ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
27/05/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. විමංසා ඉද්ධිපාද slide 8 වල ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්දය, අතිපග්ගහිතො ඡන්දො යන්න විමසීම කළා. එහි රෝගී සඤ්ඤාව නිසා ඇති වන ප්‍රතිඵලයට අභිජ්ඣා නොවීම සඳහා ඡන්ද සමාධිය භාවිතා කර, ඉන්ද්‍රිය සංවර කරගත යුතු ය, යන්න විමසන්නේ, අත්තා යැයි ගෙන ඇති වන මෙම ප්‍රතිඵල දෙක, රාගය සහ මෝහය වේ යනුවෙන් 26/03/2021 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කර ඇත.
අරූප ධ්‍යාන තලයක සිට රූප දෙසට පැමිණීම සමඟ විමසන්නේ, අරූප ධ්‍යාන තලවලට ඇති ඇල්ම පහ වන්නේ නම් මෝහය ඉවත් වේ. රූපවලට ඇති ඇල්ම පහ වන්නේ නම් රාගය ඉවත් වේ. ප්‍රතිඵල ඉවත් කිරීමට උත්සාහ කළත් ඇයි අත්තා ඇති වෙන්නේ? මෙය පූර්ව කර්මය නිසා යැයි වැටහිණ.
ශරීරය ඇති නිසා ආහාර ගන්නාක් මෙන් නාමකාය ඇති නිසා අත්තා ඇති වේ. ද්වේෂය නිසා ඉපදේ. රාගය සහ මෝහය ඉවත් කිරීමට වෑයම් කළත් ද්වේෂය පවතී. සාදාගත් නාමකාය පවතී. ඒ නිසා අත්තා යන්න ඇති වේ.
ආලෝක සඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී. දිවා සඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ. ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති. දිවා සඤ්ඤා සුවදිට්ධිතා. ථීනමිද්ධ නොවීමට ආලෝක සඤ්ඤාව භාවිතා කරන්න. ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති. විචිකිච්ඡාවේ සමුදය දැන, නිවනින් පිටත වූ දෙයක් මගේ යැයි නොගනියි. දිවා සඤ්ඤා සුවදිට්ධිතා.
සෑදෙන චිත්ත සංස්කාරය රෝගී ය. ඕනෑ ම තලයක ඉපදීම ගතහොත් රෝගීයි. මුළු සක්කාය ම ද්වේෂ සහගත ය. මෙය පටිච්චසමුප්පන්නව සිදු වේ. නාමකයට ඇති තණ්හාව අත්හරින්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 18/06/2022
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඒ භාවනාවට අපි ටිකක් එකතු කරනවා නම්, ඔය 06/05/2022 නිබ්බාන භාවනාවට අනුව එක් එක් තලයන්හී ඉපදෙන අයගේ ආබාධ රෝගී බව ගැනීම සිහි කර කරන්නේ, කාම සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ දක්වා පැමිණෙන්නේ එනම් ප්‍රථමධ්‍යාන ලාභියා ධ්‍යානයට එළඹ වසන්නා වූ හට කාම සහගත වූ සඤ්ඤා මනසිකාරයෝ හැසිරෙත් නම් එය ආබාධ වේ යන්න දක්වා පැමිණෙන්නේ, එතකොට එතැන දී ඔයගොල්ලන්ට එනවා අර ජරා වේදනා අසම්පජාන රේඛාව, එතන කාම සඤ්ඤාව, තවදුරටත් තණ්හාව මගින් එකතු කිරීමට තුඩු දුන්නා වූ ථීනමිද්ධ, රෝග, විචිකිච්ඡා දුක යැයි සැක නැති වන්නේ නම්, ඒ කියන්නේ විචිකිච්ඡාවේ තියෙන්නේ දුක යැයි කියන සැකය, එතකොට ඒක නැති වෙනවා නම් තණ්හා නොවේ යන්න වැටහිණ.
කෙසේ ද? ථීනමිද්ධ, ඒ කියන්නේ රෝගයෙන්, විචිකිච්ඡා නොවන්නේ නම්, ජාතියේ සිට ජරාව දක්වා නොයයි. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වෙන්නේ නැහැ.
රෝගී බව සැක නොකළ යුතු ය. සෑම තලයක ම ආබාධ, රෝගී බව ඇත. මෙය සැක නොකළ යුතු ය.
ඉතින් මේ භාවනාවේ දී ඉතින් රහතන් වහන්සේ “Excellent” කියලා තුන් පාරක් ම කිව්වා ඔය අවස්ථාවේ දී. එතකොට කෙනෙකුට මේක අර සත්තො ගුහායං ගාථාවේ නන්දිය එහෙම පටන් අරගෙනත් ඒක සිහි කරන්න පුළුවන්.
එතකොට මේ භාවනාව ආපහු දවසක කරනකොට අපි දැන් සඳහන් කළා නේ ථීනමිද්ධ රෝගයෙන් විචිකිච්ඡා නොවන්නේ නම් ජාතියේ සිට ජරාවට නොයන්නේ ය, රෝගී බව සැක නොකළ යුතු ය කියලා. ඒක මතක් වෙනවාත් එක්ක ම සිත නතර වෙනවා විඤ්ඤාණ ධාරාව නොගලනවා.
ඒ කියන්නේ දැන් අපි භාවනාව ඉවර වෙලා බුදුපියවරු එහෙම සිහි කරනවා නම් ඒ බුදුපියවරුන්ගේ නම කියාගන්න දෙවිවරුන්ට පින් දෙන්න ඒ දෙවිවරුන්ගේ නම කෑලි වශයෙන් තමයි කියාගන්න තත්වයට තියෙන්නේ.
