Date: 06/05/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

29/04/2022 විඤ්ඤාණ අධිමොක්ඛ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකෙ අපි diagram එකක් දුන්නා. එතකොට ඒකෙ මතකයි ඔය line 5 හරහා සඤ්ඤාවේ ජරා අගය පැමිණෙන බව අපි දන්නවා. ආකිඤ්චඤ්ඤායතනයේ යමෙක් සිටින විට, සඤ්ඤාවේ ජරා අගය දැනගන්නේ කෙසේ දැ යි විමසුවා.

එය reverse වී ඇති නිසා දැනෙනවා. දුක්ඛ table එකේ slide තුන් වෙනි එකයි, හත් වෙනි එකයි සිහි කරන්න. ඒකෙ අපි දන්නවා, අර නිත්‍ය සඤ්ඤාව පසු දිසාවට යෑම, තුන් වෙනි slide එකේ පෙන්වා දීලා තියෙනවා. ඊට පස්සේ හත් වෙනි slide එකේ, අපි විඤ්ඤාණයේ ඉඳන් අර චේතනා, සඤ්ඤා, රූප. යටින් ජාති ජරා ව්‍යාධි මරණ.

විඤ්ඤාණ සිට රූප දිසාවට යන නිසා දැනෙනවා. එනමුදු ආකිඤ්චඤ්ඤායතන ස්වභාවය පවතිනවා යන සඤ්ඤා මනසිකාරයෝ පවතින්නේ, එයට මාන වන්නේ රූප දෙසට ගමන් කරන නමුත්, තමා නොවැටේ යන හැඟීම් ඇත්තේ, මෝහ වන්නේ මිච්ඡා දිට්ඨිය ඇති වේ. මෙසේ ඇති වන සක්කාය දිට්ඨි අගය විශාල ය. තව දහම් සොයනුයේ, එනම් රූප දිසාවට නොයන දේ සොයනුයේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹෙන්නේ නම්, දිට්ඨිය තවත් අධික වේ. සක්කාය දිට්ඨිය ම පෝෂණය වේ. නිත්‍ය යන හැඟීම් සහිතව විඤ්ඤාණය පවතී. එනමුදු නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නික්ම වන අවස්ථා ඇත. එම අවස්ථාවේ දී අතීත රූප දකින්නේ, සෝක ඇති වේ. වේදනා කොටස් ඇවිස්සෙන නිසා ඇති වන සඤ්ඤා මනසිකාරයෝ බලපායි. මෙසේ විමසන්නේ භාවනාව කරන්නේ, අපි ජල පහරක් අල්ලාගෙන සිටිනවා යැයි වැටහිණ. ඒ කියන්නේ විඤ්ඤාණ ධාරාව. එය කළ නොහැකි ය.

ජල පහර විපුලව පවතින්නේ ජලාශයක් වූ විට ය. එයට උදාහරණ වශයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ගත හැකි ය. එනමුදු කාන්දු වීම leak වීම ඇත. මෙසේ අඩු වීම සෝකයට තුඩු දේ. ජලාශයට ජලය එකතු වීම ඇත. එනම් රූප කොටස් එකතු නොවන්නේ නම් ජලාශය නොපවතී. තථාගතයන් වහන්සේ අට වැනි ධ්‍යානයට ඇති ආබාධය, illness, රෝගය, ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ මතු වීම බව පවසයි. ඒක තියෙන්නෙ ඔය අංගුත්තර නිකායේ නවක නිපාතයේ මහා වග්ගයේ තපුස්සගහපති සූත්‍රය.

ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වසන්නා වූ හට, විඤ්ඤාණඤ්චායතනය සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ හැසිරෙත් නම් එය ආබාධ වේ. එනම් වේදනා කොටස් මතු වීම ය. විඤ්ඤාණඤ්චායතනයට එළඹ වසන්නා වූ හට ආකාසානඤ්චායතනය සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ හැසිරෙත් නම් එය ආබාධ වේ. එනම් රූපයෙන් ඉවත් වීම මගින් ආකාසානඤ්චායතනය වූ ක්‍රමය, method එක මතු වීම ය. විඤ්ඤාණඤ්චායතනය ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා, perception of base of infinite consciousness කියලා, අන්න ඒක වැටහෙනවා. අරූප ලෝකයන් සඳහා base, අඩිතාලම, මුල ආරම්භය ආකාසානඤ්චායතනයෙහි ඉපදීම සමඟ සිදු විය. පරම්පරාව lineage එක මේ පෙන්නන්නේ. එනම් ධම්මමච්ඡරිය මතු වීම ය. මෙය සෙනෙහස මෙනි. මේ වටහා ගැනීම, බනියා නිසා දරුවන්ට ඇති වූ සෙනෙහස මෙනි යනුවෙන් සිහි කරන්න. එය විසි කිරීමෙන් ආකාසානඤ්චායතන වූ බව දන්නේ ය.

පෙර පරම්පරාව සිහි කරන අයෙකු උදම් අනනවා වැනි ය. ආකාසානඤ්චායතනයට එළඹ වසන්නා වූ හට, රූප සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ හැසිරෙත් නම් එය ආබාධ වේ. සිව් වන ධ්‍යානයට එළඹ වසන්නා වූ හට, උපෙක්ඛා සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ හැසිරෙත් නම් එය ආබාධ වේ. එතැන උපෙක්ඛා සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ යන්න සඳහා, උපෙක්ඛා නිමිත්තේ ඇති සුඛය සිහි කරන්න. මෝහය සිහි කරන්න. තුන් වෙනි ධ්‍යානයට එළඹ වසන්නා වූ හට, ප්‍රීති සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ හැසිරෙත් නම් එය ආබාධ වේ. දෙවෙනි ධ්‍යානයට එළඹ වසන්නා වූ හට, විතක්ක සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ හැසිරෙත් නම් එය ආබාධ වේ. ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නා වූ හට, කාම සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ හැසිරෙත් නම් එය ආබාධ වේ.

යමෙක් ධ්‍යානයකින් නික්ම සම්බෝලයක් දකින විට, පළමුව එහි වේදනා සඤ්ඤා අගයන් මතු වීමත්, ඉන් අනතුරුව ආහාර රසය රූප ගැන යොමු වීම සිදු වන බව වටහා ගත යුතු ය. මෙසේ ඉහළ ධ්‍යානයක සිට පහළ ධ්‍යානයක් නිසා මතු වන්නා වූ සඤ්ඤා මනසිකාරයෝ විමසිය යුතු ය. මෙසේ මෙනෙහි කරන්නේ කූඤ්ඤය දැනීම පළමුව ඇති වේ. මහද්ගත සිතක් සහිතව සිටියේ, මුළු ඔළුව ම දැනේ, සිත ප්‍රභාස්වර වෙනවා. ඒක තමයි භාවනාව.

ඉතින් මේ භාවනාව කරලා, මේ repair කරනවිට නාමරූප ඇති තැන දී පතිලීයති, shrink විය යුතු යන්න, හොඳින් වැටහේ. කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, රූප සිට සඤ්ඤා දක්වා අගයෝ ය. මෙය ආකිඤ්චඤ්ඤායතනයේ සිට විමසන්නේ, ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් නිත්‍ය. එතනින් අපි පරාමාසයට. රූප ගතහොත් shrink වේ, වේදනා ගතහොත් shrink වේ, යනුවෙන් විමසන්නේ වැටහේ.

ඊළඟට අපි දන්නවා අර අත්තා 1 රැල්ල, 2 වැනි රැල්ල. එතකොට 1 රැල්ල නාමරූපවලට උඩින් ලියා ඇත්තේ එය නාමරූප අභිබවා පැමිණෙන බැවිනි. එනම් ආකිඤ්චඤ්ඤායතන වාසීහු වේදනා අගයන්ට තැනක් නොදේ. ඔවුන්ගේ ජීවිත ඉන්ද්‍රිය, සඤ්ඤාවන්ගෙන් පෝෂිත ය. 2 වැනි රැල්ල රූපවලට පහළින් ලියා ඇත්තේ, එය රූප අගයට යටත්ව ඇති බැවිනි.

