ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ, ඛන්ධ සංයුත්තයේ, නකුලපිතු වග්ගයේ, දෙවැනි උපාදාපරිතස්සනා සූත්‍රය.
මහණෙනි, තොපට උපාදාපරිතස්සනාව ද අනුපාදාඅපරිතස්සනාව ද දේශනා කරන්නෙමි, එය අසවු. මහණෙනි, උපාදාපරිතස්සනා කිසෙයින් වේ ය යත්.
මහණෙනි, මෙලොව අශ්‍රැතවත් පෘථග්ජන, රූපය මගේ ය. ඒ කියන්නේ රූපය මගේ ය (this is mine, එතං මම), මෙය මම වෙමි (this I am, එසො හමස්මි), මෙය තමා වෙමි (this is my self, එසො මෙ අත්තාති). ඔහුගේ ඒ රූපය පෙරළෙයි. අන් අයුරු වෙයි. රූපයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන්, ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති. වේදනාව, සඤ්ඤාව, සංස්කාරය, විඤ්ඤාණය, මෙය මගේ ය, මෙය මම වෙමි, මෙය තමා වෙමියි දකී. ඔහුගේ ඒ විඤ්ඤාණය පෙරළේ. අන් අයුරු වෙයි. ඔහුට විඤ්ඤාණයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන්, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති. මහණෙනි, මෙසෙයින් උපාදාපරිතස්සනා වෙයි.
මහණෙනි, කිසෙයින් අනුපාදාඅපරිතස්සනා වේ ය යත්. මහණෙනි, මෙලොව ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක, රූපය මෙය මගේ නොවේ ය, මෙය මම නොවෙමි, මෙය තමා නොවෙමි. රූපං නෙතං මම, නෙසො හමස්මි, න මෙසො අත්තාති, සමනුපස්සති. මේ විදිහට දකිනවා.
ඔහුගේ ඒ රූපය පෙරළෙයි. අන් අයුරු වෙයි. ඔහුට රූපයාගේ විපරිණාම අන්‍යථාභාව හේතුවෙන්, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිත්. වේදනාව, සඤ්ඤාව, සංස්කාරය, විඤ්ඤාණය මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය තමා නොවෙමි යි දකී. ඔහුට විඤ්ඤාණයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිත්. මහණෙනි, මෙසෙයින් (*1) අනුපාදාඅපරිතස්සනා වේ යැයි.
එතකොට මේ භාවනාව සඳහා විඤ්ඤාණ ධාරාව diagram එක, 14/01/2015 භාවනාවේදි දීලා තියෙනවා, භාවිතා කරන්න යැයි බුදුපියා පැවසුවා. ඒකේ ඔයගොල්ලෝ දන්නවා, අර line 9 එනවා, ව්‍යාධියේ ඉඳන් (*2) ප්‍රියයන්ගේ විප්‍රයෝගයට එතනින් අපි එනවා ජාතියට. එතන මිච්ඡා දිට්ඨි අගය. අප්‍රියයන් හා එක් වීම අප්‍රියේහි සම්ප්‍රයෝග. එතන සඤ්ඤාවේ ජරා අගය එහෙම තියෙනවා.(*3) ඒකෙන් ජරාව කියන තැනට ආවා. එතනින් අපි උපායාසයට එනවා.
එතකොට පළවෙනි කාරණය. මෙය මගේ ය (this is mine, එතං මම), ඒක යම් පිච්චං න ලභති තම්පි දුක්ඛ ලෙස ගන්න යැයි බුදුපියා පැවසුවා.
දෙක, මෙය මම වෙමි (this I am, එසො හමස්මි), මුළු විඤ්ඤාණ ධාරාව ලෙස ගන්න යැයි පැවසුවා.
තුන් වෙනුවට, මෙය තමා වෙමි (this is myself, එසො මෙ අත්තාති) මෙම ධර්ම කොටස විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යන රැල්ල දකුණේ සිට වමට, ඒක මගින් 1 අත්තා. ඊළඟට නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය යන රැල්ල, වමේ සිට දකුණට, ඒක මගින් 2 අත්තා. ඒක ඔය 10/09/2021 නිබ්බාන භාවනාවේ තියෙනවා. එතකොට 1 සහ 2 අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය ගත යුතු යැයි වැටහුණා.