එතකොට මේ වෙලාවේ දී භාවනා කරුණු හොඳට මතක තියෙනවා. ඒ වුණත් මොකක්වත් කරන්න බැහැ කියන එක. ඉතින් ඒක මම ඇහුවා බුදුපියවරුන්ගෙන්. දැන් ඒ අය අපි දන්නවා ඉන්ද්‍රිය බල ධර්මයන් භාවිතා කරලා නේ මේක කරන්නේ කියලා.
එතකොට මේ අවස්ථාවේ දී එහෙමවත් මට කරන්න බැරි බව තේරිච්ච හින්ද මම ඇහුවා ම කිව්වා ආශ්‍රව නැසුවාට පස්සේ වෙනසක් තියෙනවා කියලා රහතන් වහන්සේ පැවසුවා.
ඉතින් තථාගතයන් වහන්සේ තණ්හාව නිසා දුක ඇති වන බව දේශනා කර ඇත්තෙත් මේක අවබෝධ වීමෙන්.
එතකොට මේ භාවනාවේ තවත් එකතු වෙන්න තියෙනවා. මොකද repair භාවනාව කරනකොට අපි මෝහ ගලේ වැදිලා කුඩු වෙලා පැමිණ ඇති නිසා නාමරූප ලකුණු කරන තැන දී පතිලීයති / shrinking away, වකුටු වේ, සිත නොඇලේ යන්න සිදු විය යුතු නමුත් එසේ නොවේ. චේතනා කර අත්තා කරගන්නේ අත්තානු දිට්ඨියේ බලපෑම නිසා ය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යන රැල්ල විසාල නිසා එම ධාරාවට අසු වී සුඛය, තමා ඒ කියන්නේ අත්තා කරගෙන සෝකයට පත් වූයේ ය. මෙහි දී දිට්ඨි දෙක සමාන නැති බවත් සංකල්ප දෙක සමාන නැති බවත් සංස්කාර දෙක සමාන නැති බවත් දැනගනී.
එතකොට මෙතන මේ දිට්ඨි දෙක සමාන නැති බව repair කරනකොට ගොඩක් උපකාර වෙනවා. ඒ දිට්ඨි දෙක සමාන නැති බව 1 අත්තා ගත්තහම රූප මගේ නොවේ යැයි කියන දිට්ඨිය, 2 අත්තා කියලා ගත්තහම රූප මගේ යැයි කියන දිට්ඨිය, මේ දිට්ඨි දෙක සමාන නැති බව.
ඊළඟට සංකල්ප දෙක සමාන නැති බව කිව්වහම, පරාමාසයේ ඉඳන් අපි විඤ්ඤාණයට පදුට්ඨමනසඞ්කප්පය, එතන නිත්‍ය කතාව. ඊළඟට පරාමාස ඉඳන් line 7 වලට පරිදේවය. එතකොට ඒ සංකල්ප දෙක ගත්තහම සමාන නැහැ නේ. එකක් නිත්‍යයි කියනවා. මෙතන පල්ලෙහා එක පරිදේවය.
ඊළඟට සංස්කාර දෙකක් සමාන නැති බව දැනගනී කිව්වහම, එතනත් ගොඩාක් ධර්මය තියෙනවා. ඒ කියන්නේ ථීනමිද්ධය, අපි දන්නවා රෝගය. එක් එක් තලවල ඉපදුණොතින් ඒ ආබාධය තියෙනවා. එතකොට ඒකෙන් එනවා විචිකිච්ඡාව.
එතකොට දැන් ථීනමිද්ධයේ රෝගී බව, දුක බව කියන එක තියෙනවා, දැන් විචිකිච්ඡාවේ දී කියනවා දුකයි කියන එක සැකයි කියලා. ඒකෙ ඉතින් කෙනෙක් හොඳට හිතල තියෙන්න ඕන.
ඒ කියන්නේ කාට හරි cancer හැදිලා තියෙනවා. ථීනමිද්ධය, රෝගී කියන එක ගන්න. එතකොට තව කෙනෙක් කියනවා ඔයාට දුකයි නේ ද කියන එක, එතකොට එයා කියනවා මට මේක දුකයි කියන එක නම් සැකයි කියලා, මෙහෙම ඉන්න එක. අන්න ඒ වගේ භාවනාවට හුඟාක් ගන්න පුළුවන්. එතකොට ආබාධ ඇතුව ඉන්න එක දුකයි කියන එක සැකයි.
ඊළඟට ගන්න විචිකිච්ඡා අනුසයෙන් අපි යනවා සක්කාය දිට්ඨිය හදන සංස්කාරය කියන එකට. එතකොට ඔතන සංස්කාර දෙක සමාන නැතෙයි කියන එක ගන්න, අර විචිකිච්ඡා කියන සංස්කාරය, දුකයි කියන එක සැකයි කියන සංස්කාරය, ඊළඟට මේ සක්කාය දිට්ඨියෙන් කියනවා, එයා ප්‍රකාශ කරනවා සුඛයි කියන එක.
ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම්, කියන්න පුළුවන් දුක බව අමතක කරන විචිකිච්ඡා සංස්කාරයත් සුඛ යැයි පවසන සක්කාය දිට්ඨි සංස්කාරයත් සමාන නැතෙයි කියලා.
එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්