Date: 17/06/2022 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

13/05/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි පෙන්නනවා, වේදනාව සඤ්ඤාවෙන් හඳුනා ගනී. එහි යම් තණ්හාවක් වේ ද, චේතනා ඇති වන්නේ ය. සඤ්ඤා අගය පරාමාසගත වන්නේ ය. අත්තා 1 සහ අත්තා 2 මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය බවට පෙරළෙන්නේ නම් විඤ්ඤාණය සෑදීම වැළකිය නොහැකි ය. වේදනාව හා සම්බන්ධ වූ අගයෝ චේතනාව දක්වා ගෙන ගොස් ඇත.

ඉතින් අපිට මේක, diagram එකක mark කරගන්න පුළුවන්. මේක අපි දෙනවා.

MM_17_06_2022.jpg

ඒ මනොසඤ්‌චෙතනාව ළඟ වේදනාව හා සම්බන්ධ වූ අගය චේතනාව දක්වා, තණ්හාවෙන් ගෙන ගොස් ඇත. පරාමාසකායගන්ථය යටින් සඤ්ඤා අගය පරාමාසගත විණ. එතකොට තණ්හාව ළඟ අපිට ලියාගන්න පුළුවන්, රූප අගය තණ්හාව මගින් නිරූපණය කරයි. එතකොට මනොසඤ්‌චෙතනා ආහාරයේ ඉඳන් විඤ්ඤාණ ආහාර පැත්තට නිත්‍ය සඤ්ඤාව තියන තැනට arrow එකක් ලකුණු කරලා තියෙනවා.

විචිකිච්ඡා අනුසය මගින් සනාථ කරන ලද දිට්ඨිය, චතුරාර්ය සත්‍යයෙන් පෝෂිත නොවන නිසා, සක්කාය දිට්ඨිය තුළ සුඛ යන අදහස ගැබ්ව ඇත. එවැනි සක්කාය දිට්ඨියක් මගින් සෑදෙන විඤ්ඤාණයේ සුඛ යන මතය ගැබ්ව ඇත.

උදාහරණ වශයෙන් සමහර පිරිමි මත්පැන් පානය කරයි. තම බිරිඳට පහර ගසයි. එනමුදු එම ගැහැණිය එම පිරිමියා සමඟ භවය පැවැත්වීම සඳහා හෝ එක්ව වාසය කරයි. එහි සුඛ යන මතය ගැබ්ව ඇත.

සාරිය උදාහරණය සමඟ විමසන්නේ, අත්තා 1 සහ 2 එකතු වන්නේ, එය පවතිනවා යන හැඟීම් ඇත්තේ නිත්‍ය සංකල්පයෝ ගොඩනැඟේ. පුණ්‍ය වන ක්‍රියා කර පුණ්‍ය වන කාය වටා ඔතනවා යන්න සමඟ විමසන්නේ, එවැනි සංස්කාරයන්ට සතුටු වන්නේ, අත්තවාද උපාදාන ඇති වේ. යමෙක් ධර්මය දීම නිසා, එම ධර්මය දීම යන සංස්කාරයන්ට සතුටු වීම සිදු විය හැකි ය. මෙහි දී ධම්මමච්ඡරියට නොඇලෙමි, විඤ්ඤාණය සුඛ නොවේ යැයි විමසන්නේ නම් ඉපදීම සඳහා යමක් ඉතුරු නොවේ. මච්ඡරිය නිසා සාඨෙය්‍ය ඇති වන බව අපි දනිමු.

එතකොට අපි දන්නවා එතන triangle එක, purple triangle එක, මච්ඡරිය, සාඨෙය්‍ය පහළ 6-2 දුස්සීලභාවය කියලා අපි advanced program එකේ ඉගෙනගෙන තියෙනවා.