ඊළඟට දෙවනුවට අපිට පේනවා සෝකය ඇති තැන දී පතිකුටති, bends away යන්නත් වැටහෙනවා. ආකිඤ්චඤ්ඤායතනයේ සිටින්නා වූ පුද්ගලයා, ආකිඤ්චඤ්ඤායතනයේ පැවතීම සඳහා අවශ්‍ය වන දිට්ඨියත්,(*1) රූපය ගැන, රූප ලෝකයේ පැවතීම සඳහා අවශ්‍ය වන දිට්ඨියත්, ඒ කියන්නේ රූපය මගේ යැයි ගෙන ඇති වන දිට්ඨියත් සමාන නොවන බව දන්නේ, රූපයෙන් ඉවත් වීම සඳහා විඤ්ඤාණය, bends away විය යුතු ය.

තුන් වෙනුව ස්පර්ශය ඇති තැන දී පතිවත්තති, අහක් විය යුතු ය. ආකිඤ්චඤ්ඤායතනය රකින්නේ රූප වැනි දේ භාවිතා නොකිරීම, ඒවායින් වැළකී සිටීම, කළ යුතු ය කියන කාරණාවන් වැටහෙනවා.

ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 28/05/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ කියන්නේ කිසිවක් නැත මගේ නොවේ යන ධර්මය මත විශාල වී එම තත්වය සිතින් අල්ලාගෙන සිටිනවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තවත් add කරන්න පුළුවන් එක එක දවසට භාවනා කරන විදිහට එන දේවල්.

මේක මේ 26 වෙනිදා භාවනා කරනකොට සත්තො ගුහායං භාවනාවෙන් පටන්ගෙන බලන්නෙයි කියලා කිව්වා. එතෙන්දී අර “දූරෙ විවෙකා හි තථාවිධො සො” කියන එක සිහි කරනකොට අපි දන්නවා ඒ චිත්ත විවේකය කියන එක පැහැදිලි කරනවා පළවන ධ්‍යානයට සමවැදුණු පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. දෙවෙනි ධ්‍යානයට සමවැදුණු පුද්ගලයාගේ සිත විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වෙනි ධ්‍යානයට සමවැදුණු පුද්ගලයාගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙනවා. සතර වෙනි ධ්‍යානයට සමවැදුණු පුද්ගලයාගේ සිත සුව දුක් දෙකෙන් වෙන් වෙනවා. එතකොට මේ විදිහට විමසුවහම කෙනෙකුට පේනවා මේ එක් එක් ධ්‍යානයන්ට ඇති ආබාධ, රෝගී බව මතු නොවන තාක් කල් විවේකය ඇති බව කියන එක වැටහෙනවා.

එතකොට ඒ වගේ ම අද මේ භාවනාව කරනකොට, ඔය විඤ්ඤාණ සිට රූප දිසාවට යෑම සිහි කරන්නේ මේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වන අවස්ථාව ලෙස ගන්න පුළුවන්. ඒ කියන්නේ 4.4 ජාති පළවෙනි රවුම නම් 5.3, 5.4 දෙවෙනි රවුම විදිහට ගන්න පුළුවන්. එතකොට 1 අත්තා සෑදීම අපි කියන්නේ පෙන්නන්නේ එතන. නෙවසඤ්ඤානාසඤ්ඤායතන වන්නේ සාදන ලද සංස්කාර මගේ නොවන ප්‍රමාණයට සඤ්ඤාව අනිත්‍යයව වැටහීමෙන් බව අපි දනිමු. මෙහි දී සංස්කාර වශයෙන් ථිනමිද්ධයෙන් වන විචිකිච්ඡාව ගන්න. විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨිය සනාථ කරන බව අපි දනිමු. මෙහි දී 1 අත්තා යන්න සනාථ නොකරමි යනුවෙන් සඤ්ඤා උපදවන්නේ නම් නැංවී ඇති ඵල චිත්තය ශාන්ත වෙනවා. බොහෝ වෙලාවක් ඉන්න පුළුවන්, ආලෝකයත් විහිදෙනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-03.jpg


DukkaChakraya/DukkaChakraya-07.jpg


Repair_bhavana2/Repair_bhavana2-02.jpg