Date: 29/04/2022 Name: විඤ්ඤාණ අධිමොක්ඛ

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

විඤ්ඤාණ අධිමොක්ඛය සිදු වන්නේ සෝකයේ දී බව බුදුපියා පැවසුවා. එතකොට අපි දන්නවා සඤ්ඤාවේ ජරා අගය පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය, line 5 හරහා පැමිණ, අප්‍රියේහි සම්ප්‍රයෝගයට මුලින් පැමිණේ. මෙම අතරවාරේ, පවතිනවා යන මිච්ඡා දිට්ඨිය, line 6 හරහා ව්‍යාධියේ සිට සෝකය දක්වා පැමිණ ඇත. දැන් පවතිනවා යන මිච්ඡා දිට්ඨිය මත, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය ගැලීම, ජරා දක්වා යෑම සිදු වෙනවා. මේ නිසා සෝකය මිසදිටු යැයි පවසනවා.

එතකොට මේක diagram එකක් වශයෙන් ගන්නවා නම්, මේක අපි දෙනවා.

MM_29_04_2022.jpg

ඔය ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් සංස්කාරයට, අපි එතන ලකුණු කරගත්තොත් අරූප ධ්‍යාන, line 5 පැවතිය හැකි ය. එතකොට ඒක උඩට arrow එකක් දාලා, ඒ කියන්නේ විඤ්ඤාණ ආහාර පාරේ නිත්‍ය කියන තැනට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේක මේ පහළට ඇවිල්ලා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි මෝහ අගතියයි අතර නිත්‍ය, line 6 එකේ පවතිනවා කියන එක එනවා. එතකොට මේ විදිහට ඇවිල්ලා, line 8 එකෙන් භයෙන් අගතියට යාම සිද්ධ වෙනවා.

එතකොට ඊට පස්සේ, අපිට පේනවා මේ ව්‍යාධියේ ඉඳන් line 9, line 6 හරහා පැමිණි පවතිනවා යන අගය. ඊළඟට අප්‍රියයන් හා එක් වීම, අප්‍රියේහි සම්ප්‍රයෝග එතෙන්ට යටට එනවා සඤ්ඤාවේ ජරා අගය, line 5 හරහා පැමිණි පැවතිය හැකි ය යන අගය. එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගය ඉඳන් සෝකය දක්වා ගමන් කිරීම කියන එක. පවතිනවා යන්න ස්ථිර වන්නේ සක්කාය දිට්ඨිය මගිනි. එහි ස්ථාවරභාවයට ධම්මමච්ඡරිය මගින් වූ, පැවතිය හැකි ය prospects මේ ක්‍රමයට පැවතිය හැකි ය යන්න තුඩු දේ.

මෙම අගයන් දෙක සැසඳීමට අනතුරුව, විඤ්ඤාණ ධාරාව පවතිනවා යන හැඟීම් ඇත්තේ නම් විඤ්ඤාණ අධිමොක්ඛ ඇති වේ. සංස්කාර අධිමොක්ඛ ඇති වෙන්නේ, විඤ්ඤාණය හටගන්නේ ඉන් අනතුරුව වේදනා නිසා වන අධිමොක්ඛ සිදු වේ. එහි යම් බැස ගැනීමක් ඇත්ද, ධාරාව ගැලීම සමඟ අධිමොක්ඛය සම්පූර්ණ වීම සිදු වේ.

ඉතින් අපිට පේනවා, මේ bell shaped curve එකක අපි A කියලා දාගන්නවා සංස්කාර පච්චයා විඤ්ඤාණං, B කියන තැන විඤ්ඤාණ පච්චයා නාමරූපං, එතකොට C කියන තැනට,(*1) එනවා ඔය අධිමොක්ඛය කියන එක, තුන් වෙනි රවුමේ දී තීරණය කරනවා. අධිමොක්ඛ තුන් වන රවුම් ලෙස ගත යුතු ය. මෙහි දී සංස්කාර අධිමොක්ඛ පළවෙනි රවුම, වේදනා අධිමොක්ඛ දෙවැනි රවුම, ආදී වශයෙන් නොගත යුතු ය. මෙය තේරුම් ගැනීම සඳහා උදාහරණයක් දිය හැකි ය.

