Date: 22/04/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

15/04/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. සංස්කාර අධිමොක්ඛ භාවනාවේ දී, එකවර ම සංස්කාර නොකර සිටින්නේ, සඤ්ඤා අධිමොක්ඛයේ දී, පරලොව අගය සසඳන අවස්ථාවේ දී, වටහා ගත් හතර කොන නොවීම නිසා යැයි, බුදුපියා පැවසුවා.(*1)

ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මෝහ අගති, පරාමාස, සඤ්ඤා. එතකොට ඉදංසච්චයයි මෝහ අගතියයි අතරට අපි දන්නවා, නිත්‍යයි කියලා එහෙම එනවා. අපි a කියලා දාගත්තොත් අවිද්‍යා ආශ්‍රව, එතනින් ආපහු අපිට පේනවා, ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට a කියලා දාලා, නිත්‍යයි කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ පරලොව අගය, යථා පච්ච.

ඊළඟට මෝහ අගතියයි පරාමාසකායගන්ථයයි අතර රූප සිට සඤ්ඤා දක්වා, තථා පුරෙ. ඊළඟට පරාමාසයයි සෝකයයි අතර පරලොව අගය, එතං මම. ඊළඟට විඤ්ඤාණයයි පරාමාසකායගන්ථයයි අතර, එසො හමස්මි, සෙනෙහසක් මෙන් වූවා යන අගය.

සඤ්ඤා එක කෙළවරකි. මෝහය තව කෙළවරකි. ඉදංසච්චය තව කෙළවරකි (නිත්‍ය යන්න නැති බව). සෝකය තව කෙළවරකි.

ආකිඤ්චඤ්ඤායතනයෙහි සිට රූප සොයනවා යන්නෙහි, ආකිඤ්චඤ්ඤායතනය ද, අනිත්‍ය ය යන අදහස, ගැබ්ව ඇත. එය වැටහෙන්නේ නම්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවේ. මෙසේ a කරුණ, එනම් ඉදංසච්චය විසින් අනුමත කරන ලද නිත්‍ය,(*2) නොවීම මගින් කාම ආශ්‍රව නොවීම වටහා ගත යුතු ය.

දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවීමට නම්, දිට්ඨි සල්ලය ඉවත් විය යුතු ය. මෙය කෙසේ වන්නේ ද? හතර කොන වටහාගෙන ඇත්තේ දිට්ඨි නොසාදයි. තණ්හාව මගින් යම් දහමක් ගෙනාවා ද, එතැනදි මතක් වෙන්න ඕන, අර advanced 2 වල 6.4, එය නොවේ. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.

ඉදංසච්චය මගින් අනුමත කරන ලද නිත්‍යභාවය, අධිකව පවතින්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාටයි. ඉතින් ඔය අත්තා diagram එකේ ඔයගොල්ලෝ දන්නවා, කොළ පාටින් ලකුණු කරලා තියෙනවා, ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන පථය. වේදනාව, මනොසඤ්‌චෙතනා, එතනින් ඉදංසච්චය, පහළට එනවා අවිද්‍යා ආශ්‍රව, ඒකෙන් එනවා දිට්ඨි ආශ්‍රවයට.(*3)

නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා සඤ්ඤාවෙන් prospects, බලාපොරොත්තු විය හැකි දේ, සහ consequences, ප්‍රතිවිපාක, විමසිය නොහැකි තත්වයට පත් වී ඇත්තේ, ඉදංසච්චය මගින් අනුමත කරන ලද නිත්‍යභාවය තදින් පවතින්නේ, ඔහු කාම ආශ්‍රව දක්වා ගමන් කරන්නේ අධික වේගයකින් බව වටහා ගත යුතු ය. මෙය දරුණු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 21/05/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) එතකොට ඔතන diagram එකක් ඔයගොල්ලන්ට ඇඳගන්න පුළුවන්කම තියෙනවා. අර විඤ්ඤාණ - පරාමාස - සෝක, ඒ වගේ ම මෝහ අගති - පරාමාස - සඤ්ඤා. එතකොට මැද්දේ තියෙනවා ඉදංසච්චය කියන එක. එතනින් පහළට එනවා නිත්‍ය, අවිද්‍යා ආශ්‍රව කියලා අපි A කියලා දැම්මොතින්, ඒක ආපහු ලකුණු වෙනවා ඉදංසච්ච - පරාමාස, එතන A, නිත්‍ය කියලා. එතකොට ඒ කියන්නේ පරලොව අගය කියන එක එතනට එනවා. ඉතින් මෙතන ඇත්තෙන් ම කියනවා නම් A කියලා නිත්‍ය දාපු එක ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට, ඒ නිත්‍ය විසින් අනුමත කරන එක නේ, අත්තා කියන එක ඉදංසච්චයෙන් අනුමත කළායින් පස්සේ නේ අවිද්‍යා ආශ්‍රව වන්නේ. එතකොට අර නිත්‍ය ඇතුව තමයි එයා අනුමත කරලා තියෙන්නේ.

