ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
06/05/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. මෙය විමසීමට පෙර කෙනෙක් 04/03/2022 අනුපාද අපරිතස්සනා භාවනාවේ කරුණක් විමසීම නිසා, බුදුපියා පෙන්වා දුන් ධර්ම කොටසක් සිහියට නැගුණා.
වේදනාව සඤ්ඤාවෙන් හඳුනා ගනියි. එහි යම් තණ්හාවක් වේ ද, චේතනා ඇති වන්නේ ය. සඤ්ඤා අගය පරාමාසගත වන්නේ ය. අත්තා 1 සහ අත්තා 2 මාට්ටු කර සාදා ගත් සක්කාය දිට්ඨිය බවට පෙරළෙන්නේ නම්, විඤ්ඤාණ සෑදීම වැළකිය නොහැකි ය, ලෙස විමසා ඇත. මෙහි අත්තා 1 සහ 2 එකතු වීම නිසා, මාන වී මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි. ඉන් අනතුරුව මගේ යැයි ගනී. එසේ ඇති වන අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය යන්න වටහා ගත යුතු ය.
උදාහරණ වශයෙන්, සාරියක් ගන්නා අවස්ථාව ගත හැකි ය. සාරිය ගැන මෙම වර්ණ, මෙවැනි මල් ආදී වශයෙන් සිතේ ඇත. මෙය අත්තා 1 මගින් නිරූපණය කළ හැකි ය. එවැනි සාරියක් වෙළඳ සැලක ස්පර්ශ වන්නේ, දකින්න ලැබෙන්නේ අත්තා 2, මෙය හොඳ යැයි, විඤ්ඤාණ ධාරාව ගැලීම නිසා එනම්, විඤ්ඤාණ අධිමොක්ඛ වීම නිසා සිදු වන්නේ, අත්තා 1 සහ 2 එකතු වන්නේ එයට මාන වන්නේ, මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි. ඉන් අනතුරුව මගේ යැයි, එතං මම, මිල දී ගැනීම සමඟ සිදු වේ. එසේ ඇති වන අත්තා මගින් සක්කාය දිට්ඨිය ඇති වේ.(*1)
සාරිය කය වටේ ඔතන්නේ, ලස්සන යැයි හැඟීම් ඇත්තේ, එම සංස්කාරයන්ට මාන වේ. එනම් අත්තාට මාන වී නැවත නොපෙරළෙන මිච්ඡා දිට්ඨිය ඇති වේ යැයි වැටහිණ. මෙම ධර්මය සිත්හි තබාගෙන, 06/05/2022 නිබ්බාන භාවනාව කරන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ රෝගය ආබාධ, වන ආකිඤ්චඤ්ඤායතනය යමෙක් මගේ යැයි ගනියි. ආකිඤ්චඤ්ඤායතන ලාභියාගේ රෝගය වන විඤ්ඤාණඤ්චායතනය මගේ යැයි ගනී. මෙසේ ප්‍රථමධ්‍යාන ඵල ලාභියාගේ රෝගය, කාම සඤ්ඤාව, මගේ යැයි ගැනීම දක්වා මෙනෙහි කළා.
මඤ්ඤතං භික්ඛු රොගො, යන්න සිහි විය. මඤ්ඤතය රෝගයකි. Conceiving is a disease. අත්තා යැයි ගැනීම ම රෝගයකි, යන්න හොඳින් වැටහේ. සිත ප්‍රභාස්වර විය. කිසිවක් නොඅල්ලයි. ඉතින් ඒක තමයි භාවනාව.
ඉතින් මේ භාවනාවේ, මේ සාරිය කය වටේ ඔතන්නේ යන්නේ ගැඹුරු අර්ථයක් ඇත. කය ලෙස නාමකාය ගත යුතු ය. මෙහි දී පුණ්‍ය වන කර්මයන් කර ඇති වන පුණ්‍යමය කාය වටා ඔතයි. එතනින් සීලබ්බත උපාදාන වෙනවා. එතනින් අත්තවාද උපාදාන වෙනවා.
