ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
11/02/2022 Brahmin Truths, භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවසානයට සඳහන් කළ, භවරාග අනුසය මගින් සනාථ කරන දෙකෙළවර, අත්තවාද උපාදානය සහ අත්තභාව පටිලාභය මගින් කාමරාග අනුසය රේඛාවේ ධර්මයන් පෝෂණය කිරීම සිහි කළා.
පළවෙනිවට අරූප ධ්‍යාන තලවල බොහෝ කල් ගත කිරීම නිසා ඇති වූ අත්තවාද උපාදානය, ඒකෙන් මෝහය.(*1) දෙවනුව පේනවා නිත්‍ය යන සංකල්පයට ඇලීම නිසා කාමය, සංකප්ප රාගො පුරිසස්ස කාමො, මේ විදිහට ඒක වටහා ගන්න පුළුවන්.
ඊළඟට කාමරාග අනුසය රේඛාවේ මෝහය සහ නාමරූප මගින් අනෙක් අනුසය ධර්මයන්ගේ බලපෑම සහිතව එනම් දිට්ඨි අනුසය, අවිද්‍යා අනුසය, පටිඝ අනුසය, විචිකිච්ඡා අනුසය වැනි ධර්මයන්ගේ බලපෑම සහිතව, අත්තවාද උපාදාන ධර්මයන් සහ අත්තභාව පටිලාභ ධර්මයන් පෝෂණය කරයි යන්නට සිත යොමු කළා. මෙය තණ්හාව මගින් කරන ක්‍රියාවලිය ලෙස බැලිය යුතු යැයි, බුදුපියා පැවැසුවා.
එතකොට 10/08/2015 වේදනා පච්චයා තණ්හා භාවනාවේ දී රූප සටහනක් දීලා තියෙනවා. ඒකෙ අපි දන්නවා, 1 අවිද්‍යාව එතනින් පහළට, මෝහය. 2 සඤ්ඤාව, 3 ජාතිය. ඒ වගේ ම roman ඉලක්කම්වලින් දාලා තියෙනවා, i අප්‍රියේහි සම්ප්‍රයෝගය, ii සුභ, iii උපායාසය, කියලා.
කාමරාග අනුසය රේඛාවේ මෝහය සිහි කළා. 1 අවිද්‍යාව ඒකෙන් මෝහය. නිත්‍ය සංකල්පය ඉදංසච්චගත වීමෙන් පපඤ්චයන් මගින් පෙන්වන මුසාව, පවතී යැයි සත්‍ය යැයි ගනී. නලියන ස්වභාවය ඇති බුබුලක් ලෙස වටහා ගත යුතුයි. බුබුල live ලෙස සිතන්න.(*2) නිත්‍ය සංකල්පය ඉදංසච්චගත වීමෙන් ඇති වූ අත්ත සඤ්ඤාවේ පසු සඤ්ඤාව, අවිද්‍යා ආශ්‍රව බව අපි දනිමු. මෙයින් මෝහය ඇති වන්නේ, අත්තා යන්න ම උඩු දුවයි. එය ම ඔසවයි. යම් සඤ්ඤාවක් අත්තා යන්නට, පෙර තුඩු දුන්නා ද එය පසුපස යයි. මෙයට උදව් උපකාර වන්නේ මෝහ සල්ලයෙන් කැරකවීම ය.
මෙසේ විඤ්ඤාණ පච්චයෙන් නාමරූප යන රැල්ල, දකුණේ සිට වමට. ඒක මගින් 1 අත්තා යන ධර්මය ක්‍රියාත්මක වන්නේ, භය අගති දක්වා ගමන් කරයි. භය අගති සිට අප්‍රියේහි සම්ප්‍රයෝගය වන්නේ, ප්‍රිය දෙයක් ඇති යැයි සිතා, පෙර තිබුණා වූ දෙය, පුනපුනා සොයයි.(*3) එය පවතිනවා (*4) යන මිච්ඡා දිට්ඨිය, අවිද්‍යා ආශ්‍රව වන විට ඇති වී ඇත්තේ ය. මෝහ සල්ලයෙන් කරකවන විට pump එක මෙන් වැඩ කරයි. පීඩනයක් සහිතව එනම් pressure එකක් ඇතිව, ප්‍රිය දෙය සොයයි. මෙසේ ජාති දක්වා ගමන් කිරීම 10/08/2015 වේදනා පච්චයා තණ්හා භාවනාව මෙන් වටහා ගත යුතුයි. මෙහි යම් ස්ථාවරයක් ඇති ද, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨි අගය උපායාස දක්වා ගමන් කර ඇත්තේ, විඤ්ඤාණ ධාරාව ගැලීමට සලස්වයි, උල්පත විවෘත කරයි.(*5) ජරාව ඇති බවක් වටහා ගත නොහැකි තත්වයට සිත පත් වීම, මෝහය මගින් වැසීම නිසා ම සිදු විය. මෙසේ තණ්හා මගින්, සඤ්ඤා වේදනා සමඟ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ එකතු කර, දෙවැනි රැල්ල සාදයි. මෙම රැලි දෙකේ එකතුව අත්තවාද උපාදානයට තුඩු දෙයි.
ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මෙම භාවනාව කරන්නේ, සඤ්ඤාව මිරිඟුවක් යන්න හොඳින් වැටහේ. බුබුල නොපවතින දෙයකි. එසේ ම සඤ්ඤාව නොපවතින දෙයකි.(*6) හුස්ම ගන්නතාක් කල් ජීවත් වෙනවා යැයි සත්වයෝ සිතයි. නැවතත් පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පැවසීම මනා කොට වැටහෙනවා. බිඳෙන බුබුල මගින් සඤ්ඤාව සුඛ යැයි පවසයි.(*7)
තුන් වෙනුව පේනවා, ඔය විඤ්ඤාණ ආහාර පාරේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය දක්වා ම බැලුවොතින්, විඤ්ඤාණයේ ඉඳන් වම් පැත්තට අත්තා. ඉදංසච්චයේ ඉඳන් වම් පැත්තට සුභයි කියලා එනවා. අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවය පැත්තට සුඛයි කියලා එනවා. අවිද්‍යා ආශ්‍රව ඉඳන් දිට්ඨි ආශ්‍රවයට නිත්‍යයි කියන එක එනවා.
ඊළඟට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් මිච්ඡා දිට්ඨිය වම් පැත්තට එනවා, ජාතිය පැත්තට.(*8) ඉතින් මේ අවස්ථාවේ දී, අත්තා සහ මිච්ඡා දිට්ඨිය අතර වෙනස කුමක් දැ යි බුදුපියාගෙන් ඇසුවා. අත්තාට මාන වීමෙන් මිච්ඡා දිට්ඨිය වන බව බුදුපියා පැවසුවා.
ඒක තමයි භාවනාව.
සාකච්ඡාව 12/03/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතනට අපිට පේනවා ඉදංසච්චයේ ඉඳන් පරිදේවය දක්වා යන්නා වූ රේඛාවේ අපි ලකුණු කරලා තියෙනවා D කියලා. ඒ වගේ ම number 3 කියලා දාල තියෙනවා අර ආශ්‍රව සම්බන්ධයෙන් ලකුණු කරපු එක. ඉතින් එතන ඒ deep space ඒ අරූප ධ්‍යාන, ඒකෙන් අත්තවාද උපාදානය, එතනින් පහළට මෝහය දක්වා එනවා කියන එක පේනවා.
(*2) ඒක හරි වැදගත් ඒ විදියට බලන එක.
(*3) ඉතින් මෙතන කෙනෙකුට පේනවා picture එක වගේ, ඒ විඤ්ඤාණ ආහාරය වම් පැත්තට මනොසඤ්‌චෙතනාව. එතන අර 1 අත්තා කියන පළවෙනි රැල්ල. එතනින් පහළට පරාමාසකායගන්ථය, එතනින් පහළට භය අගතිය, එතනින් පහළට අප්‍රියේහි සම්ප්‍රයෝගය. ඒ picture එක මනසට එන්න ඕන.
(*4) ඒ කියන්නේ ප්‍රිය දෙය.
(*5) එතකොට මෙතන කෙනෙක් කල්පනා කරන්න ඕන, මේක එහෙම නම් උල්පත විවෘත කරනවා කියන එක නිකන් නෙමෙයි, අර උඩින් විඤ්ඤාණයේ ඉඳන් 1 අත්තා කියලා ඇවිල්ලා අර පහළට අප්‍රියේහි සම්ප්‍රයෝගය දක්වා ඇවිල්ලා, ඒ විඤ්ඤාණ ධාරාව ගලලා තමයි මේ උල්පත විවෘත කිරීම කියන එක සිද්ධ වන්නේ. එතකොට ඒක වටහා ගන්නවා කියන එක වැදගත්.
(*6) ඉතින් ඒක වටහා ගන්න කෙනෙක් කල්පනා කරන්න ඕන අර කාමරාග අනුසයෙන් මේ පැත්ත සඤ්ඤාව සුඛයි කියනවා. මේ බුබුල දිහා බලලා තමයි මේක කියන්නේ.
(*7) බුබුල නලියනවා. ඒක බිඳෙනවා. බිඳුණහම ඒකට තුඩු දෙන්නා වූ සඤ්ඤාව කෙනෙක් සුඛයි කියලා කියනවා.
(*8) ඉතින් ඔයගොල්ලෝ දන්නවා වමේ තියෙන්නේ ජාතිය, ජාතියේ ඉඳන් අපහු මිච්ඡා දිට්ඨි උණාහම ජරාව.