ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
01/04/2022 සඤ්ඤා අධිමොක්ඛ 2 භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සාකච්ඡා කළා, පරලොව අගය සැසඳීමේ දී, එතං මම. බනියා විසි කිරීමෙන් වන අගය, එමගින් ඇති වන ඉඩ space, මගේ ය යන්න සහ විඤ්ඤාණයේ තිබූ පෙර අගය, එනම් දරුවන්ට ආස්වාදයක් මෙන් වූවා යන අදහස සහිත අගය, මෙය මම වෙමි. This I am. එසො හමස්මි, විඤ්ඤාණ ධාරාව ලෙස ගැනීම.
එතං මම ඉතා ප්‍රබල ය. බනියා විසි කිරීම. රූප සිට ආකාසානඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන දක්වා ම සඤ්ඤාව වන්නේ ය. එතං මම, මෙය මගේ ය යන්න, සඤ්ඤා අධිමොක්ඛ සඳහා තදින් බලපායි.
එම කරුණට සිත යොමු වීම සමඟ ම, ආකිඤ්චන විමුක්තිය ඇති විය. එසේ මිනිත්තු කිහිපයක් සිට, විඤ්ඤාණය කෙසේ අගයන් සසඳා බලයි ද යන්නට සිත යොමු විය.
එතකොට අපි කලින් diagram එකක් දුන්නා. ඒ නාමකායේ දැන් තියෙන අගය, මෙලොව අගය චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා. ඊළඟට විඤ්ඤාණය නිසා වන පරලොව අගය, පරාමාසකායගන්ථයේ ඉඳන් සෝකය දක්වා. 25/03/2022 භාවනාවේ දී, ඒ diagram එක දුන්නා.
මෙහි තණ්හාව කුමන කොටසට අයත් වන්නේ ද යන්න විමසුවා. එය දෙයාකාර වන බව වැටහුණා. කාම තණ්හා, භව තණ්හා කොටස, නාමකායේ දැන් තිබෙන අගයට ඇතුළත් වන බවත්, විභව තණ්හා කොටස, නාමකායේ පරලොව අගයට ඇතුළත් වන බවත් වැටහිණ. මෙය ජල පහරක් ලෙස, ඒ කියන්නේ, stream of consciousness, ලෙස විමසන්නේ නම් වැටහේ. එය තුළ H2O ඇත, රොඩු මඩ ඇත, නාම කොටස්. ජල පහර මේ ස්ථානයෙන් ගියා, මෙසේ විපුලව විශාලව පැවතුණා යැයි, හැඟීම් විඤ්ඤාණ ධාරාව තුළ ඇත. ඒ කියන්නේ අර ලෝකෙ හිටියා, මේ ලෝකෙ හිටියා.
නාම කොටස නැති නම් ධාරාවක් නැත. විඤ්ඤාණය මෙසේ සැසඳීම කරයි. විභවය විමසන්නේ රූපය අතහැර, අරූප වන්නේ, රූප සිට ආකිඤ්චඤ්ඤ සඤ්ඤා දක්වා සසඳා බලන්නේ, එය ස්ථීර වන්නේ, ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇත යන්න, special බොජ්ඣඞ්ග භාවනාවේ දී පවසන එක හොඳින් වැටහේ.
“ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතිමා, නත්ථිති නිස්සාය තරස්සු ඔඝං. කාමෙ පහාය විරතො කථාහි, තණ්හක්ඛයං නත්‌තමහාභිපස්‌ස.” යන ගාථාව සිහි විය.
