ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
08/04/2022 නිබ්බාන භාවනාව නැවතත් බැලුවා. මෙහි දී අතීත අනාගත වර්තමාන තුන් කාලයේ දී ම පටිච්චසමුප්පන්නව සිදු වන බව දත යුතු ය, යන්න සිහි කරන්නේ, මුළු සක්කාය ම ද්වේෂ සහගත බව වැටහිණ. මෙය එක් එක් තලයන්ට තථාගතයන් වහන්සේ දක්වා ඇති ආබාධ,(*1) මගේ යැයි ගැනීමෙන් සිදු වූයේ ය. “Excellent” යැයි ඇසුණා.
මෙහි දී විමසන්නේ හැදෙන්නා වූ සක්කාය. එනම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වන විට හැදෙන්නා වූ සක්කාය ය. මෙසේ මුළු සක්කාය ම ද්වේෂ සහගත වන බැවින් දුක ය. දුක්ඛ දුක්ඛතා. සෑදුණා වූ සක්කාය දුක බව පෙර භාවනාවලින් වටහාගෙන ඇත. එනම් ජාතිය ඇති නම් ජරා, ආදී වශයෙනි.
විමංසා ඉද්ධිපාද slide 8 සමඟ විමසන්නේ නම් මෙය වැටහේ.(*2) ඉතින් ඒකේ අපි දන්නවා අර අතිලීනො ඡන්දො, අතිපග්ගහිතො ඡන්දො, අජ්ඣත්තං සංඛිත්තො ඡන්දො, බහිද්ධා වික්ඛිත්තො ඡන්දො, කියලා අපි බලලා තියෙනවා.
ඉතා සැඟවුණු ඡන්දය අතිලීනො ඡන්දො, මෙය අරූප ධ්‍යාන තලයක සිට රූප දෙසට ඇදී යන අවස්ථාව සමඟ විමසන්න. මෙහි දී රූප කෙරෙහි ඇදී යාමට තුඩු දෙන්නා වූ සඤ්ඤාව, ඉතා සැඟවුණු ස්වභාවයක පවතී. පෙර සඤ්ඤා යම් සේ නම් පසුත් එසේ ය. පසු සඤ්ඤා යම් සේ නම් පෙරත් එසේ ය යන්න භාවිතා කළ යුතු ය.
මෙසේ රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන්, වැළකීමට විරිය භාවිතා කරන්නේ, සමාධිය ඇති වේ. එය මගින් ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්දය අතිපග්ගහිතො ඡන්දො ඇති වේ. පෙර යම් සේ රූප සොයා පැමිණියා ද, එම රූපයන් යට යම් සේ නම් උඩත් එසේ ය, උඩ යම් සේ නම් යටත් එසේ ම වෙසේ. යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො, ලෙස මෙනෙහි කළ යුතු ය. මෙහි දී අත්තා 1 සහ 2 එකතු වන බවත්, එය සමාධිය නිසා ම වන බවත් වැටහිණ.
මෙහි දී සමාධිය balance ය. හිසෙහි දෙපැත්ත ම එක ම තත්වයකට දැනේ. එමනිසා මෙසේ සිටින්නට හැකි නම් යැයි සිතෙන්නේ තම සක්කාය දිට්ඨිය නිසා අජ්ඣත්තං, ඇතුළත හැකිළුණු ඡන්දය. අජ්ඣත්තං සංඛිත්තො ඡන්දො යන්න හෙළිදරව් වේ. මෙවැනි චිත්ත සංස්කාරයන් පහළ වන්නේ එයට ම අස්මිතිය ඇති වේ. මෙහි යම් බැස ගැනීමක් වේ ද, එමගින් අස්මිති මාන ඇති වේ. මෙම මුළු ක්‍රියාවලිය ම පටිච්චසමුප්පන්නව සිදු වන බව දැන, එනම් විචිකිච්ඡාවේ සමුදය දැන, නිවනින් පිටත වූ දෙයක් මගේ යැයි නොගනී. ඇති වුණා වූ මානය එනම්, උඩ සක්කාය දිට්ඨිය පහළ විචිකිච්ඡා අනුසය මගින් සනාථ කිරීම මගින් වන මානය බැස යන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඉතින් මේ භාවනාවට පෙර දිනයක, බුදුපියවරු සිහි කරන්නේ, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා සිහි කරනවිට, චේතනාව ළඟ දී, එම බුදුපියා වැඩ සිටි බව දුටුවා. සමාධිය ඇති විය. බුදුපියා පැවසුවා, චේතනා දෙකක් එකවර නොවන බව. එක චේතනාවකට අනතුරුව අනෙක් චේතනාව සිදු වන බව.
