Date: 01/07/2022 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

17/06/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් සාරිය උදාහරණය සමඟ විමසන්නේ, අත්තා 1 සහ 2 එකතු වන්නේ, එය පවතිනවා යන හැඟීම් ඇත්තේ, නිත්‍ය යන සංකල්පයෝ ගොඩනැඟේ. පුණ්‍ය වන ක්‍රියා කර, පුණ්‍ය වන කාය වටා ඔතනවා යන්න සමඟ විමසන්නේ, එවැනි සංස්කාරයන්ට සතුටු වන්නේ, අත්තවාද උපාදාන ඇති වේ, යන කරුණු දෙකට සිත යොමු කළා.

22/09/2017 නිබ්බාන භාවනාවේ දී, චේතනාව තිබෙන තැන, tent එකේ රිට වගේ ඉස්සීම තියෙනවා යැයි සාකච්ඡා කර ඇත. එනම් චේතනාව දෙපැත්තෙන්, diamond දෙකක් අපි ලකුණු කරගත්තා. දකුණු පැත්තට 5.5, වම් පැත්තේ 6.4.

එතකොට මේ diagram එක අපි දෙනවා.

MM_01_07_2022_D1.jpg

ඒ තණ්හාව වම් diamond එකත් එක්ක සම්බන්ධයි, දිට්ඨිය දකුණු diamond එකත් එක්ක සම්බන්ධයි. එනම් නාමරූප නිසා විඤ්ඤාණයේ හටගැනීම විමසා ඇත. එහි යම් දිට්ඨියක් වේ ද, සුඛ යන හැඟීම ඇත්තේ, විඤ්ඤාණය එහි බැසගන්නේ ය. මෙය 5.5 අවස්ථාව වශයෙන් ගත හැකි ය. 5.3 කියනකොට සංස්කාරය නිත්‍යයි කියලා පරාමාසයට ඇතුළු වුණා. ඊට පස්සේ 5.4 පරාමාසය තුළ නිත්‍යභාවය ගැබ් ගෙන ඇත. මෙහි දිට්ඨි උපාදානයෙන් සීලබ්බත උපාදානය වීම 6.4 දී වන අතර මෙය විඤ්ඤාණය නිසා නාමරූප වීම ලෙස විමසා ඇත.

ඉතින් මෙතන අපි දන්නවා අර, අපි A, B දිට්ඨි උපාදාන, P, Q අත්තවාද උපාදාන කියලා එහෙම diagram එකක ලකුණු කරගත්තා. ඒකෙ අපි දන්නවා, යම් වේදනාවක් පරාමාසගත වූවා ද, එමගින් අත්තා යන්න සෑදීම වන බව පැහැදිලි ය. එසේ නම් කාම උපාදාන වන්නේ ය. මේ විදිහට AKDS වශයෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා.

සීලබ්බත උපාදාන වන්නේ, අනාගත භවය දැඩිව ගනී. එනම් නැව් නංවා ගනී. මෙසේ අත්තවාද උපාදාන සිදු වේ. නැව් නංවා නොගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. මෙහි දී සිත ඉතා ශාන්ත වේ.

තව ද, repair කරන අවස්ථාවේ දී, මෝහයෙන් පසුව පච්ඡා පුරෙ සඤ්ඤාව විමසන්නේ, කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ නමුදු, නාමරූප ළඟ දී පතිලීයති වකුටු වෙනවා, shrinking තවදුරටත් වැටහේ. කුමක් නිසා ද? යම් දිට්ඨි උපාදානයක් වේ ද, එය මගින් අනුමත කරන ධර්මයෝ නොපවතින නිසා ය.

ඉතින් මේ diagram එකත් අපි දෙනවා.(*1)

MM_01_07_2022_D2.jpg

එතන අපිට පේනවා. මේ අර A, B කියලා දිට්ඨි උපාදානය ලකුණු කරලා තියෙනවා. එතනින් සීලබ්බත උපාදාන වෙලා, අත්තවාද උපාදානයට ගිහිල්ලා, පහළ තථා පුරෙ කියන සඤ්ඤාව දක්වා ම ලකුණු කරලා තියෙනවා.

යම් වේදනාවක් පරාමාසගත වූවා ද, එමගින් අත්තා යන්න සෑදීම වන බව පැහැදිලි ය. එසේ නම් කාම උපාදාන වන්නේ ය, යන්නෙන් පටන්ගෙන ඉහත පථය විමසිය යුතු ය. එනම් දිට්ඨි උපාදානයෙන් සීලබ්බත උපාදානය. ඒකෙන් නිත්‍ය, අර torch එක අල්ලනවා වගේ. එතනින් අත්තවාද උපාදාන, මෝහ අගති, යථා පච්ඡා තථා පුරෙ. දැන් කුඩා වූ නාමරූප ගන්නට සිදු වී ඇත. මෙහි දී සිත ඉතා ශාන්ත වේ. නළල සීතලට දැනේ. බුදුපියවරු විටින්විට මෙම සමාපත්තියේ වාසය කරයි. මෙය සඳහා ධම්මමච්ඡරියට නොඇලෙමි, විඤ්ඤාණය සුඛ නොවේ, යන්න සිතේ තිබිය යුතුයි.

ඉතින් මේකෙ මේ waves දෙකක්, රැලි දෙකක් අපිට ඇඳගන්න පුළුවන්. ඒකත් අපි ඔය diagrams වලින් දෙනවා.

MM_01_07_2022_D3.jpg

එතකොට මේකේ අපිට පේනවා, මේ bell shaped curve එකේ, දෙවනියට විඤ්ඤාණ නිසා නාමරූප. එතකොට ඒක එතන තණ්හාව ප්‍රධානයි කියලා කියන්න පුළුවන්. එතකොට රවුම් 2 හරි, එහෙම නැත්තන්, 6.4 වෙන්න පුළුවන්. ඊට පස්සේ 5.5 වෙනකොට නාමරූප නිසා විඤ්ඤාණය කියන රැල්ල තියෙනවා. එතන දිට්ඨිය ප්‍රධානයි. Line 7 වල බලපෑම අධිකයි.

ඉතින් මෙතන මේ රැලි දෙකක්. ඒ කියන්නේ රවුම 2 වශයෙන් ගතහොත්, එක රැල්ලක මුදුනවල් crest දෙකක් තියෙනවා. ඒක වමේ ඉඳන් දකුණට යන direction එක. ඊළඟට රවුම 6.4 වශයෙන් ගතහොත්, advanced 2 දුක්ඛ table එක විදිහට හිතන්න පුළුවන්, අර දකුණේ ඉඳන් වමට එන රැල්ල වගේ.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 16/07/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ දිට්ඨි උපාදානයෙන් සීලබ්බත උපාදානය වෙලා, එතනින් torch එක අල්ලනවා වගේ අත්තවාද උපාදාන, එතන ආකිඤ්චඤ්ඤායතන වැනි අරූප ධ්‍යාන තලවල ඉපදීම. ඊට පස්සේ මේ මෝහ අගති සංස්කාර අර ළඟ තථා පුරෙ කියන එක ලකුණු කරලා තියෙනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_upadana.jpg