ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
17/06/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී diagram එකක් දුන්නා. වේදනාව හා සම්බන්ධ වූ අගය චේතනාව දක්වා, තණ්හාවෙන් ගෙන ගොස් ඇත, යනුවෙන් ලකුණු කළා. ඒ වගේ ම සඤ්ඤා අගය පරාමාසගත විණ. රූප අගය තණ්හාව මගින් නිරූපණය කරයි යනුවෙන් ලකුණු කළා.
මෙම භාවනාව කරන්නේ සිතුවිලි පැමිණීම දන්නා අතර, එම සිතුවිලි නිසා ඉදිරියට තවත් සිතුවිලි ගොඩනැඟීම සිදු නොවේ. 1, 2, 3 triangle (*1) එක සමඟ විමසන්නේ, නැවට නංවා නොගනී යනුවෙන් සිතන්නේ, මගේ නොවේ, නෙතං මම, යනුවෙන් සිතන්නේ, ආශ්‍රව නසා බුදුපියවරු යම් ආකාරයකට වාසය කරන්නේ ද එසේ වාසය කළ හැකි ය. මේ සඳහා රූප වේදනා සඤ්ඤා අගයන්, 17/06/2022 දෙන ලද diagram එක බවට පත් වී ඇත්තේ තණ්හාව මගින් බව අවබෝධ වී තිබිය යුතු ය.
එතකොට මේ 1, 2, 3 triangle එක ඔයගොල්ලෝ දන්නවා. යම් පිච්චං නලභති තම්පි දුක්ඛය, 1 එතං මම. ඊළඟට 3, 1 සහ 2 අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය, එසො මෙ අත්තා. එතකොට පහළ සෝකය විඤ්ඤාණ ධාරාව එසො හමස්මි. මෙය මම වෙමි.
පළවෙනි කාරණය වශයෙන්, සංස්කාර අධිමොක්ඛ භාවනාව සමඟ මෙය කරන්නේ, දිට්ඨිය නොසාදමි. නැව් නංවා නොගනිමි යැයි සිතන්නේ, දිට්ඨියට තුඩු දුන් විචිකිච්ඡාව සුඛ නොවේ. විචිකිච්ඡාව යනු දුක යන්න සැක ය. විචිකිච්ඡාවට තුඩු දුන්නා වූ ථීනමිද්ධය සුඛ නොවේ. එය රෝගී ය. එසේ නම් සංස්කාර අධිමොක්ඛයේ සඳහන් සඤ්ඤාවෙන් prospects බලාපොරොත්තු විය හැකි දේ සහ consequences ප්‍රතිවිපාක විමසන්නේ, prospects නැත. Consequences ප්‍රතිවිපාක වශයෙන් ථීනමිද්ධය, රෝගී බව නිසා වන දහම් පමණක් ඇත. මෙසේ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. මේ දුක යැයි ඇති සැටියෙන් දනී, යන්න වැටහේ(*2). Prospects වශයෙන් පෙර ගන්නා ලද ධර්මයෝ වූ, ධම්මමච්ඡරිය මෙහි දී අභාවයට යන්නේ ය. අරූප ධ්‍යාන තලවල බොහෝ කල් සිටීම, සඤ්ඤා අධිමොක්ඛ භාවනාව මගින් වූ, අවබෝධයෙන් අභාවයට පත් වන්නේ ය.
දෙවැනි කාරණය වශයෙන් එසො හමස්මි. මෙය මම වෙමි. ථීනමිද්ධය, රෝගය මම වෙමි. එනම් මම රෝගී වෙමි. මෙහි දුක ඇත. ඉතින් මෙතන diagram එකක් ඇඳගන්නත් පුළුවන්, අපි ඒක දෙනවා.
ඔය විඤ්ඤාණය ඉඳන් පරාමාසයට රේඛාවක් ඇඳලා, ඒ රේඛාවේ ලකුණු කරලා තියෙනවා, විඤ්ඤාණයේ තිබූ පෙර අගය, දරුවන්ට ආස්වාදයක් මෙන් වූවා ය යන අදහස සහිත අගය. ඊළඟට ථීනමිද්ධය ලකුණු කරලා තියෙනවා. මෙය මම වෙමි. This I am. එසො හමස්මි(*3). එතකොට පරාමාසයයි සෝකයයි අතර විඤ්ඤාණය නිසා වන පරලොව අගය. මෙය මගේ ය. එතං මම.
එතං මම. මෙය මගේ යැයි ගැනීමට prospects නැත. දුක පමණක් ඇත. මෙසේ 1 සහ 2 කරුණු විමසීම සමඟ සිත නතර වීම ද, ඉන් පසුව ආලෝකය විහිදීම ද, ඉන් අනතුරුව සිත විශාල වීම ද සිදු වේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 16/07/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ එතන, 1 යම් පිච්චං න ලභති තම්පි දුක්ඛය, එතකොට 3, 1 සහ 2 අත්තා මාට්ටු කරගත් සක්කාය දිට්ඨිය, දෙවෙනි එක සෝකය, එසො හමස්මි කියලා ලකුණු කරලා තියෙනවා.
(*2) ඉතින් මේ කාරණාව හරි වැදගත්. එතන ඒ විදිහට reverse එකට බලලා, අවබෝධ කරගන්න ඕන චෛතසික වශයෙන් සාදන විට ම මේක දුකයි කියලා. දිට්ඨියක් මගින් මේක හැදෙන කොට ම මේක දුකයි කියන එක කල්පනා වෙන්න ඕන.
(*3) එතකොට මේක වටහා ගන්න කෙනෙකුට පහසු වෙනවා, අර triangle එකේ අපි දන්නවා 1 සහ 2 අත්තා මාට්ටු කරගත් සක්කාය දිට්ඨිය ඒකෙ ඉඳන් සෝකය දක්වා තියෙන පදුට්ඨමනසඞ්කප්පය ලකුණු කරපු ඒ line එක ඔතනින් parallel ව ලියා ගත්තා නම්, ඒ විඤ්ඤාණයට parallel ව, 1 සහ 2 අත්තා මාට්ටු කරගත් සක්කාය දිට්ඨිය කියලා, දිට්ඨිය මගින් ඇති වීම, මේ මම වෙමි කියන එක ථීනමිද්ධය වැටහෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්