ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
27/05/2022 නිබ්බාන භාවනාව නැවතත් බැලුවා. විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨිය ස්ථිර කරනු ලබයි. යම් දිට්ඨියක් වේ ද, එය මගින් ඇති වන්නා වූ කුසලයෝ ඇත. අකුසලයෝ ඇත. එහි යම් බැස ගැනීමක් සිදු වන්නේ නම්, ථීනමිද්ධ ස්වභාවය නිතැනින් හටගනී.(*1) කුමක් නිසා ද?
විචිකිච්ඡා අනුසය මගින් සනාථ කරන ලද දිට්ඨිය, චතුරාර්ය සත්‍යයෙන් පෝෂිත නොවන නිසා ය. සුඛ යැයි කියන්නේ නමුදු, සත්‍ය දුක ය. මේ නිසා ය. මේ නිසා ථීනමිද්ධය මගින් විචිකිච්ඡා ඇති වන බව කියයි. ආහාරයක් ගැනීමෙන් අනතුරුව ලෙඩ වන්නේ නම්, ආහාරය සැක ය. ධ්‍යාන තලයක ඉපදෙන්නේ සුඛ යැයි සිතා ය. එනම් කුසලයේ බැස ගැනීම ඇත්තේ, එහි දුක යන්න සැක ය. මෙහි අනිත් පැත්ත බලන්නේ නම් වැටහේ.
යම් විචිකිච්ඡාවක් නොවූයේ ද, සක්කායක් නොමැති අතර, විඤ්ඤාණයේ බැස ගැනීමක් නොවේ. වඩුවා සාදන උපකරණය ලී භාණ්ඩය ප්‍රයෝජනයට ගන්නතාක් කල්, එහි අඩුපාඩුකම් කිව නොහැක්කාක් මෙනි.(*2) පුටුවේ කකුල කොට බව වැනෙන නිසා දැනගනී. මෙසේ ම අරූප ධ්‍යාන තලයක සිට රූප දෙසට ඇදී යනවා දැක, සෙලවීම දැන ගනියි. ඔහු රූප සඤ්ඤා එපා කීවේ ය. සෙලවීම දැක ථීනමිද්ධ ස්වභාවය ඇති වේ. දැන් දුක යන්න සැක ය. එපා කියන ලද්ද සුඛ නොවේ දැ යි සිතයි. කුමක් නිසා ද? භවය පවතින නිසා ය. “Excellent” යැයි ඇසුණා. පුටුව සෙලවුණත් වාඩි වී සිටිය හැකි ය. මෙම භාවනාව කරන්නේ රූප ස්පර්ශය වීමෙන් කුසීත වන බව කොසජ්ජ, දැන විරිය භාවිතා කළ යුතු ය යන්න සිහි කරන්නේ, එය ඉතා ගැඹුරු අර්ථයකින් පවසා ඇති බව වැටහිණ.
ඉතින් මෙතනට diagram එකක් එනවා, අපි ඒක දෙනවා.(*3)
ඒ කියන්නේ ඔය විචිකිච්ඡාව, එතන එනවා දුක යන්න සැක ය. එපා කියන ලද්ද සුඛ නොවේ දැ යි සිතයි. භවය පවතින නිසා ය. එතනින් කොළ පාට arrow එකක් ඇඳලා තියෙනවා, සක්කාය දිට්ඨිය එතන වරහනක් ඇතුළේ දාල තියෙනවා, සුඛ යැයි සිතයි.(*4)
ඊළඟට කබලිංකාර ආහාරයේ ඉඳන් ථීනමිද්ධයට arrow එකක් ඇඳලා තියෙනවා. එතන ථීනමිද්ධය ළඟ රෝගී කියන එක ලකුණු කරලා තියෙනවා. විචිකිච්ඡා අනුසය මගින් සනාථ කරන ලද දිට්ඨිය, එක කෙළවරකි. එය හරහා ඇති වන ථීනමිද්ධය, තව කෙළවරකි. මූලාරම්භය ජරාවට පත් වන රූපය ම වේ.
මෙය ආශ්‍රව නසන අවස්ථාවක භාවිතා කළ හැකි, කළ යුතු ධර්මතාවයකි. තව ද යම් දිට්ඨියක් වේ ද, එය මගින් ඇති වන්නා වූ කුසලයෝ ඇත. අකුසලයෝ ඇත. මෙහි කුසල් හෝ අකුසල් නොවන ආනෙඤ්ජය සඳහන් නොකළේ මන්ද යන්න විමසන්නේ, එය පුටුවේ වාඩි වීමෙන් පසුව පමණක් සිදු වේ යන්න වැටහිණ. වාඩි වී මගේ නොවේ යැයි පවසන්නේ නම් පමණක්, ආනෙඤ්ජය සිදු වේ. මගඵල චිත්තයෝ ද එසේ ය. මගඵල චිත්තයේ ථීනමිද්ධය නැත. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේ භාවනාව කරන්නේ, දිට්ඨිය තුළ දුක යන්න සැඟවී ඇත. සුඛ යැයි සිතයි. එහි බැස ගැනීම නිසා ථීනමිද්ධ වන්නේ ය, යන්න සිහි කරන්නේ කූඤ්ඤය පවා දැනේ. මෙම අගයෝ ම විචිකිච්ඡාවට යන්නේ, දුක යන්න සැක වේ. Diagram එක සිහි කරන්නේ කූඤ්ඤය දැනෙන අතර ඔළුව විශාල ය. මෙහි දී රූප හෝ ථීනමිද්ධ දෙක ම නොගනී යැයි සිතන්නේ, “Excellent” යැයි ඇසුණා.