සාරිය කය වටා ඔතන්නේ ලස්සන යැයි හැඟීම් ඇත්තේ, එම සංස්කාරයන්ට මාන වන්නේ, යම් ආකාරයකට ද එමෙන් ම ධර්මය දීම නිසා, එම ධර්මය දීම යන සංස්කාරයන්ට සතුටු වීම ඇත්තේ, එම සංස්කාරයන්ට මාන වීම සිදු විය හැකි ය. මෙසේ නොපෙරළෙන මිච්ඡා දිට්ඨි ඇති විය හැකි ය. මෙය දුසිල් බවට තුඩු දේ. විඤ්ඤාණ ධාරාව පැවතීම සාඨෙය්‍යට හේතු වේ. පරාමාසගත වූ සඤ්ඤා අගයෝ, එනම් පෙර පරාමාසගත වූ ධර්මයෝ line 7 හරහා ගලයි. සාඨෙය්‍ය අත්තභාවය ලෙස වත්ථූපම සටහන්වල සාකච්ඡා කර ඇත.

රූප සිට අරූප සෙවීම සහ අරූප සිට රූප සෙවීම අවබෝධ කරගෙන ඇති සත්වයාට, පරාමාස වී ඇති අගයෝ බැස යයි. තව ද සඤ්ඤාවෙන් prospects බලාපොරොත්තු විය හැකි දේ, consequences ප්‍රතිවිපාක, බැලීමක් නැත. එවැනි දෙයක් නැති බව වැටහී ඇත. රූප වේදනා සඤ්ඤා අගයෝ ගොඩනැංවීමක් නොවේ.

උදාහරණ වශයෙන් නැව් නැගීමට පැමිණ සිටින අයව, නැවට නංවා ගැනීමක් නොවන්නේ, නැව එම අයගෙන් වෙන්ව යන්නේ යම් සේ ද, එසේ විඤ්ඤාණ ධාරාවට, රූප වේදනා සඤ්ඤා එකතු නොවේ. දිට්ඨිය සෑදීමට දෙයක් නොමැත. විචිකිච්ඡාව සනාථ කිරීමට දෙයක් නැත. මෙය අධිගමයට අනතුරුව ආශ්‍රව නැසීමට තුඩු දේ. උදව් කරයි. සාඨෙය්‍ය පහව යයි. එනම් අත්තභාවය පහව යයි. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

එතකොට තවදුරටත් එකතු කරනවා නම්, සෑම විඤ්ඤාණයක ම සුඛ යන මතය ගැබ්ව ඇත යනුවෙන් නොගත යුතු ය. කුමක් නිසා ද? ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන, නිරෝධ යන්හි වේදනා අගය ඉක්මවා ඇති නිසා ය.

Repair කරන්නේ, සුභයට නිත්‍ය එකතු කර සුඛ. මෙහි විඤ්ඤාණ ස්ථිතියක් නොවිය යුතු බව සිතන්නේ, මුළු හතර වෙනි column එක ම නැති වී යයි. කුමක් නිසා ද? විඤ්ඤාණය තුළ සුඛ යන මතය ගිලිහී ගොස් ඇත.

එතකොට විඤ්ඤාණ ආහාර පාරේ, විඤ්ඤාණය තියෙන තැන, සුඛ නොවේ දුක ඇත. ඉදංසච්චය ළඟ නිත්‍ය නොවේ. මෝහය ළඟ සුභයට නිත්‍ය එකතු කරලා සුඛ නොවේ. මෙසේ වමෙන් දකුණට ඒම පරාමාස සිට නොවීමත්, දකුණෙන් වමට ඒම සුඛ යැයි ගත් වැරදි මතය නිසා නොවේ නම්, නිර්වාණය සාක්ෂාත් කරයි.

එතකොට ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 02/07/2022

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේකට තව ටිකක් එකතු කරනවා නම්, මේ භාවනාව කරන්නේ විඤ්ඤාණය ඉතාමත් ම පිරිසිදු වෙනවා. කිසිවකටවත් අල්ලන්නේ නැහැ. ඒ වගේ ම මේක 28 වෙනිදා මං ආපහු භාවනා කරනකොට මට මේ සාඨෙය්‍ය තවදුරටත් විමසන්න ඕනෙයි කියලා හිතුණා. ඉතින් බුදුපියා කිව්වා සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගන්න කියලා.

“සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරෙ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා”.

එතකොට මේ දූරෙ විවෙකා හි තථාවිධො සො යන්නට අවධානය යොමු වුණා. අපි දන්නවා ඒක විවේක කිව්වහම, කාය විවේක චිත්ත විවේක උපධි විවේක වශයෙන් අපි පැහැදිලි කරලා තියෙනවා.

ඉතින් කෙටියෙන් කියනවා නම්, චිත්ත විවේකය තියෙනවා මේ පළවෙනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. දෙවෙනි ධ්‍යානයට සමවැදුණා නම් විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. ඔය විදිහට ගිහිලා ඉතින් අපි දන්නවා ආකාසානඤ්චායතනට ගියහම ඉතින් අර රූප සඤ්ඤා පටිඝ සඤ්ඤා ඒවායෙන් වෙන් වෙනවා කියලා. ඒ වගේ ම පෙන්නනවා සෝවාන් පුද්ගලයාගේ සිත සක්කාය දිට්ඨියෙන් විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාමාසයෙන් දිට්ඨි අනුසයෙන් විචිකිච්ඡා අනුසයෙන් හා ඔවුන් සමඟ එක්ව සිටි ක්ලේශයන්ගෙන් ද වෙන් වෙනවා කියලා. ඉතින් මේ විදිහට ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.

එතකොට මෙහෙම බැලුවහම අපිට පේනවා අපි මේ විවේකයට පිට දේවල් නේ ද අපි මේ ගත්තේ කියන එක. මතක ද අපි බැලුවා අර තපුස්සගහපති සුත්‍රයේ බැලුව නේ අර අබාධය ගන්නවා කියලා. එතකොට එතන විවේකයයි අබාධයයි එක්ක සම්බන්ධ කරලා කෙනෙකුට හිතන්න පුළුවන්.

එතකොට මෙතන ගත්තහම නිවනින් පිට දේවල් අපි අරගෙන සාඨෙය්‍ය වෙනවා, ඒ කියන්නේ රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ, එක් එක් තලයන් ලාභ වශයෙන් ගෙන. මේ විදිහට මේක මෙනෙහි කරනවා නම් සිත ඉතාමත් ම පිරිසිදු වෙනවා. ඒ වගේ ම ඔයගොල්ලෝ දන්නවා චූල අස්සපුර සුත්‍රයේ පෙන්නා දීලා තියෙනවා මේ සාඨෙය්‍ය නිසා තමයි මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වන්නේ.

එතකොට ඔය 10 වෙනිදා භාවනාවේ ඉතින් මේක පෙළක් අයට මේක වැටහිලා තිබුණා විශාල ලැජ්ජාවක් ඇති වුණා කියලා එහෙම කිව්වේ. ඒ 10 භාවනාවේ දී මිච්ඡා දිට්ඨිය පෙන්නනවා, 17 මේ දැන් කතා කරන භාවනාවේ සාඨෙය්‍ය කියන එක පෙන්වා දෙනවා. එතකොට සාඨෙය්‍ය කියන එක නිසා මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨියට තුඩු දුන් මච්ඡරිය නිසා සාඨෙය්‍ය. මෙසේ අපි වංචාකාරයෝ වෙලා ඉන්නවා. ඉතින් අපි වංචාකාරයෝ වෙලා ඉන්නවා කියන එකට ලැජ්ජා වෙන්න ඕනේ.

යමෙක් ධර්මය දීම සඳහා අපි හිතමු අකනිට්ඨාවට යනවායි කියලා පවසනවා කියලා, එතනත් සාඨෙය්‍ය කියන එක තියෙනවා. නමුත් මිච්ඡා දිට්ඨිය නැත. කුමක් නිසා ද සම්මා දිට්ඨිය දෙයාකාර ය. ආර්ය වූ සම්මා දිට්ඨිය නැති වුව ද සම්මා දිට්ඨිය ඇත.

එතකොට ඒක තමයි එකතු කරනවා නම් මං කියන්න තියෙන්නේ.