ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
18/03/2022 අධිමොක්ඛ භාවනාව නැවතත් කරගෙන ගියා. අද විමසා බැලුවේ සඤ්ඤාව මගේ ය, එතං මම. මෙය මම වෙමි, එසො හමස්මි. මෙය තමා වෙමි, එසො මෙ අත්තාති. යනුවෙන් ගැනීම.
සඤ්ඤාව නිසා ඇති වන අධිමොක්ඛ විමසිය යුතු යැයි, භාවනාවට පෙර සිතුණා. සඤ්ඤාව නිසා ඇති වන අධිමොක්ඛ සඳහා, 50% පාර, පකප්ප පාර විමසිය යුතු යැයි, බුදුපියා පැවසුවා. ඒ කියන්නේ අපි දන්නවා ජාති වේදනා චේතනා රේඛාව. එතකොට ජාති වේදනා අතර අපි පකප්ප කියන එක ලකුණු කරනවා.
මෙහි රූප ගැන හැඟීම නැත. තිබුණත් යන්තමිනි. වරෙක සඤ්ඤාවෙන් දැන ගත නොහැකි තත්වයට පත්ව ඇත. උදාහරණ වශයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ගත හැකි ය. දැන ගත නොහැකි නම් කෙසේ තීරණය කරයි ද? මෙහි දී චේතනාව විමසිය යුතු ය. වේදනාව හා සම්බන්ධ වූ අගය, චේතනාව දක්වා තණ්හාවෙන් ගෙන ගොස් ඇත.
රූපය නිසා දැන් පවත්නා අගය, තණ්හාව මගින් නිරූපණය කරයි. Represent කරනවා. හුවා දක්වයි. විඤ්ඤාණයේ තිබූ අගය, තුනී වී ඇතත්, ධාරාව මගින් එහි සියුම් වූ සඤ්ඤා සමඟ සසඳා බලයි. ඉතින් මේ වෙලාවෙදි,
“සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තො, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.” කියන ගාථාව සිහි විය.
ඒක 26/08/2017 නිබ්බාන භාවනාවේ දී, අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒකට අපි ඒ diagram එකකුත් දෙනවා.
එතකොට ඔය නාමකායේ දැන් තියෙන අගය, මෙලොව අගය අපි චේතනාවයි, ඒ ජීවිත ඉන්ද්‍රියයි අතර ලකුණු කරගන්නවා.
සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, කියන එක සඤ්ඤාව තියෙන තැන ලකුණු කරනවා. නාසීසතී ලොකමිමං පරඤ්‌ච කියලා විඤ්ඤාණයට යටින් ලකුණු කරගන්නවා.
විඤ්ඤාණය නිසා වන පරලොව අගය, පරාමාසකායගන්ථයයි සෝකයයි අතර ලකුණු කරගන්නවා.
අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තො කියන එක, පරාමාසකායගන්ථයයි භය අගතියයි අතර ලකුණු වෙනවා. පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො කියන එක, මෝහ අගති ගමනයි, පරිදේවය දක්වා තියෙන ඒ රේඛාවේ ලකුණු වෙනවා.
එතකොට මෙතන දී හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. ගෙදර තියන පරණ බනියාව විසි කිරීම. බනියාගෙන් වෙන් වීම, එම රූපයෙන් ඉවත් වීම, තණ්හාව මගින් නිරූපණය කරයි. රූපයෙන් ඉවත් වීම මෙනි. විභව තණ්හා. තම දරුවන් කුඩා කළ බනියා සෙනෙහසක් මෙන් වූවා යන හැඟීම, විඤ්ඤාණ ධාරාව තුළ ඇත. භවය පැවැත්වීම සඳහා ඒ කියන්නේ තණ්හාව පැවැත්වීම සඳහා, එම රූපයෙන් වෙන් වීම සඳහා තීරණය කරයි. අධිමොක්ඛ.
