ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
25/03/2022 සඤ්ඤා අධිමොක්ඛ භාවනාව නැවතත් කරගෙන ගියා. 18/03/2022 අධිමොක්ඛ භාවනාවේ දී, පෙර සහ පසු වශයෙන් නිත්‍ය සංකල්පය බැලුවා. එවැනි ධර්මතාවයක් මෙහි ඇති ද යන්න, බුදුපියාගෙන් විමසුවා. ඇත යැයි පවසා, පරාමාස ඉදංසච්ච line එක පෙන්නුවා.
එතකොට අපි දන්නවා, ඔය වත්ථූපම සූත්‍රයේ එහෙම අපි ඉගෙනගෙන තියෙනවා, පරාමාසකායගන්ථයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය තියෙන තැනට අපි A කියලා අපි ලකුණු කරනවා, සඤ්ඤාව මගින් දෙන ලද අගය. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම, අභිජ්ඣා වන්නේ ය කියලා, කියලා තියෙනවා.(*1) ඊළඟට B කියලා අපි ලකුණු කරනවා, මනොසඤ්‌චෙතනාහාරයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට, නාමකායේ පටිඝසම්‌ඵස්‌ස, නාමකායේ දැන් තියෙන අගය. එතකොට ඒක මෙලොව අගය වෙනවා.
එතකොට A අගය B වලින් තල්ලු කරන්නේ, සුභ වශයෙන් ඉදංසච්චගත වෙනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. පරලොව අගය, එනම් බනියා විසි කිරීමෙන් වන අගය සහ විඤ්ඤාණයේ තිබූ පෙර අගය, එනම්, දරුවන්ට ආස්වාදයක් මෙන් වූවා යන අදහස සහිත අගය සමඟ සසඳන්නේ, ඉදංසච්ච සිට සුඛය පරාමාසගත වන්නේ ය. ඉතින් කෙනෙකුට ඒ වත්ථූපම එකේ අපි දීපු diagram එකේ ම ලකුණු කරගන්න පුළුවන්, විඤ්ඤාණ ආහාරයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා රේඛාවේ, විඤ්ඤාණයේ තිබූ පෙර අගය, එනම් දරුවන්ට ආස්වාදයක් මෙන් වූවා යැයි යන අදහස සහිත අගය. කුමක් නිසා මෙහි සුඛ යැයි සඳහන් කරයි ද? විභවය සිහි කළ යුතු ය. එහි නිත්‍යභාවය සුභයට එකතු වී ඇති නිසා ය. මෙසේ මෙලොව සහ පරලොව වෙනස තෝරා ගත යුතු ය.
ලංකාව අතහැර පිට රටකට ගිය පුද්ගලයා, පිට රට සිට ලංකාවේ කොස් ඇත, ඒවා සුඛ යැයි සිතන්නාක් මෙනි. පරලොව අගය සැසඳීමේ දී, එතං මම. බනියා විසි කිරීමෙන් වන අගය, එමගින් ඇති වන ඉඩ space එක, මගේ ය යන්න ලෙස සිතන්න. විඤ්ඤාණයේ තිබූ පෙර අගය, එනම් දරුවන්ට ආස්වාදයක් මෙන් වූවා ය යන අදහස සහිත අගය, මෙය මම වෙමි. This I am. එසො හමස්මි, විඤ්ඤාණ ධාරාව ලෙස සිතන්න. මෙම අගයන් දෙක සසඳන බව මෙනෙහි කරන්න. එතං මම ඉතා ප්‍රබල ය. බනියා විසි කිරීම, රූප සිට ආකාසානඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන දක්වා ම සඤ්ඤාව වන්නේ ය. එතං මම, මෙය මගේ ය යන්න, සඤ්ඤා අධිමොක්ඛ සඳහා තදින් බලපායි.
