛාවත්, දිගු කිරීම මගින් වන රේඛාවත්, ඒ කියන්නේ 1-1 රාග ඉඳන් අවිද්‍යාව දක්වා වූ රේඛාව, කැපෙන තැනට සිත යොමු වන්නේ, මෙම රේඛා දෙක මගින් එකිනෙකා පෝෂණය වන බව පෙනේ. එනම් භවරාග අනුසය මගින් සනාථ කරන දෙකෙළවර, අත්තවාද උපාදානය සහ අත්තභාව පටිලාභය, මගින් කාමරාග අනුසය රේඛාවේ ධර්මයන් පෝෂණය කරන බවත්, කාමරාග අනුසය රේඛාවේ මෝහය සහ නාමරූප මගින්, අනෙක් අනුසය ධර්මයන්ගේ බලපෑම සහිතව, එනම් දිට්ඨි අනුසය, අවිද්‍යා අනුසය, පටිඝ අනුසය, විචිකිච්ඡා අනුසය වැනි ධර්මයන්ගේ බලපෑම සහිතව, අත්තවාද උපාදාන ධර්මයන් සහ අත්තභාව පටිලාභ ධර්මයන් පෝෂණය කරයි යන්න වැටහේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 05/03/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) එතකොට මෙතෙන්දි කෙනෙකුට එන්න ඕන මේ picture එක, ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් අපි දන්නවා පරිදේවයට අපි D කියලා ලකුණු කරනවා. ඒක තමයි deep space කතාවේ තියෙන්නේ, එතන අරූප ධ්‍යාන. එහෙම නම් ඒ අරූප ධ්‍යානයෙන් එතන උඩට එනවා අත්තවාද උපාදානය. ඒකෙන් පහළට එනවා මෝහය කියන එකට. එතන loop එකක් වගේ තමන්ට පේන්න ඕන මේ විදිහේ දෙයක් සිද්ධ වෙනවා කියන එක.

ඊළඟට දෙවනි එක දැන් රූපය නිසා මිච්ඡා ආජීවය ඇති අයකුට යමක් අවශ්‍ය වන විට ලබා ගත හැකි යැයි මාන වන්නේ අවිද්‍යා අනුසය මගින් දැන් රූපය නිසා පවත්වන්නා වූ අලුත් ධර්මයන් චේතනාව දක්වා ගමන් කරවන්නේ එම ධර්මය නිසා අලුත් වේදනා සම්බන්ධව පවතින නිත්‍ය යන සංකල්පය මත පදනම්ව අත්තභාව පටිලාභය සනාථ කරනු ලබයි. අන්න එතැන දී ඕගොල්ලන්ට එන්න ඕන picture එකක්.

ඒ කියන්නේ අර E කොටස. ඒ කියන්නේ පරිදේවයේ ඉඳන් පරාමාසයට අපි E කියලා එතන ලකුණු කළා. එතන තමයි අර මිච්ඡා ආජීවයේ කතාව තියෙන්නේ. දැන් බලන්න ඕක දික් කළහම ඔයගොල්ලන්ට එන්නේ සඤ්ඤාවට. එතකොට ඔය සඤ්ඤාව, දැන් පරිදේව වෙච්ච සංස්කාරයන් එක්ක මෙතන තියෙන්නේ. අර bubble එක පවතිනවා කියලා හැඟීමක් තියෙනවනේ, බුබුල කියන එක. අන්න ඒක උඩ තමයි මේ සඤ්ඤාව කතාවට ආවේ. එතන සියුම්. ඒකෙන් දැන් විඤ්ඤාණය දක්වා ඉතින් ගමන් කරනවා. ඒ විඤ්ඤාණය දක්වා ගමන් කළහම එතනින් පදුට්ඨමනසඞ්කප්පය, එතනින් පරාමාසය. පරාමාසයෙන් ඊට පස්සේ අර 1-1 රාග, අත්තභාව පටිලාභය. දැන් පේනවා ද මේකේ මේ කෑලි දෙකකට කැඩිලා තියෙනවා කියලා.