යමෙක් ආකිඤ්චඤ්ඤායතන වන්නේ, ඔළුව විශාලව පැවතුනේ, නිත්‍ය සුඛ යන හැඟීම් ඇත්තේ, එයින් ඉවත් වන මොහොතක දී, තථාගතයන් වහන්සේට පූජා කරන ලද මලක සුවඳ දැනී, එහි විඤ්ඤාණය බැසගන්නේ, මොහොතකට පෙර තමා විඳින ලද, සුඛ නිත්‍ය සඤ්ඤා දිට්ඨි ඇතිව ය. එනම් නිත්‍ය සුඛ යන ඇස ඇතිව මල කෙරෙහි සඤ්ඤා මනසිකාරයෝ උපදවයි. මෙහි දී මල ගැන හැඟීම, මලට ඇති ආශාව නිසා නොවිය හැකි ය. පූජා කරන සංස්කාරය සඳහා අගය දී ඇති නිසා විය හැකි ය. නැතහොත් අන් අයට එය ප්‍රිය නිසා විය හැකි ය. ඒ කියන්නේ associated things. මෙසේ මව් කුසට යන අවස්ථාවක් යොදා ගන්නේ එම රූපයේ එළැඹීම සමඟ මනසේ තිබූ විශාලත්වය නැතිව යන්නේ පරිදේව වන්නේ තුන් වන රවුමේ දී අධිමොක්ඛ වීම වටහා ගත හැකි ය.

ඒක තමයි මම කරපු භාවනාව.

සාකච්ඡාව 28/05/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) පරිදේවය වෙන තැන.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේ භාවනාව පස්සේ දවසක කරනකොට ඔය සෝකය දක්වා පැමිණීම කියන එක විමසුවහම දකුණු ඇස කියන එක ඇරීම වන අතර, සෝකය 4.4 ජාති, මෙය පටිච්චසමුප්පන්නව සිදු වන බව, එනම් ථීනමිද්ධයෙන් විචිකිච්ඡාව, විචිකිච්ඡාවේ උදව්වෙන් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීම විමසන්නේ වම් ඇස ඇරිණ. සතිය ඉස්මතු වීම වන බව හොඳින් දැනිණි. ප්‍රීතිය ගැලීම සෝකය විමසන විට සිදු වේ. මේ සඳහා 4.3 ව්‍යාධිය බවත් ව්‍යාධි වී විඤ්ඤාණයේ වෙනස දැනගන්නා බවත් එහි ථීනමිද්ධ ස්වභාවය ඇති බවත් දත යුතු ය. තව ද පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය line 5 හරහා පැමිණ අප්‍රියේහි සම්ප්‍රයෝගයට මුලින් පැමිණේ.

දෙවනුව මෙම අතරවාරයේ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය line 6 හරහා ව්‍යාධියේ සිට සෝකය දක්වා පැමිණ ඇත යන්න විමසන විට, පාන් කෑල්ලක් කා පැවතිය හැකි ය, ඉන් අනතුරුව භාවනා කරන්නේ සමාධිගත වන්නේ පවතිනවා යන්න උද්ධච්ච සහගතව ඇති වෙනවා යන්න මෙනෙහි කිරීම මගින් දකුණු ඇස ඇරීම සිදු වේ.

තව ද 4.6 අප්‍රියේහි සම්ප්‍රයෝගය පෙර වටයකින් සිදු වූවක් ලෙස සැලකිය යුතුයි. එනම් පාන් කෑල්ලක් කෑම පෙර ය. ඒ කියන්නේ පැවතිය හැකි ය.

එතකොට ඒක තමයි ඒ භාවනාව ගැන කියන්න තියෙන්නේ.