ඉතින් මෙතනට කියන්න පුළුවන් උදාහරණයක්. එක දානෙ ගෙදරකදි, අටපිරිකර අත ගහගෙන යනකොට එක්කෙනෙක් කිව්වා, ඒ අටපිරිකර එයාට ඉල්ලලා දෙන්නෙයි කියලා. එයා ගෙනාපු අටපිරිකරයක් නෙමෙයි. එතකොට ඒ විදිහට අර ඔතන දේ තේරුම් ගන්න පුළුවන්. සත්වයන් ගොඩ දමමියි, යන අදහස ඇති බෝසතාණෝ ද පුණ්‍යමය ක්‍රියා කරන්නේ අකුසල ක්‍රියාවන්ගෙන් වැළකෙන්නේ බ්‍රහ්ම ලෝකවල පවා ඉපදේ. බුදුපියවරු ද එසේ ය. මෙසේ පුණ්‍යාභි සංස්කාරය වටහා ගත යුතු ය. ආනෙඤ්ජාභි සංස්කාරයෝ ද අපුණ්‍යාභි සංස්කාරයෝ ද එසේ ය. මෙසේ ක්‍රියාවලිය අවබෝධ කරගන්නේ ලෝකවිදූ යන්න ඇසිණ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 04/06/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතන පේනවා මනෝමය කායෙන් ඉන්න එක්කෙනා ආප්ප දකිනවා නමුත් එයාට ගන්න බැරි යැයි කියන එක.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේ භාවනාව තවදුරටත් පැහැදිලි කරනවා නම්, ඔය අත්තා 1 විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප, ඒ කියන්නේ රවුම 2. එතකොට 2 අත්තා කියන එක විඤ්ඤාණ අධිමොක්ඛ වූ පසු ය. ඒ කියන්නේ 4.4 ට පස්සේ. අත්තා 1 සහ 2 එකතු වන්නේ මාන වන්නේ, එකතු වීම නිසා අත්තට මාන වෙනවා, මිච්ඡා දිට්ඨිය ඇති වේ. මෙය 5 වන රවුම 5 වන පියවර ලෙස ගත හැකි ය. පවතී යැයි සිතයි. මෙහි යම් මිල දී ගැනීමක් හෝ ලැබීමක් සිදු වේ ද “එතං මම”, මගේ යැයි ගනී. “අත්තා”, එය මගින් සක්කාය දිට්ඨිය ඇති වේ. 5.3 දී සංස්කාර මිය ගිය බැවින් නොලැබෙන්නේ යැයි සිතන්නේ නම් එකතු නොවේ. තාමත් පවතිනවා යන මතය පවතී. මෙය gambling මෙනි. Coin එකක් දාපු පලියට තමන්ට සල්ලි හම්බ වන්නේ නෑ ඒ machine එකේ.
8.2, අට වෙනි රවුම දෙවෙනි පියවර සාරිය මිල දී ගෙන ගෙදර ගොස් ස්පර්ශ කරමින්, නිත්‍යව ස්පර්ශ කළ හැකි යැයි සිතයි. මෙසේ මිච්ඡා දිට්ඨි වූ පමණින් සක්කාය දිට්ඨි නොවීම වටහා ගත හැකි අතර කුසල කර්මයන් මත කුසල විපාක යම් සේ ද මෙම එකතු වීම මිල දී ගෙන කරන ක්‍රියාවලියේ ප්‍රතිඵලය භුක්ති විදින බව වටහා ගත යුතු ය.
ඒ වගේ ම ආනෙඤ්ජාභි සංස්කාරයන් සිහි කරනවිට ඒ කුසල කර්ම, ඒ කියන්නේ රූප මගේ නොවේ යැයි ගැනීම නිසා ඇති වන මානසික තත්වය මගේ යැයි ගන්නා බව, එතං මම, අවස්ථාවේ දී යෙදිය යුතු යි.