බුදුපියවරු මෙවැනි ධර්මයන් දීම ගැන, අධික කෘතඥතාවයක් තිබුණා. ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 02/07/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) මෙතන මේ නිතැනින් කියලා කියන්නේ තැනක් නැතුව, independent of a place.
(*2) ඒ කියන්නේ ප්‍රයෝජනයට ගැනීම සිදු කරන තාක් කල් කියන එකයි, ගන්න තාක් කල් කියන්නේ, until I make use of it.
(*3) කබලිංකාර ආහාරයේ ඉඳන් ථීනමිද්ධයට රේඛාවක් ඇඳලා දුඹුරු පාටට, ඊළඟට කොළ පාටට රේඛාවක් ඇඳලා තියෙනවා විචිකිච්ඡා අනුසයේ ඉඳන් සක්කාය දිට්ඨියට arrow එකක්. එතන අපි කාරණා ලකුණු කළා.
(*4) ඉතින් මේක කෙනෙකුට තේරුම් ගන්න අමාරු නිසා තව පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්, දැන් අපි කිව්ව නේ කුසලයෝ ඇත අකුසලයෝ ඇත එහි බැස ගැනීමෙන් ථීනමිද්ධය කියලා. අපි කියමු ඒ කාරණාව a කියලා. අන්න ඒ a කියන එක ඔයගොල්ලන්ට ලකුණු කරගන්න පුළුවන් සක්කාය දිට්ඨියයි ථීනමිද්ධයයි අතර අර දුඹුරු පාට arrow එකේ ලකුණු කරගන්න පුළුවන්.
ඊළඟට b කියලා අපි ගත්තොත් බැස ගන්නේ සුඛ යැයි සිතයි. ඒක අර දුක යන්න සැකය කියන තැනටයි ඒක එන්නේ. එතකොට a වලින් b වෙනවා නේ ද කියන එක හිතන්න. උදාහරණයක් විදිහට කියනවා නම් a හැටියට ගන්න පුළුවන් engineering කරලා Australia යමි යැයි බැස ගනී. ඒ කියන්නේ අකුසලයේ බැස ගනී. b කියලා ගන්න පුළුවන් Australia වට පැමිණි පසු, සුඛ යැයි සිතයි. අන්න ඒ අර්ථයෙන් තේරුම් ගන්න. මොකද පෙළක් අයට මේක තේරුම් ගන්න අමාරුයි.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
තවත් එකතු කරනවා නම් දිට්ඨිය තුළ මුළු කතාව ම ඇත. එහි සුඛ යන්න ඇත. කුසලයේ අකුසලයේ බැස ගැනීමට තුඩු දීම ඇත. සම්මා දිට්ඨියේ වැදගත්කම පෙනේ. එහි දුක යන්න ඇත. බැස ගැනීමට තුඩු දීම නැත. සමුදය අස්තංගමය දන්නා නිසා ය.
සමාධිභාවනා සුත්‍රයේ සතුට සොයයි යන්න දිට්ඨිය මගින් උලුප්පා දෙන සතුට සොයන බව වටහා ගත යුතු ය. සමාධි භාවනාවේ වැදගත්කම පෙනේ. දිට්ඨිය බිඳෙන්නේ සමුදය අස්තංගමය දැකීමෙනි. ඉතින් එතෙන්ට ගන්න පුළුවන් අර ආලෝක සඤ්ඤා මැනවින් ගන්නා ලද්දී. දිවා සඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ. ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති, දිවා සඤ්ඤා ස්වාධිට්ඨිතා, ථීනමිද්ධ නොවීමට ආලෝක සඤ්ඤාව භාවිතා කරන්න.
ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති. විචිකිච්ඡාවේ සමුදය දැන නිවනින් පිටත වූ දෙයක් මගේ යැයි නොගනී. දිවා සඤ්ඤා ස්වාධිට්ඨිතා.
ඒ වගේ ම රූප මගේ නොවේ යැයි පවසන්නේ එය කුසල ගණයට වැටේ. මෙසේ මනස විශාල වූ පසු ආකාසානඤ්චායතනයේ ඉපදීම ද විය හැකි ය. එහි දී භාවනා කරන්නේ රූප මගේ නොවේ යැයි පවසන්නේ නම් පමණක් ආනෙඤ්ජය සිදු වේ. එම අවස්ථාවේ දී ථීනමිද්ධය නැත.
ආකාසානඤ්චායතනයේ ඉපිද භාවනා නොකරන්නේ රූප මගේ නොවේ යැයි නොපවසන්නේ, එහි දී රූප දෙසට ඇදී යාම ද සිදු වේ. මෙය ආනෙඤ්ජාභි සංස්කාරයක් නොවේ. එහි ථීනමිද්ධය ඇත.
එතකොට ඒක තමයි, ඒක ගැන කියන්න තියෙන්නේ.