Date: 20/05/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

13/05/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සාරිය උදාහරණයේ දී සඳහන් කළ කරුණට සිත යොමු වුණා. සාරියක් වෙළඳසැලේ දකින්න ලැබෙන්නේ, විඤ්ඤාණ ධාරාව සෝකය ළඟ දී ගැලීම නිසා, එනම් විඤ්ඤාණ අධිමොක්ඛ නිසා, අත්තා 1 සහ අත්තා 2 එකතු වීම, සාකච්ඡා කර ඇත.

විඤ්ඤාණ අධිමොක්ඛ නොවන්නේ නම්, එනම් ධාරාව සෝකය ළඟ දී නොගලන්නේ නම් කුමක් වන්නේ ද, යන්න සිහි කළා. මම හොඳ සාරියක් ගනිමියි යන අදහස ඇත. නමුත් සාරියක් දැක ගැනීමට නැති අවස්ථාව. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වී ඇත. 1 අත්තා වී ඇත.

10/08/2015 වේදනා පච්චයා තණ්හා භාවනාවේ දී, i අප්‍රියේහි සම්ප්‍රයෝග, ii සුභ, iii උපායාස, ඉක්මන් වන්නේ නම් ධාරාව නොගලයි, යනුවෙන් ඉගෙනගෙන ඇත. මෙය විමසීමේ දී ධාරාව නොගලන්නේ තණ්හාව නොවීම නිසා යැයි වැටහුණා. මේ සමඟ දකුණු ඇස ඇරීමත්, විඤ්ඤාණ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථ, මෝහ යන ධර්ම කොටස් මැකී යන බව වැටහුණා.

Line 5 හරහා පැවතිය හැකි ය යන්න නොපැමිණේ,(*1) මෙනෙහි කිරීම සඳහා 18/02/2022 Brahmin Truths 4 භාවනාවේ දී ඉගෙන ගන්නා ලද, විඤ්ඤාණ, 1 අත්තා, පරාමාසකායගන්ථය, භය අගති ගමන, අප්‍රියේහි සම්ප්‍රයෝග (*2) යන පථය යොදා ගත යුතු ය. විඤ්ඤාණ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථ, මෝහ යන ධර්ම කොටස් මැකී යන්නේ ප්‍රිය දෙය පවතිනවා යැයි සිතා මෝහ සල්ලයෙන් කරකවා, ප්‍රිය දෙය සෙවීම නැත. එනම් පෙර ඉගෙන ගත්, පහත සඳහන් කරුණු දෙක නැත.

1 සඤ්ඤාවේ ජරා අගය, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය, line 5 හරහා පැමිණ අප්‍රියේහි සම්ප්‍රයෝගයට මුලින් පැමිණේ.

2 මෙම අතරවාරයේ, පවතිනවා යන මිච්ඡා දිට්ඨිය, line 6 හරහා ව්‍යාධියේ සිට සෝකය දක්වා පැමිණ ඇත.

දැන් පවතිනවා යන මිච්ඡා දිට්ඨිය මත පැවතිය හැකිය යන මිච්ඡා දිට්ඨිය ගැලීම (*3) සිදු වේ. මෙම කරුණ නැත. මෙහි දී සිතිය නොහැක. උත්සාහ කළොත් ඉතාමත් slow ලෙස කරුණු විමසිය හැකි ය. මෙහි දී යමෙකුට රූප, ආහාර නොලැබෙන්නේ නම්, ජීවිත ඉන්ද්‍රිය වැය වෙන බව වැටහිණ. මෙම මානසික තත්වය වචනයට නඟා කීම අපහසු ය. මෙය ලියන විට, යමෙක් යමක් පතා ද එය නොලැබෙන්නා හට වන ආබාධ, රෝග මෙහි නැත, යනුවෙන් බුදුපියා උදව් කළා.(*4)

