Date: 04/03/2022 Name: Anupaada Aparitassa

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

25/02/2022 උපාදාන පරිතස්සනා භාවනාව නැවතත් කරගෙන ගියා. අද විමසා බැලුවේ, වේදනාව මගේ ය (එතං මම), මෙය මම වෙමි (එසො හමස්මි), මෙය තමා වෙමි (එසො මේ අත්තාති) යනුවෙන් ගැනීමයි.

වේදනාව සඤ්ඤාවෙන් හඳුනා ගනියි. එහි යම් තණ්හාවක් වේ ද, චේතනා ඇති වන්නේ ය. සඤ්ඤා අගය පරාමාසගත වන්නේ ය. අත්තා 1 සහ අත්තා 2 මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය බවට පෙරළෙන්නේ නම්, විඤ්ඤාණ සෑදීම වැළකිය නොහැකි ය. ඒ විඤ්ඤාණය සෑදෙන්නේ වේදනාව හඳුනයි. දැන ගනියි. Perceived and known. එහි යම් නිශ්චිත ස්වභාවයක් ඇති ද එය ම ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වෙයි. එනම් එය එසේ යැයි නිශ්චිත ය. ඒක decision කියලා කියනවා. එහෙම නැත්තන් පාලි භාෂාවෙන් අධිමොක්ඛො කියලා කියනවා. සුඛ යැයි නිශ්චිත ය. දුක යැයි නිශ්චිත ය. අදුක්ඛමසුඛ වේදනා යැයි නිශ්චිත ය.

තණ්හා පච්චයා අධිමොක්ඛො යනුවෙන් අභිධර්ම පිටකයේ පටිච්චසමුප්පාද විභංගයේ අකුසල නිර්දේශයේ පෙන්නනවා. එනම් තෘෂ්ණා ප්‍රත්‍යයෙන්, අධිමෝක්‍ෂ අරමුණෙහි නිශ්චයක් ඇති වෙනවා. මෙසේ පපඤ්චයන්ගේ වැඩිදියුණු වීමක් ඇති ද, වේදනාව අළලා උඩින් ඇති වන විඤ්ඤාණ ධාරාව, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කරා ගමන් කරයි. දුක්ඛ ගමන මඟ නොහැරෙයි. අධිමොක්ඛ පච්චයා භවො කියලා, ඒ විභංගයේ පෙන්නනවා. අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වේ.

මෙහි ආදීනවය දත යුතු ය. තමා උරුම කරගෙන ඇති මේ දුක් පොදිය, බිම තැබීම සඳහා කුමක් සම්පාදනය කළ යුතු ද? විද්‍යාව ද විමුක්තිය ද යන දෙකයි. විද්‍යාව කෙසේ සම්පාදනය වෙයි ද? විමුක්ති ඥානයෙන් ය. විමුක්ති ඥානය කෙසේ සම්පාදනය වෙයි ද? සම්මා සමාධියෙනි. සම්මා සමාධිය වැඩිය යුතු ය. බහුල කළ යුතු ය.

මේ සඳහා 20/03/2015 සම්මා ඥාන භාවනාව භාවිතා කළ හැකි ය. පාරිසුද්ධිපධානියඞ්ග භාවිතා කර සබ්බාසව එකේ star එකට එළඹෙන්නේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය ඇති තැන, සතිය පිහිටුවන්න. 1 සහ 2 රැලි, මෙහි ප්‍රඥාව පිහිටුවන්න. සෝකය, මෙහි සමාධිය පිහිටුවන්න.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 02/04/2022

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාව බොහොම practical. මේක මේ අපි වේදනාවෙන් එහෙම ඇවිල්ලා සුඛ යැයි නිශ්චිත ය. දුක යැයි නිශ්චිත ය. අදුක්ඛමසුඛ වේදනා යැයි නිශ්චිත ය. ඒක නොකරන්නේ සමාධිය ඇති වෙනවා. සිත විශාල වෙලා නතර වෙනවා. එතකොට එතන එහෙම ඉන්න පුළුවන් ඒ විදිහට.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-09.jpg