මෙම තීරණයට අනතුරුව, පදුට්ඨමනසඞ්කප්පය ඇති වේ. ඉතින් මෙතන දී, බනියා කවුද යන්න, තමා ම සිතා බැලිය යුතුයි.
යම් පිච්චං න ලභති තම්පි දුක්ඛය තුළ ඇත්තේ, මෙම ධර්මයෝ ම නේ ද? ජරාවට පත් වූ බනියා, දැන් භවය පවත්වන්න අවශ්‍ය නොවන බනියා, උරුම කරගෙන ඇති අපි, එසේ බනියා උරුම නොවන්නේ නම් යැයි සිතයි. මෙය ඉහළ ම වූ ලෙස, යම් පිච්චං න ලභති තම්පි දුක්ඛය මෙනෙහි කිරීම ය.
මණ්ඩලාධිපති බුදුපියා මෙම ධර්මයෝ දන්නා වූ ශ්‍රේෂ්ඨතම බුදුපියා යැයි සිහි විය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 09/04/2022
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේ භාවනාවේ, දැන් බලන්න අපි කාරණාවන් කිව්වා. ඒකෙ වේදනා හා සම්බන්ධ වූ අගය චේතනාව දක්වා තණ්හාවෙන් ගෙන ගොස් ඇත. රූපය නිසා දැන් පවත්නා අගය තණ්හාව මගින් නිරූපණය කරයි. ඒ වගේ ම දෙවනියට ඔයගොල්ලන්ට එනවා පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො කියන එක. එතකොට ලේප කියන්නේ, තෘෂ්ණා ලේප දිට්ඨි ලේප කියලා ලේප දෙකක් තියෙනවා. ඒක අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා අර භාවනාවේ. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් මෙපමණකට මගේ. මගේ යන දිට්ඨිය. දිට්ඨි ලේප, ආදී ලෙස නොඇලී සිටින්නේ, ඒ කියන්නේ මගේ කියලා ඇලෙන්නේ නැත්නම්, අලුතින්, ඒ කියන්නේ අපි මේකට ඇලුණොතින් වන ප්‍රතිඵලය මොකක් ද, සෝක බව දන්නේ නාමරූප ළඟ දී තණ්හා නොවී සිටිය හැකි ය. නාමරූප ඉඳන් විඤ්ඤාණ හෝ විඤ්ඤාණ සිට නාමරූප හරි වෙන්නේ නැහැ.
එතෙන්දී බැලුවහම ඉතින් මේක බොහොම ලස්සන තැනක්. එතන අර diagram එකේ ඔයගොල්ලෝ දන්නවා වේදනා චේතනා අතර නාමරූප එතනට අපි අර curve arrow එකක් දානවා තණ්හාව, ඒ නාමරූප යට කෙළින් ම සෝකය. ඉතින් ඕකත් එක්ක ඔයගොල්ලෝ දන්නවා අපි අර 1 යම් පිච්චං න ලභති තම්පි දුක්ඛය, ඊළඟට තණ්හාවෙන් යනවා 3, 1 සහ 2 අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය. පහළ පදුට්ඨමනසඞ්කප්ප line එක හරහා ඔයගොල්ලෝ එනවා සෝකය කියන එකට. ඉතින් අර diagram එකෙයි මේ diagram එකයි ඔයගොල්ලන්ට දැන් සම්බන්ධ වෙලා වගේ පේනවා නේ. එතන අර සෝකය තමයි මේකේ ප්‍රතිඵලය හැටියට තියෙන්නේ කියන එක.
ඉතින් මෙතන, ඒ කියන්න තමන්ට පුළුවන්කම තියෙනවා අර තණ්හා නොවී ඉන්න කියන එක. ඒක හරි ලස්සනයි. බලන්න මේ භාවනාවෙන් එතරම් දේකට එනවා.