මෙසේ පැවතීම, existence වටහා ගත යුතු ය. තථාගතයන් වහන්සේට ආහාර නොලැබෙන්නේ ද මානසික ආබාධයක් එයින් ඇති නොවේ. මෙම ධර්මතාවය බොහෝ කලක් සිතේ පවතියි. ප්‍රායෝගිකව මනා ලෙස භාවිතා කළ හැකි ය. මෙය අවබෝධ කරගෙන සෝකය ළඟ දී තණ්හාව ලකුණු කර ඇති ස්ථානයට මනස යොමු කිරීම පමණක් ප්‍රමාණවත් ය. එපමණකින් විඤ්ඤාණ ධාරාව ගැලීම නවතී. ධාරාව ගැලීම නිසා තණ්හා වන බවත් තණ්හාව නිසා විඤ්ඤාණ ධාරාව ගැලීම වන බවත් හොඳින් වැටහේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 04/06/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) තේරුම් ගන්න ඕන පයිප්පයක එක තැනක් අපි pressure කළොත් ඒක අනිත් තැන්වලින් pressure එක මතු වෙනවා. ඔන්න ඔය ධර්මතාවය කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්.

(*2) ඒ තණ්හාව මගින් pressure කළොත් පමණක් විඤ්ඤාණ ඉදංසච්චාභිනිවෙසකායගන්ථ, මෝහ යන ධර්ම කොටස් පවතී. ඉතින් ඕව බැලුවහම කලින් පෙන්වලා දීලා තියෙනවා 03/08/2015 දුක්ඛ නිරෝධ භාවනාවේ දී, තණ්හාවෙන් අවිද්‍යාව, අවිද්‍යාවෙන් තණ්හාව.

(*3) ඒ ජරා දක්වා යෑම.

(*4) ඉතින් මේ භාවනාව කෙනෙක් කරලා ම අවබෝධ කරගත යුතු දෙයක් ඒ කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඇති වුණා වූ මානසික තත්වය ඒක මොකක් දැ යි කියලා කියන්න අපහසුයි. එතකොට ඒක තමයි රහතන් වහන්සේ උදව් කළේ, යමෙක් යමක් පතා ද, එය නොලැබෙන්නාට වන ආබාධ රෝග මෙහි නැත කියන එක.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේ භාවනාව කරලා ඇවිදිනකොටත් කෙනෙක් සිහි කරනවා නම් සෝකය සහ තණ්හා ලකුණු කර ඇති ස්ථානයට මනස යොමු කිරීම මගින් මානසික ආබාධයන්ගෙන් තොරව ගමන් කරන්න පුළුවන්. බොහොම practical භාවනාවක් බොහෝ විදිහට ඉන්නත් පුළුවන්.

තවත් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඔය line 5 හරහා පැවතිය හැකි ය යන්න නොපැමිණියේ නම් කෙසේ අප්‍රියේහි සම්පයෝග වන්නේ ද කියන එක. පරණ සාරිය අප්‍රියේහි සම්පයෝග ලෙස ගත යුතු ය. සඤ්ඤාවේ ජරා අගය ඇත. පැවතිය හැකි ය යන්න නැත.

ඒ වගේ ම මේ භාවනාව කරලා repair කරනකොට පතිලීයති යන්න මෙනෙහි කරන අවස්ථාවේ දී අත්තා කරගෙන සෝකයට පත් වූයේ ය යන්න සිහි කරන්නේ, 2 අත්තා විඤ්ඤාණ අධිමොක්ඛ වූ පසු ය. එනම් 4.4 ට පසු ය. මෙහි සෝකය ඇත. අත්තා 1 සහ අත්තා 2 එකතු වන්නේ මාන වන්නේ එකතු වීම නිසා අත්තාට මාන වේ. මිච්ඡා දිට්ඨිය ඇති වේ. මෙය සක්කාය දිට්ඨිය බවට පෙරළෙන්නේ විඤ්ඤාණය සෑදෙන්නේ පදුට්ඨමනසඞ්කප්පය හරහා නැවතත් සෝකය. මෙසේ සෝකයේ සිට සෝකයට යයි. සංස්කාර දෙකක් සමාන නොවිණ යැයි සිහි කරන්නේ ථීනමිද්ධයෙන් විචිකිච්ඡාව. විචිකිච්ඡාව මගින් උදව් නොකරන්නේ නම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා නොයයි. එනම් පටිච්චසමුප්පන්න නොවේ. පටිච්චසමුප්පන්න නොවේ නම් විඤ්ඤාණ ධාරාව නොගලයි යනුවෙන් වැටහුණා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Vedanapaccayatanha.jpg


Repair_bhavana2/Repair_bhavana2-02.jpg