එකක් තමයි අර පළවෙනි එකේ අපි පෙන්නුවා, deep space එකත් එක්ක ඒ ගමන් කළා වූ ඒ ධර්මතාවය, අත්තවාද උපාදානයට ගිහින් මෝහයට ආපු එක. මේ දෙවෙනි එකේ දී ඔයගොල්ලන්ට පේනවා අර රූප ගැන හැඟීම් ඇතිව අර ඒ සඤ්ඤාවන් ඉස්සීම කියන එක, මටත් තේ එකක් හදාගන්න පුළුවන් බඩගිනි නම් කන්න පුළුවන් ආදී වශයෙන් අන්න රූපත් එක්ක, ඉඳන් විඤ්ඤාණයට ගෙනිහිල්ලා තියෙන්නා වූ එක. දැන් ප්‍රඥාවෙන් බලපු කෙනෙකුට පේනවා, මේකෙන් ගත්තහම මුළු පරාසය ම, ඒ කියන්නේ ඕනෑ ම සතෙක් වේවා, ඒ කියන්නේ රූප සහිත දේ ද, ඊළඟට රූපය හඳුනා ගන්න බැරි තරමට වෙන්නා වූ ඒ deep space කියන දේ ද මේ මුළු භවයන් ම අපි හොයනවා කියන අර්ථය තියෙනවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාව කරලා කෙනෙක් repair කරනකොට වැටහෙන්නා වූ තව දෙයක් තියෙනවා. දැන් අපි කියනවා නේ පච්ඡා පුරේ සඤ්ඤාව කියලා, එතකොට ඒකේ දෙවෙනි කෑල්ලට යනවා නේ. යථා පච්ච තථා පුරේ සඤ්ඤාවට, මෝහය දක්වා පැමිණි සුඛ යන අර්ථය එහි උග්‍ර වන්නේ තීව්‍ර වන්නේ සංස්කාරයන් මගින් උදව් කරන්නේ මෝහය ම වැඩි වේ කියලා. යථා පච්ච තථා පුරේ. පසු වැඩි වූ මෝහය යම් සේ නම් පෙරත්. එතකොට ඒ repair භාවනාවේ A නිත්‍ය යැයි කියලා අපි ලකුණු කරලා තියෙනවා නේ පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චයට. අන්න, එසේ ය යන සඤ්ඤාව වනසනවා. ඒ කාමරාග අනුසය හරහා සඤ්ඤාව සුඛ යැයි පවසනවා.

ඒ කියන්නේ මොකක් ද ඔතන? අර අරූප ධ්‍යාන තලවල බොහෝ කල් ගත කිරීම නිසා, ඒ කියන්නේ arrow 3, deep space නිසා ඇති වූ නිත්‍යභාවය, පෙරත් එසේ ය. අර A නිත්‍ය සඤ්ඤාව ලෙස ගත යුතු ය, කියලා මේකේ වැටහෙනවා.

ඊළඟට මේ මෝහය, ඒ දෙවෙනි එක මගින් කරන ක්‍රියාවලිය, දෙවෙනි එක මගින් කරන ක්‍රියාවලිය කියලා දැන් ටිකකට ඉස්සෙල්ලා විස්තර ඇතුව පැහැදිලි කරලා දුන්නේ අර E, රූපයන් හොයනවයි කියලා, E රේඛාව දිගේ සඤ්ඤාවට ගිහිල්ලා පදුට්ඨමනසඞ්කප්පය, 1-1 රාග, අත්තභාව පටිලාභය.

එතකොට මේ විදිහට කෙනෙක් වටහා ගන්නවා නම් ඒ කියන්නේ අපි පෙන්නනවා ඒ දෙවෙනි එකත් වැටහුණා නම් රූප සිට deep space දක්වා, ඒ කියන්නේ එනම් තුනී වූ සඤ්ඤා දක්වා සිත මෙහෙයවෙනවා. මැරුණහම අන්තිමට තමන් බලනවා මේවායින් කොයි එකක හරි හිටපු එකක, රූප තලවල ඉඳන් අන්තිමට deep space එක දක්වා ඒ සඤ්ඤාවට යන්න පුළුවන් දුර දක්වා ම එයා ඒක ගෙනියනවා කියන එක. ඒක තමයි, බැලුවහම මෝහය කියන එක, අර “අවිජ්ජා හයං මහාමොහො,” කියලා කිව්වේ, ඒක පොඩි දෙයක් නෙමෙයි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Repair_bhavana2/Repair_bhavana2-02.jpg


MM_01_04_2022.jpg