හැබැයි ඉතින් මේක දැන් මෙහෙම කිව්වට ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ සංස්කාර අධිමොක්ඛ එහෙම කළාට පස්සේ. මේ භාවනාවන් එක්ක ඉතින් සතියක්වත් අඩු ගානේ ඉන්න ඕන එක භාවනාවක. එතකොට තමයි මේකේ වැටහීම කියන එක හරියට එන්නේ. මොකද මේක බොහොම ගැඹුරුයි.
ඉතින් මේකේ ඇත්තෙන් ම කියනවා නම් ඔය සංස්කාර අධිමොක්ඛය කියන එක පළමුව සිද්ධ වන්නේ. ඔයගොල්ලෝ දන්නව නේ සංස්කාර පච්චයා විඤ්ඤාණං කියලා අපි A point එක ගන්නේ. ඒකෙන් ගන්න එපා කොයි වෙලාවකවත් සංස්කාර අධිමොක්ඛය පළවන රවුමයි කියලා. ඒක වැරදියි. ඒ වුණාට දෙවනුව වේදනා අධිමොක්ඛය සිද්ධ වෙනවා. එතකොට මතක තියාගන්න පුළුවන් අර B point එක විඤ්ඤාණ පච්චයා නාමරූපං කියන්නේ, එතකොට ඒකෙත් ගන්න එපා කොයි වෙලාවකවත් පස්සේ මේක පැහැදිලි කරලා යම් ආකාරයකට කියනවා, මෙතන ධර්මය ගැඹුරුයි. එතකොට විඤ්ඤාණ පච්චයෙන් නාමරූප හරහා සඤ්ඤාගත වෙනවා. ඉතින් සඤ්ඤා අධිමොක්ඛය කියන එක ඒ 3 වෙනුව සිදු වෙනවා කියන එක. ඒක රවුම නෙමේ, එතකොට 3 වෙනි රවුමේ දී තමයි අධිමොක්ඛය කියන එක සිද්ධ වෙනවා කියන එක පෙන්නන්නේ.
මේක ඉස්සෙල්ලා සාකච්ඡාවේදි ආපු නිසයි මේ පොඩ්ඩක් පැහැදිලි කළේ. විඤ්ඤාණ අධිමොක්ඛ භාවනාවේ දී තමයි මේක කියන්නේ.
ඉතින් මේකේ හරි ලස්සන ධර්මතාවයක් තියෙනවා, මේක කලින් වුණත් මම දැන් මේක දැන් කියන්නම්. මොකද මේක ඇත්තෙන් ම කියනවා නම් ඔයගොල්ලෝ මේ සංස්කාර අධිමොක්ඛ, විඤ්ඤාණ අධිමොක්ඛ, කළාට පස්සෙයි, මේ දේ ඇත්තෙන් ම කියනවා නම් කියන්න තියෙන්නේ. මම මේ පෙන්නන්න හදන්නේ මේකේ වටිනාකම. එතකොට අද දවසේ භාවනාවේ දී මට කිව්වා සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගන්න කියලා.