Repair කරනවිට තව දෙයක් වැටහුණා.(*2) අපි දන්නවා පළවෙනියෙන් ම කියනවා සුභයට නිත්‍ය එකතු කර සුඛ යැයි කිව්වා කියලා. අර සුභය ඉදංසච්චයේ ලකුණු කරලා. අපි නිත්‍යයි කියලා ලකුණු කරනවා පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චය පැත්තට arrow එකක් දාලා.(*3) එතකොට පහළින් අපි ලකුණු කරගෙන තියෙනවා, ඒ පෙර සුභයට නිත්‍ය එකතු වීමෙන් අනතුරුව, සුඛ. යථා පුරෙ තථා පච්ච සඤ්ඤාව වනසනවා කියලා. එතකොට යථා පච්ඡා තථා පුරෙ, පසු වැඩි වූ මෝහය යම් සේ නම් පෙරත් (*4) ඉහත ඒ නිත්‍ය සඤ්ඤාව එසේ ය, යන සඤ්ඤාව විමසීම දෙයාකාරයකට කළ හැකි ය.
එකක් තමයි ඒ repair භාවනා දෙකේ දී බැලූ ආකාරයට විමසීම.(*5) අනිත් එක තමයි, ඉදංසච්ච සිට පරාමාස දක්වා රේඛාවේ, සුඛ නිත්‍ය මළාට පසුව, යථා පච්ච කියලා,(*6) arrow එකක් දාලා ලකුණු කරගන්නවා, අපි ඒ diagram එක දෙනවා.
කාමරාග අනුසය රේඛාවේ රූප සිට සඤ්ඤාව දක්වා ධර්මයෝ තථා පුරෙ, ඒවා පෙර රූප ඇසුරු කරන ලද ධර්මයෝ. මෙය අරූප භවවල සිට, විමසන ලෙස සිතිය යුතු ය.(*7) මෙසේ මෙලොව පරලොව සමඟ විමසීමේ දී යථා පච්ඡා තථා පුරෙ සඤ්ඤාව හොඳින් වැටහෙනවා.
ඉතින් මේ භාවනාව කරන්නේ සත්වයන් සඤ්ඤා ගොඩක් කර පින්නාගෙන යනවා යැයි, බුදුපියවරුන්ට කෘතඥතාවය පළ කරනවිට වැටහිණ. අරූප ධ්‍යාන තලවල සිට රූප සිට සඤ්ඤා දක්වා ධර්මයන් සොයයි. ලංකාව අතහැර ගොස් කොස් සොයනවා මෙනි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 23/04/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) සඤ්ඤාව මගින් දෙන ලද අගය.
(*2) Repair කරන අවස්ථාවේ දී diagram එකක් දීලා තියෙනවා.
(*3) එතකොට මෝහ අගතියේ ඉඳන් ඒ කාමරාග අනුසය රේඛාවෙන් ඒ සඤ්ඤාව සුඛයි කියන එක, එහෙම අපි සාකච්ඡා කරලා තියෙනවා.
(*4) එතකොට A නිත්‍යයි කියලා සඤ්ඤාවක් අපි ලකුණු කරලා තියෙනවා නේ පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චයට.
(*5) ඒ repair භාවනාවේ දී අපි දන්නවා ඔය නිත්‍ය සඤ්ඤාවේ arrow එක තියෙන්නේ පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චයට. ඒ repair කරන එක ඉගෙන ගත්ත විදිහට බලන්න පුළුවන්.
(*6) ඒ කියන්නේ arrow එක reverse වෙලා තියෙන්නේ, ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට ඒම.
(*7) එතකොට දැන් ඉතින් අපිට පේනවා ඒ අරූප ධ්‍යාන, ඉතින් මළාට පස්සේ ඉදංසච්චයේ ඉඳන් පරාමාසකායගන්ථය, උඩ විඤ්ඤාණය, එතන නිත්‍යයි කියලා ආවා. එතකොට ඊට පස්සේ රූප සිට සඤ්ඤා දක්වා ධර්මයෝ අර කාමරාග අනුසය රේඛාවෙන් හොයනවා කියන එක, අර පිට රට ගිය පුද්ගලයා, කොස් ගැන හිතනවා මෙන් හිතන්න පුළුවන් ඒ අවස්ථාවේ දී.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේ භාවනාව කළහම වැටහෙන්නා වූ කාරණාවන් ගොඩක් තියෙනවා. එකකට උදව් වෙන්න කියන්න පුළුවන්, අරූප ධ්‍යාන තලයක ඉඳන් රූප කෙරෙහි සිත යොමු කරන අවස්ථාවක් මම බුදුපියාගෙන් විමසුවා. එතකොට බුදුපියා පැවසුවා, ඔබ අතීත භවයක blue light එකක් දැකලා, ඒ කියන්නේ ඔය පෘථිවියේ තියෙනවා නේ aura එකක්, ඔය ඉර එලිය එහෙම වැදිලා, space station ඉඳන් එහෙම ගන්නවා ඔය විදිහට ආලෝකය මේකට වැටිලා තියෙන විදිහ. එම blue light එක නිකුත් වෙන රූප සොයා ගිය අවස්ථාවක් බුදුපියා මට පෙන්වා දුන්නා.