එතකොට දැන් අපිට පේනවා පරලොව අගය, මේ පරාමාසයයි සෝකයයි අතර ලකුණු කරනවා “එතං මම කියන එක”. එතකොට එසො හමස්මි කියන එක ඔයගොල්ලන්ට එනවා විඤ්ඤාණයේ ඉඳන් පරාමාසකායගන්ථය ළඟට අර සෙනෙහසක් මෙන් වූවා යන අගය. එතකොට රූප සිට සඤ්ඤා දක්වා තථා පුරේ. එතකොට දැන් මෙහෙම ටික ලකුණු කරගත්තහම, අපිට පේනවා මේ සඤ්ඤාව එක කෙළවරක්, මෝහය තව කෙළවරක්. ඉදංසච්චය තව කෙළවරක් ඒ කියන්නේ නිත්‍ය යන්න නැති බව කියන එකයි එතන තියෙන්නේ. සෝකය තව කෙළවරක්.

(*2) අන්න ඒක වැදගත්, highlight කරලා ලියා ගත යුතු දෙයක් එතන.

(*3) අත්තා පථය ලකුණු කරලා තියෙනවා වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට 1 කියලා දාල තියෙනවා. මනොසඤ්‌චෙතනාවේ ඉඳන් green arrow එක ඉදංසච්චයට, 3 අවිද්‍යා ආශ්‍රවයට එනවා. අවිද්‍යාවෙන් දිට්ඨි ආශ්‍රවයට එනවා 4 කියලා දාල තියෙනවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාවේ පේනවා මෙහෙම දෙයක්. කාගේ හරි භාවනාවකින් මේක පොඩ්ඩක් කලිනුත් කියවුණා. ඒ කියන්නේ ආකිඤ්චඤ්ඤායතනයට එළඹියේ සඤ්ඤා මගේ නොවේ යැයි ගෙන ය. එය සංස්කාරයකි, formation එකක්. සඤ්ඤා මගේ කියලා ගන්නේ නැතුව තමයි අපි ආකිඤ්චඤ්ඤායතනයට ගියේ. එතකොට මෙයට පෙර ආකාසානඤ්චායතනය වූයේ රූප සඤ්ඤාවන් ඉවතලීමෙනි. මෙසේ ආකිඤ්චඤ්ඤායතන ලාභියාගේ lineage එක, එයාගේ පෙර පරම්පරාව විමසිය යුතු යි.

මේක හරියට එක්කෙනෙක් කියනවා අපේ සීයා, මේ ලංකාව අතහැරලා මෙන්න මේ රටට ගිහිල්ලා හිටියා. ඉතින් ඒ රටේ ඉන්නකොට අපේ තාත්තා මේ රට අතහැරලා ඒ රට අතහැරලා මෙන්න මේ රටට අවා. ආදී වශයෙන් අර කියන්නේ. ඒ විදිහට ඒ විමසීම කියන එක.

එතකොට ඉතින් යමෙක් රූප එපා යැයි පවසා, සඤ්ඤා එපා යැයි පවසා, ඇති වූ සංස්කාරය ආකිඤ්චඤ්ඤායතනය ලාභී බව, නිත්‍ය යැයි හඟන්නේ ද, එය නිසා සුඛ යන හැඟීම ඇත. එනම් කාම ආශ්‍රව ඇත. මෙසේ ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ද සිහි කළ යුතු ය. ඔහු සංස්කාර ද මගේ නොවේ යැයි පවසයි. එනමුදු මෙය ද සංස්කාරයක් ම ය. නිත්‍යභාවය අධික නිසා සුඛ යන හැඟීම ද අධික ය. ගෙයක බිත්තිය පුපුරා ඇති විට අපි foundation එක දිහා බලනවාක් මෙන් රූප සොයා යාම සිදු වේ. අපි නිතරම අර රූපය උඩ තමයි මේක හැදිලා තියෙන්නේ, අන්න ඒ කෑල්ල අපි හොයනවයි කියන එක පේනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Skilled_sates_of_mind_p4/s_Skilled_sates_of_mind_p4-04.jpg