එම චේතනා දෙක එකතු කරන්නේ නම් මනසේ ගැටුම් ඇති වේ. උදාහරණ වශයෙන් කුසල චේතනා නිර්වාණය සොයයි. තව චේතනාවක් යමෙක් පවසන දෙයක් නිසා ඇති වන්නක්, එය නිවනින් පිටත දෙයකි. මෙම දෙක ගැටේ. බහිද්ධා වික්ඛිත්තො ඡන්දො. තව ද යමක් පැවැති පමණින් සාරිය, රැකියාව මොහොතකට පැවැති පමණින්, ඊළඟ මොහොතේත් පවතිනවා යන්න, චේතනාව සමඟ එකතු නොකළ යුතු ය. මෙසේ වරදවා ගතහොත් චේතනා දෙක ම එකවර සිදු වන්නාක් මෙන් දැනී, ගැටීම ඇති වේ. චේතනා ධර්මය සහම්පති බුදුපියාගෙන් පසුව ඉගෙන ගන්න යැයි පැවැසුවා. එය සහම්පති බුදුපියාගෙන් මම ඉල්ලා සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම දහම බිහි විය. කුසල චේතනාවන් නිර්වාණය සොයන බව දන්නේ එහි විචිකිච්ඡා නොකළ යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 18/06/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) රෝගී සඤ්ඤා.
(*2) ඉතින් මෙතන කීප දෙනෙකුට ප්‍රශ්නයක් තියෙන බව පෙනුණා මේක තේරුම් ගන්න එක, ඒක පොඩ්ඩක් සඳහන් කරනවා නම් අපි දන්නවා ථීනමිද්ධය රෝගීයි. ඒ කියන්නේ සෑම තලයක ම ඉපදීමක් තියෙනවා ද රෝගී බව ඇත. එතකොට ථීනමිද්ධයෙන් විචිකිච්ඡාව කියන එක ඇති වෙනවා. විචිකිච්ඡාව ඇති වෙනවා නම් අපි දන්නවා අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්රවට යනවා කියන එක. එතකොට ඉතින් එතනට ගියා නම් අපි දන්නවා ඉතින් සුඛයි කියන එක එහෙම ගන්නවා. හැබැයි ඉතින් ද්වේෂ සල්ලයෙන් අපි කරකැවීම කියන එක ඔතන තියෙනවා. ඕක කරකවන තාක් කල් 50% හරහා පැමිණි වේදනාවෝ ද්වේෂ සහගතව පරාමාසගත වෙනවා. එතකොට දැන් විචිකිච්ඡා අනුසයෙන් සක්කාය දිට්ඨිය සනාථ කරනවා.
එතකොට එහෙම නම් ඔයගොල්ලන්ට පේනවා මේ පරාමාසය හරහායි ඕක එන්නේ, එහෙනම් අර ද්වේෂය පරාමාසය හරහා සක්කායට එකතු වෙනවා කියන එක තියෙනවා. අර වේදනාවෙන් ඇති වෙච්ච ඒ දුක්ඛ වේදනාවන් ඇතුල් වෙලා වෙන්නා වූ දේ. දැන් මෙතන මේ විමංසා ඉද්ධිපාද slide 8 එක බැලුවහම එතන ඉතා සැඟවුණු ඡන්දය.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකේ මේ චේතනා ධර්මය කුමක් ද? තථාගතයන් වහන්සේ නිවන් මඟ පෙන්වයි. එහි උත්සාහ කරන්නෙක් අරූප ධ්‍යාන දක්වා යන්නේ අසත්පුරුෂ බස් අසා ඇත්තේ රූප සොයා යෑම සඳහා චේතනා නොකළ යුතු ය. අතිලීනො ඡන්දො නොවිය යුතු ය. මෙසේ විමසන්නේ අතිපග්ගහිතො ඡන්දො නොවීමටත් එනම් ඉන් අනතුරුව සමාධිය අළලා ධ්‍යාන තලයන්හි වාසය නොපතන්නේ නමුදු තම සක්කාය දිට්ඨිය නිසා අජ්ඣත්තං, ඇතුළත හැකිළුණ ජන්දය, අජ්ඣත්තං සංඛිත්තො ඡන්දො සඳහා චේතනා නොකළ යුතු ය. මෙසේ ස්ථාවර වන්නේ අවසාන වශයෙන් මුළු ක්‍රියාවලිය ම පටිච්චසමුප්පන්නව සිදු වන බව දැන එනම්, විචිකිච්ඡාවේ සමුදය දැන නිවනින් පිටත වූ දෙයක් මගේ යැයි නොගනී. ඇති වුණා වූ මානය, එනම් උඩ සක්කාය දිට්ඨිය පහළ විචිකිච්ඡා අනුසය මගින් සනාථ කිරීම මගින් වන මානය නිසා චේතනා නොකළ යුතු ය.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්