ඊළඟට ආපහු දවසක මට කිව්වා සත්තො ගුහායං ගාථාවෙන් මට පටන් ගන්න කියලා. ඒකෙන් පටන් ගෙන විමසනකොට, අන්න තිට්ඨං නරො, අනුසය වශයෙන් ස්ථිර කරන්නේ සිටී. කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛ යැයි ස්ථිර කරන්නේ සිටී. අන්න ඒ දේට මනස යොමු වුණොත් රූප ලෝක සිට අරූප සඤ්ඤා සුඛ යැයි සිතයි. අරූප ලෝක සිට රූප සුඛ යැයි සිතනවා. එනමුදු සියලු සඤ්ඤා දුක ය. අනිත්‍යයේ දුක්ඛ සඤ්ඤාව කිසිදු උත්සාහයකින් තොරව එළඹිය. චෙතො විමුක්ති සම්පන්නව සිටියා. ලෝකයේ කිසිදු දෙයකට ගැටුමක් නැතුව, ඒ කියන්නේ අපි යොමු කරලා බැලුවත් සිත, හිතන්න දැන් මේ යුද්ධය, Ukraine වල යුද්ධය ආදී වශයෙන් ලංකාවේ ප්‍රශ්න කියලා එහෙම යොමු කරලා බැලුවත් ගැටුමක් නැතුව ඉන්න පුළුවන්කම කියන එක ඇති වෙනවා.
තවත් දෙයක් කියන්න පුළුවන්. දැන් ඔය plane එකක එහෙම යනකොට ඔයගොල්ලෝ ගෙනියනවා මේ carry-on luggage එකක්, ඉතින් පෙළක් අය කැමතියි ඔය carry-on luggage එක check-in කරන්න. මොකද එතකොට airport එකේ ඇදගෙන එහෙම යන්න ඕන නැහැ කියලා එහෙම කැමති වෙන අය එහෙම ඉන්නවා. නමුත් එම ගමන අවසානයේ දී ගනිමියි යන සඤ්ඤාව තියෙනවා. අරූප ධ්‍යානවල අයත් එසේ ය. රූප carry-on luggage, ලෙස ගත යුතු ය. Plane එක ඇතුළෙ දී මගේ bag එක වරින්වර මතක් වන්නේ ද බේත් ටික ඒකේ ඇති යැයි සිතනේ ද, එසේ අරූප සිට රූප සොයයි.
ඉතින් මේක කෙනෙකුට පේනවා, මේ ගමනේ ආරම්භය, මේ plane එකේ ගමනේ ආරම්භය ගත්තහම විඤ්ඤාණයෙන් තමයි මේ ගමනේ ආරම්භය කියන එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අර ඉදංසච්චයට ඇවිල්ලා, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය විසින් අනුමත කරන ලද නිත්‍ය, ඒක ඉදංසච්චයෙන් පරාමාසයට එනවා. එතකොට පරාමාසයේ ඉඳන් විඤ්ඤාණය නිසා වන පරලොව අගය, අන්න plane එකේ නැගලා යන අගය, ඒක දික් කළහම කොහාට ද යන්නේ? අවසානයට? Carry-on luggage එක ගන්නේ කොයි වෙලාවේ ද? ජරාව තමයි ගන්නේ. දිගට ගිහිල්ලා ඒ රේඛාව දික් කළොත් යන්නේ ජරාවට නේ. අන්න ඒ වගේ කාරණාවන් තමන්ට අවබෝධ වෙනවා බැලුවහම, මේකේ බලන්න බලන්න අවබෝධ වෙනවා. මේ භාවනාව බොහොම වටිනා වූ භාවනාවක් අපි මේ රූපයේ ඉඳන් අරූප හොයනවා අරූපයේ ඉඳන් රූප හොයනවා කියන එක එහෙම වටහා ගන්නවා කියන එක. ගැඹුරු අවබෝධයක් තමන්ට ඇති වෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්