ඒ භාවනාව අපි 12/02/2021 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කරලා තියෙනවා. අරූපයට ගියා වූ අය නැවතත් තණ්හාවෙන් එකතු නොකළ යුතු ය.(*1)
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 23/04/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ ජරා වේදනා අසම්පජාන රේඛාව මෙනෙහි කරලා බලන්න පුළුවන්.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේ භාවනාවේ තව ටිකක් කියනවා නම් 12/02/2021 ඒ භාවනාවේ, දැන් ඔය අපි පෙන්නුවා ඒකේ අර “ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතිමා” කියන ගාථාව තියන භාවනාව. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම විමසන්නේ බොහෝ කල් ආකිඤ්චඤ්ඤ තලයේ වාසය කරන්නේ එය සුඛ යැයි ගත්තේ, ඒ කියන්නේ අපි දන්නවා robot කෙනෙක් ගෙදර ඉන්නවා නම් මේක hoover කරලා සුද්ද කරලා දානවා නම් සුඛයි කියලා හිතනවා නේ. අන්න ඒ වගේ ආකිඤ්චඤ්ඤ තලයේ වාසය කරන්නේ සුඛ යැයි ගන්නේ කාම ආශ්‍රව කියන එක ඇති වෙනවා. මෙසේ අවිද්‍යා ආශ්‍රව වුවහොත් කාම ආශ්‍රව ඇති වේ. බොහෝ කල් ගත කිරීම නිසා නිත්‍ය යැයි ගන්නේ ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට නිත්‍යයි ගැට ගැසී ඇත්තේ දිට්ඨි ආශ්‍රව වෙනවා.
අපි දන්නවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම අශ්‍රවයට යන්න jack එක ගහන්නේ විචිකිච්ඡාවෙන්, සැකයෙන්. ඉතින් සැකය කියන එක ගත්තහම මොකක් ද මෙතන සැකය? දුකයි කියන එක සැකයි. දුක්ඛ සමුදය සැකයි. දුක්ඛ නිරෝධය සැකයි. නිරෝධ ගාමිනී පටිපදාව සැකයි. පටිච්චසමුප්පාදය කියන එක සැකයි.
ඔන්න ඔය විදිහට ගත්තොතින් තමන්ට පේනවා එහෙනම් මම යනවා සුඛයි කියාගෙන අර කාම ආශ්‍රවය කියන එකට.
ඊළඟට මේ භාවනාව මං කෙනෙකුට පවසලා, ඒකෙන් අනතුරුව භාවනාව කිරීමට ගිහිල්ලා බුදුපියවරුන්ට නමස්කාර කරනකොට අර බුදුපියවරුන්ගේ order එකේ ආවහම මණ්ඩලාධිපති බුදුපියා ඔහොම කියාගෙන එහෙම යනකොට මට තේරුණා ධම්මරතන බුදුපියා විතර දුර එනකොට මට මේක වැටහුණේ. මේ ධම්මරතන කියන කොටස පවසනවා නමුත් බුදුපියා කියන කොටස කියා ගන්න බැහැ. ඒක slow වෙලා එහෙම නැත්නම් ඒ අදහස තුනී වෙලා වගේ එනවා.
ඒ මොකද වන්නේ, ඒ වෙලාවේ මේ ආකිඤ්චඤ්ඤයට මනස යනවා. ආකිඤ්චඤ්ඤායතන වෙනවා. එතකොට අර සඤ්ඤා කෑල්ල එතනින් ගිලිහිලා යනවා.
මේ විදිහට බොහොම අමාරුවෙන් බුදුපියවරු සිහි කළේ. හොඳට තේරෙනවා සිත slow වෙලා අර කෑල්ල තමන්ගේ ආකිඤ්චන වෙච්ච ගමන් අරක නැති වෙලා යනවා කියලා. එතකොට මේ භාවනාවේ කරුණු හොඳින් සිහියේ තියෙනවා. තණ්හාව මගින් එකතු කිරීම නොවන බවත් ඒකේ වැටහෙනවා.
මෙසේ disjoint වීම වැටහෙන අතර binding force එක නැති බව, ඒ කියන්නේ වේදනාවට සඤ්ඤාවෙන් අගය දීම නැති බව වැටහෙනවා. මෙසේ ආශ්‍රව නැසිය හැකියි කියලත් වැටහුණා ඒ අවස්ථාවේ දී. ඒක තමයි ඒ භාවනාව ගැන තවදුරටත් තියෙනවා නම් කියන්න තියෙන්නේ.