එතකොට රූපයේ ඡන්දය රාගය නන්දිය, එතකොට එහි ඇලුණේ, එහෙම නේ ඒකෙ පෙන්නා දීලා තියෙන්නේ. ඉතින් දැන් අපි පොඩ්ඩකට ඉස්සෙල්ලා කිව්ව නේ මේ diagram එකක්, ඒ කියන්නේ වේදනා චේතනා, එතන නාමරූප. මෙතන තණ්හාවෙන් අර රූපයේ ඇලීම කියන කතාව. එතකොට මෙහි නොඇලිය යුතුව හිටියා නම් කිව්වේ, රාධ මේ රූපයේ රාගය ඡන්දය මෙහෙම තියෙනවයි කියන එක නේ. ඒකෙ ඇලුණා නම් සත්වයා කියල නේ. මේකේ නොඇලිය යුතු ය. ඒ කියන්නේ තමන් ඒ වෙලාවේ ගත්තා නම් ඒ තරමට තමන් හැබැයි මනස අර සංස්කාර අධිමොක්ඛය එහෙම කරලා ඇවිල්ලා තියෙන්න ඕන. එතකොට එහි ඇලුණා වූ අගයන් නොපැවැත්විය යුතු යැයි තමන්ට ඒක සිහි වෙනවා. ඒ ඇලුණා වූ අගයන් කියලා කියන්නේ අර විඤ්ඤාණයේ ඉඳන් එන්නා වූ අර එසො හමස්මි, සෙනෙහස. ඒ වගේ අගයන් කියන එක. එතකොට එහෙම වෙනකොට මේ සංස්කාර අධිමොක්ඛය නවතිනවා. වේදනා අධිමොක්ඛය නවතිනවා. ඒකෙන් අනතුරුව සඤ්ඤා අධිමොක්ඛයත් නවතිනවා. ඉතින් ඒක තමන්ට කරුණාව එහෙම තියෙනවා නම්, ඒක තමන්ට තේරෙනවා ඔළුව උඩින් තමන්ගේ ඉන්ද්‍රියන් වෙනස් ව දැනෙනවා.
ඒ කියන්නේ, මම ඒ වෙලාවේ බුදුපියා විමසලා ඇහුවා. ඒ කියන්නේ ප්‍රඥාවයි විරියයි කරුණාවයි තුන එනකොට, ඔළුවේ දකුණු පැත්තෙ නේ ඕව තියෙන්නේ. කණ ළඟ කරුණාව ගන්නකො. එතකොට ඒක ඉන්ද්‍රිය තමන්ට පේනවා ඒ තුනට උඩින් නිකන් ආකාසයේ තියෙනවා වාගේ තමන්ට එහෙම දැනීමක් ඇති වෙනවා. ඊට පස්සේ මේක මැද්ද හරියට එනකොට ශ්‍රද්ධාව එනකොට අර උඩින් තිබිච්ච එක වම් පැත්තට ටිකක් move වෙනවා වගේ දැනෙනවා. සමාධිය එක්කහු වුණාට පස්සේ සම්පුර්ණයෙන් දකුණේ ඉඳන් දකුණත් වමත් සහිතව දැනෙනවා. ඒකෙන් අනතුරුව ඵල චිත්තය නැංවිලා විශාලව, විශ්වයේ නොපිහිටින තත්වයට සිත පත් වෙනවා. ඉතින් මේක සම්මා ඥානය සහිතව විසීම.
එතකොට මේ සම්මා ඥානය සහිත, මම වැඩිය භාවනාවක් කරන්නේ නැතුවයි මේ කියන්නේ. මේ භාවනාවන් කරලා, ඒක හරියට ප්‍රතිඵලය භුක්ති විඳිනවා වාගේ බොහොම ලස්සනට ඒ සම්මා ඥානය සහිතව එතන ඉන්න පුළුවන්. ඊට පස්සේ භාවනාව ඉවරවෙලත් තමන්ට මේ තත්වය කියන එක පවතිනවා.
මේ භාවනා series එක බොහොම වැදගත්. ඒක හොඳට master කරගන්න. කෑලි එක්කහු කරගන්නවා කියන එක නම් නෙමේ. ඒ කියලා තියෙන එක හරහා නැවත නැවත යෑමෙන් තමන්ට පුළුවන් වෙනවා හිතන්නේ නැතුව ඉන්න. ඕන එකක් හිතලා ඔළුව රත් වෙන තරමට ම ඕනෑකමින් හිතලා එක තත්පරෙන් milli second එකක් යන්නේ නැතුව ඒ ඔක්කොම කපලා සැනසීම් සහගතව තමන්ට ඉන්න පුළුවන්කම කියන එක. ඒ තත්වයට පත් වෙනවා. එතන ඒක බොහොම වැදගත් භාවනා series එකක් කියන එකයි මං මේ පෙන්වා දෙන්න හදන්නේ.