Date: 15/04/2022 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

08/04/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවසානයට, 12/02/2021 නිබ්බාන භාවනාව සඳහන් කරලා තියෙනවා. එහි දී යමෙක් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට එළඹියේ, ඒ ඇසුරු කොට කිසිවක් නැතැයි කාමයන් ඉක්මවීම සහිතව වාසය කරයි. ඔහුට මෙහි සැකයක් නැද්ද, එමගින් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීමක් නොවන්නේ පකප්ප පාර ඔස්සේ යම් වේදනාවක් නැවතත් ඉස්මතු නොවන්නේ, නොඉල්පෙන්නේ,(*1) තණ්හා කල්පනයන් නැති වේ. තණ්හාව දුරලීමට යම් බාධකයක් වූවා ද, එය දෙයාකාර ධර්මයකින් පහ කර සිටින්නේ නම් නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.

කුමන දෙයාකාර ධර්මයක් ද? දහවල් මෙන් ම රාත්‍රිය ය.(*2) එනම් පටිච්චසමුප්පන්නය අතීත, අනාගත, වර්තමාන තුන් කාලයට ම නිවැරදි බව දත යුතු ය යනුවෙන් සඳහන් කර ඇත.

එතකොට මෙතන අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන්න, විචිකිච්ඡාවෙන් jack එක ගහනවා. විචිකිච්ඡා නැති නම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම වළකින්නේ, 50% පාර හරහා වේදනා ඉස්මතු නොවන්නේ ය.

එතකොට ඒ වගේ ම අපි දන්නවා මේ දිට්ඨි ආශ්‍රවයෙනුත් කාම ආශ්‍රවයන් ඇති වෙනවා. විචිකිච්ඡාව චිත්ත සංස්කාර වශයෙන් බලමු. මෙය කරනවා ද? නැද්ද? මේ සඳහා, සඤ්ඤාවෙන් prospects, ඒ කියන්නේ බලාපොරොත්තු විය හැකි දේ, සහ consequences ප්‍රතිවිපාක විමසා බලයි.

යම් දිට්ඨියක් සෑදෙන්නේ ද, එමගින් විඤ්ඤාණ දක්වා ගමන් කිරීමට තරම් දිට්ඨිය පෝෂිත ද, ස්ථාවර ද, මෙසේ සංස්කාරයන්ගෙන් අධිමොක්ඛ වන්නේ ය. ථීනමිද්ධයෙන් විචිකිච්ඡාව වන බව අපි දනිමු. Consequences ප්‍රතිවිපාක බැලීමේ දී ථීනමිද්ධය නිසා වූ දහම් බලපායි.

කෙසේ ද? පෙරත් මෙම ලීවලින් හදපු ගේ කැඩුණා යන කුක්කුච්ච ස්වභාවය ඇති නිසා ය. Prospects බලාපොරොත්තු විය හැකි දේ බැලීමේ දී, තමාට හිතකර වූ, බොහෝ කලක් ඉඳීමට උපකාර වූ, ධර්මයෝ බලපායි. ඒවා මොනවා ද?

1. ධම්මමච්ඡරිය, 2. අරූප ධ්‍යාන තලවල බොහෝ කල් සිටීම. එතකොට ඒක තමයි භාවනාව.

ඉතින් මේකේ මේ ධම්මමච්ඡරිය ප්‍රතිවිපාක වන අවස්ථාත් ඇත. පළවන පන්තියේ සාමාර්ථයක්, 1st class ගතහොත් මෙවැනි රැකියාවල් ලබා ගත හැකි යැයි අසා දැනගන්නා වූ, 4 වන වසරේ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, 1, 2, 3 අවුරුදුවල දී හොඳින් වැඩ කර නැති නම්, පළවෙනි පන්තියේ සාමාර්ථයක් ගැනීමට අපහසු වීම ඇත්තේ, මෙය consequence වලට යෙදේ. එනමුදු අවසාන වසර විශිෂ්ට ලෙස කරමියි, සිතන්නේ එය prospects වලට බලාපොරොත්තු විය හැකි දේවලට වැටෙනවා.

එතකොට ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 21/05/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) Not flowing

(*2) යථා දිවා තථා රාත්‍රී, යථා රාත්‍රී තථා දිවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාව කරලා, මේකේ මේ repair කරනකොට සංස්කාර පරිදේව වුයේ ය කියනකොට ම සිත නතර වුණා. ඒකෙන් එලියට ඒමත් අපහසු වුණා.

මේක හරියට කරනවා නම් මේ පථය හරහා නොගිහින් ම repair කරන්න පුළුවන්. ඒ වගේ ම මේක ප්‍රායෝගිකව නිතර භාවිතා කරන්න පුළුවන්.

සතියෙන් යුතුව යම් දිට්ඨියක් සෑදෙන අවස්ථාව දන්නේ සංස්කාර අධිමොක්ඛ නොකරමියි යන්න දැඩි ලෙස සිතේ පවතින්නේ නම් විඤ්ඤාණය සැදීම වැළකේ. ඒ නිසා වන වචී සංස්කාරයන් ද වැළකේ. මෙහි දී චිත්ත සංස්කාර දිට්ඨිය මගින් සෑදෙන අවස්ථාව හොඳින් දන්නා අතර වෙනදා පුරුද්දට මෙන් ඉන් අනතුරුව වන වචී සංස්කාරයන් ද දන්නේ ය. ඒ වචන වලට ම නගා පිට කිරීමක් සිදු නොවේ.

මෙසේ වචී සංස්කාර නිසා ඉන් අනතුරුව වන කාය සංස්කාර සහ චිත්ත සංස්කාරයන් ද වැළකේ. සිත ශාන්තව පවතී. මෙසේ අභ්‍යන්තරයේ සිත පවතින බැවින්, ඒ කියන්නේ inwardly composed කියන එක සුඛ සහගත වෙනවා.