පළවෙනි කාරණාව, යං පිච්චං න ලභති තම්පි දුක්ඛය සිහි කළා. ව්‍යාධියට පත් වෙන පුද්ගලයා කල්පනා කරනවා, අනේ අපි ව්‍යාධියට පත් වෙන්නේ නැත්නම් කියලා. ජාතිය තියෙනවා නම්, ජරා ව්‍යාධි ඇති වෙනවා. එතකොට මේ ව්‍යාධිය නේ ද අපි මගේ ය, එතං මම, this is mine. කියලා අරගෙන තියෙන්නේ.(*4) මේ විදිහට යම් පිච්චං න ලභති තම්පි දුක්ඛයේ ඉතුරු කාරණා සිහි කළා.(*5)
දෙවැනි කාරණාව, මෙය මම වෙමි (එසො හමස්මි, this I am). මුළු විඤ්ඤාණ ධාරාව ම සිහි කළා. ව්‍යාධිය ප්‍රියේහි විප්‍රයෝග ජාතිය. මේ විදිහට odd path, සහ even path සිහි කර, රූප දක්වා සල්ලය මගින් ගෙන යෑම. එතනින් විඤ්ඤාණ. ඉන් අනතුරුව යම් පිච්චං න ලභති තම්පි දුක්ඛය, දුක්ඛ පොදිය ම, මම වෙමි ලෙස ගෙන ඇත.
තුන් වෙනි කාරණාව, තමා වෙමි (එසො මෙ අත්තාති, this is myself). 1 සහ 2 රැලි එකතු වීම, අත්තවාද උපාදානයට තුඩු දෙන බව, 18/02/2022, Brahmin Truths 4 භාවනාවෙදි ඉගෙන ගතිමු. අත්තවාද උපාදාන වූයේ, එහි ප්‍රතිඵලය යම් පිච්චං න ලභති තම්පි දුක්ඛය වන බව සිහි කරන්නේ, සමාධිය උග්‍ර වේ.
එක, මගේ ය (this is mine, එතං මම) කියන කාරණාව මගින් තුන් වෙනි කාරණාව, මෙය තමා වෙමි (this is myself, එසො මෙ අත්තාති) වන බව වැටහුණා. ඒකෙන් දෙවැනි කාරණාව, මෙය මම වෙමි (this I am, එසො හමස්මි) වන බවත් ඒකෙන්, පළවන කාරණාව වන බවත් වැටහුණා. එතකොට මේකෙන්, ඔයගොල්ලන්ට diagram එකක් වගේ හදාගන්න පුළුවන්.
1 යම් පිච්චං න ලභති තම්පි දුක්ඛය. එතන යටින් ලියාගන්න පුළුවන් එතං මම කියලා. ඊට පස්සේ arrow එකක් ඇඳලා, තණ්හාව කියලා දාලා. ඒ arrow එකෙන් යනවා තුන් වෙනි කාරණාවට, ඒ කියන්නේ 1 සහ 2 අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය, එසො මේ අත්තා. එතකොට ඊළඟට තව arrow එකක්, ඔය තුන් වෙනි කාරණාවෙන් පහළට දාන්න පුළුවන් 2 සෝකය කියන තැනට. ඒ arrow එකට ලියාගන්න පුළුවන් පදුට්ඨමනසඞ්කප්පය. එතකොට ඒ සෝකය යටින් ලියාගන්න පුළුවන් එසො හමස්මි, විඤ්ඤාණ ධාරාව. එතකොට එතනින් තව arrow එකක් දාන්න පුළුවන් 2 කේ ඉඳන් 1 ට. ඒ arrow එකට දාන්න පුළුවන් විඤ්ඤාණ ධාරාව කියලා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 12/03/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) තණ්හා මාන දිට්ඨි වශයෙන් නොගත් හෙයින්
(*2) අපි අර odd path එක.
(*3) එතකොට even path එකේ.
(*4) ඒ කියන්නේ අපි අරගෙන තියෙන දේවල් අන්තිමට ගත්තහම ඔක්කොම, මේ යං පිච්චං න ලභති තම්පි දුක්ඛය. ඒක වෙනත් ආකාරයකට ම නේ සිද්ධ වෙන්නේ. ඉතින් හරි ලස්සනයි. රහතන් වහන්සේ යං පිච්චං න ලභති තම්පි දුක්ඛය කියලා ගන්න කිව්ව එක පළවෙනි කාරණාව, එතං මම. අපි ගත්ත ඒවා ඔක්කොම පෙරළිලා තියෙන්නේ ඔන්න ඔතෙන්ට. එතකොට අනේ මෙහෙම නොවෙනවා නම් කියන එක තමයි දැන් ඉතින් කියන්නේ. අනේ මේ virus එක නැත්නම් අනේ මේ යුද්ධ නැත්නම් ආදී වශයෙන් නේ හිතන්නේ නේ ද?
(*5) ඉතින් මේක හරි ගැඹුරුයි එතන ඒ භාවනාව. කෙනෙකුට බොහොම සැරට කරන්න පුළුවන් භාවනාවක්. එතන ම පුදුමාකාර විදිහට විමුක්ති ස්වභාවය ඉතින් ඒක ඇති වෙනවා. ඕක ඉතින් අපි දවස් හතරේ වැඩසටහනේ හොඳට පෙන්නලා දීලා තියෙනවා හිතන්න කාරණා ඇතුව ඉතුරු කරලා.