Date: 18/03/2022 Name: Adhimokkha

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

04/03/2022 අනුපාද අපරිතස්ස භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ විඤ්ඤාණය සෑදෙන්නේ වේදනාව හඳුනයි. දැන ගනියි. එහි යම් නිශ්චිත ස්වභාවයක් ඇති ද එය ම ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වෙයි. එනම් එය එසේ යැයි නිශ්චිත ය, decision, අධිමොක්ඛ. සුඛ යැයි නිශ්චිත ය, දුක යැයි නිශ්චිත ය, අදුක්ඛමසුඛ වේදනා යැයි නිශ්චිත ය, යන ධර්ම කරුණට සිත යොමු වුණා.

පාරිසුද්ධිපධානියඞ්ග භාවිතා කර star එකට එළඹෙන්නේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය ඇති තැන සතිය පිහිටවන්න, 1 සහ 2 රැලි, මෙහි ප්‍රඥාව පිහිටවන්න, සෝකය, මෙහි සමාධිය පිහිටවන්න යන කාරණාව දක්වා මෙනෙහි කළා.

සබ්බාසව සූත්‍ර සටහන් 3 හි පිරමිඩයට සිත යොමු වුණා. ඒ පිරමිඩ් එකේ ඔයගොල්ලෝ දන්නවා අර කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. ඒක ඇතුළේ අපි ලියාගන්නවා triangle එක, වේදනා, පරාමාස, භය අගති කියලා. එතකොට සතිය, කාම ආශ්‍රව දිට්ඨි ආශ්‍රව අතර. ප්‍රඥාව, දිට්ඨි ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව අතර. සමාධිය, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව අතර.

MM_18_03_2022_Asrava.jpg

එහි සතිය සිහි කළා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අස්තංගමෝ. ඉති වේදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අස්තංගමෝ. වේදනාව, සුඛ දුක්ඛ අදුක්ඛමසුඛ වේදනා යැයි, තණ්හාව මගින් මෙහෙයවීම නිසා, නිශ්චිත අධිමොක්ඛ කරන්නේ ඇති වන්නේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය ම යැයි සිහි කරන්නේ, සතිය උග්‍ර විය. තීව්‍ර විය. එය එසේ ය තීරණය නොකළ යුතු යැයි, ඉහළ ම වූ සතිය පැවැත්විය. එසේ තීරණය නොකරන්නේ, අලෝභ අදෝෂ අමෝහ වේ, යන්න වැටහෙනවා. “Excellent” යැයි ඇසුණා.

එහි ප්‍රඥාව සිහි කළා. ප්‍රඥාව මගින් 1 සහ 2 රැලි සෑදීම නවත්වන්නේ, විමුක්තියට සිත නැංවීම සිදු වේ. සමාධිය ඇත්තේ විමුක්ති සහගතව සිටී. එනම් මිදී සිටීම. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේ භාවනාව කරන්නේ, අපි A කියලා ලියාගත්තොත් තණ්හා පච්චයා උපාදාන. B කියලා ලියාගත්තොත් තණ්හා පච්චයා අධිමොක්ඛ. එතකොට මේ A කාරණාවේ දී අපි වේදනානුපස්සනාව බැලුවොත්, එතන අපි උපාදානය, සීලබ්බත උපාදානය. එතකොට මෙතෙන්දි අත්තා ඉඳන් නිත්‍යට යනවා. Torch එක අල්ලනවා. ඒ කියන්නේ චේතනා පරාමාස අතර අත්තා, විඤ්ඤාණ ඉදංසච්ච අතර නිත්‍ය. අත්තා ඉඳන් නිත්‍යට torch එක අල්ලනවා, අපි ඒ special එකේ, ඕක සාකච්ඡා කරලා තියෙනවා. මෙම නිත්‍ය යන අදහස පදුට්ඨමනසඞ්කප්පයට පසුව ය.

ඊළඟට B,(*1) කෙනෙකුට ලියාගන්න පුළුවන් චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට arrow එකක් දාලා. ඒ arrow එක උඩින් දැන් නිත්‍යයි කියලා ලියාගන්න පුළුවන්. විඤ්ඤාණ ළඟ, වරහනක් ඇතුළේ අධිමොක්ඛ කියලා ලියාගන්න පුළුවන්. මෙහි දී විඤ්ඤාණයෙන් දැන තීරණය කරන්නේ, එය පදුට්ඨමනසඞ්කප්පයට තුඩු දේ. එනම් නිත්‍යභාවයට තුඩු දේ. එය දැන් නිත්‍ය ලෙස ගත හැකි ය. මෙය පදුට්ඨමනසඞ්කප්පයට පෙර ය. මෙයට විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨියේ ස්ථිර කිරීම බලපා ඇත යනුවෙන් A සහ B වෙනස වටහා ගත හැකි ය.

ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 09/04/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) දෙවෙනි කාරණය කිව්වාට ඒකේ order එකක් නැහැ. පළවෙනි කාරණය දෙවෙනි කාරණය කියලා, කාරණා දෙකක් කියන එකයි මේ පෙන්නන්නේ.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකේ තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට ඉගෙන ගන්නවා සංස්කාර අධිමොක්ඛය කියන එක එහෙම. ඔතන ඔය දෙවනියට කිව්ව කාරණය සංස්කාර අධිමොක්ඛය එහෙම සිදු වෙලා තමයි ඒ විදිහට විචිකිච්ඡාවෙන් support කරලා ඒක සිද්ධ වන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

UpaadaanaParitassana.jpg