Date: 08/07/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

24/06/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. පටිච්චසමුප්පන්න වුවහොත් දුක ඇති වන්නේ ය යන්න සෝකය ළඟ දී වැටහේ. කෙසේ ද? පදුට්ඨමනසඞ්කප්පය හරහා සෝකය දක්වා පැමිණීම ථීනමිද්ධ සහගත වූ සඤ්ඤා හරහා ම සිදු වූයේ ය. ථීනමිද්ධයෙන් විචිකිච්ඡාවට පැමිණීම පටිච්චසමුප්පන්න බව අවබෝධ කරගත් ආකාරයට ම මෙයත් විමසා බලන්න.

Soka_08_07_2022.jpg

එතකොට අර විචිකිච්ඡා diagram එකක් අපි දුන්නා කලින්. ඒක නැවතත් මතක් කරනවා නම්, කබලිංකාර ආහාරය ඉඳන් ථීනමිද්ධයට රේඛාවක් ඇඳලා තියෙනවා. විචිකිච්ඡා අනුසය ඉඳන් සක්කාය දිට්ඨියට රේඛාවක් ඇඳලා තියෙනවා. එතකොට අපි ඒකෙ ලකුණු කරගත්තොත්, කුසලයෝ ඇත අකුසලයෝ ඇත. එහි බැස ගැනීමෙන් ථීනමිද්ධය කියලා, ඒ කොළ පාට රේඛාවෙන් දකුණු පැත්තේ. ථීනමිද්ධයෙන් වම් පැත්තේ. ඊට පස්සේ ඒ පදුට්ඨමනසඞ්කප්පය කියන රේඛාවේ ම අපිට රෝගී සඤ්ඤාව ගැනීම, කියන එක ලකුණු කර ගන්නට පුළුවන් විඤ්ඤාණ ආහාරය ඉඳන් සෝකය දක්වා රේඛාවක් ඇඳලා. එතකොට විචිකිච්ඡාව කියන තැන, දුක යන්න සැක ය. එපා කියන ලද්ද සුඛ නොවේ දැ යි සිතයි. භවය පවතින නිසා ය කියන එක ලකුණු කරගන්න පුළුවන්. ඉතින් අපි මේ diagram එකත් දෙනවා.

එතකොට කුසලයෝ ඇත, අකුසලයෝ ඇත. එහි බැස ගැනීමෙන් ථීනමිද්ධ ස්වභාවය නිතැනින් හටගනී. විඤ්ඤාණය තුළ තිබූ පෙර අගය,(*1) නාමකායේ පටිඝසම්‌ඵස්‌සය සමඟ සසඳයි. විඤ්ඤාණ ධාරාව ගලන්නේ රෝගී සඤ්ඤාව හටගනී. ථීනමිද්ධය 6.4 විමසන්න. එහි මගේ යැයි නිත්‍යව ගැනීම සිදු වන්නේ ය. එහි ප්‍රතිඵලය සෝකය වේ.

එතකොට අපිට අර 1, 2, 3 diagram එක එනවා. 1 යම් පිච්චං න ලභති තම්පි දුක්ඛය, එතං මම. 3, 1 සහ 2 අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය, එසො මේ අත්තා. ඒකේ යටින් කෙනෙකුට ලියාගන්න පුළුවන් 1 සහ 2 එකතු වීම පටිච්චසමුප්පන්නය ලෙස ගන්න.

MM_17_06_2022.jpg

ඊළඟට අපි දෙවෙනි කාරණයට එනවා. සෝකය විඤ්ඤාණ ධාරාව එසො හමස්මි. මෙය මම වෙමි. එතන කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන් ථීනමිද්ධය. රෝගය මම වෙමි. එනම් මම රෝගී වෙමි.(*2) එතකොට 1 සහ 2 එකතු වීම පටිච්චසමුප්පන්නය ලෙස ගන්න. ප්‍රතිඵලය සෝකය වේ. එනම් පටිච්චසමුප්පන්න වුවහොත්, දුක ඇති වන්නේ ය. තව ද තණ්හාව නිසා පටිච්චසමුප්පන්නය වන බව වැටහේ. තථාගතයන් වහන්සේ තණ්හාව නිසා දුක ඇති වන බව මෙසේ පවසයි. ඉතින් ඒක තමයි භාවනාව.

මේ භාවනාව කරන්නේ, සසඳා බලන්නේ පෙර තිබුණු දේ කැඩී බිඳී විනාස වුණු නිසා ය. යමක් පවතින්නේ නම්, සසඳා බලා නැවතත් සෑදීමක් වැනි දෙයක් නොවන්නේ ය. එනම් කැඩුණු බිඳුණු දේ නිසා ම, විඤ්ඤාණ ධාරාව තුළ ථීනමිද්ධය පවතී. රෝගී නොවූ අවස්ථාවක් නැත. මගඵල චිත්තයේ, ථීනමිද්ධය නැති වුවත්, උපන්නා හට රෝගී බව ඇත. අපි ධ්‍යාන තලවල ආබාධ ගෙන ඇත. තව ද සෝකයට පැමිණි පසු, නැවතත් තණ්හාව මගින් උල්පත අරින්නේ පැවතිය හැකි ය කියන එක නිසා ය. එතකොට අවිද්‍යාව නිසා තණ්හාව කියන කතාව එනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් තණ්හා සංස්කාරය. එනම් පටිච්චසමුප්පන්නය නොදන්නා නිසා, මෙසේ නැවතත් තණ්හා සංස්කාරයට ඉඩ දේ.

ඊළඟට කියන්න පුළුවන්, repair කරනවිට, ඔය මෝහ ගලේ වැදී කුඩු වී පැමිණි ඇති නිසා ම, නාමරූප ලකුණු කර ඇති තැන දී, පතිලීයති shrinking, shrinking away වකුටු වේ, සිත නොඇලේ යන්න සිදු විය යුතු නමුත්, එසේ නොවී චේතනා කර අත්තා කරගන්නේ, අත්තානු දිට්ඨියේ බලපෑම නිසා ය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප යන රැල්ල විශාල නිසා එම ධාරාවට අසු වී තමා (*3) අත්තා කරගෙන සෝකයට පත් වූයේ ය. මෙහි දී දිට්ඨි දෙක සමාන නැති බවත්, සංකල්ප දෙක සමාන නැති බවත්, සංස්කාර දෙක සමාන නැති බවත්, දැනගනී යන්න විමසන්න.

එතකොට එතන අපිට කියන්න පුළුවන්, පළවෙනි කාරණය මේ දිට්ඨි දෙක සමාන නැති බව, 1 අත්තා, රූප මගේ නොවේ යැයි කියන දිට්ඨිය. මෙය ආකිඤ්චඤ්ඤායතනය මෙන් විශාල ය. 2 අත්තා, රූප මගේ යැයි කියන දිට්ඨිය. මෙය කූඹියාටත් වඩා කුඩා විය හැකි ය. මෙම දිට්ඨි දෙක සමාන නැති බව.

ඊළඟට සංකල්ප දෙක සමාන නැති බව, පදුට්ඨමනසඞ්කප්පය නිත්‍ය යැයි පවසන්නේ ය. Line 7 වලින් එන සංකල්පය පරිදේව වන්නේ ය.

ඊළඟට තුන් වෙනුව සංස්කාර දෙක සමාන නැති බව. ථීනමිද්ධයෙන් ඇති වන විචිකිච්ඡාව, මෙහි දුක යන්න සැකය. විචිකිච්ඡා අනුසය මගින් සනාථ කරන සක්කාය දිට්ඨිය, සුඛ යැයි ප්‍රකාශ කරයි. එනම් දුක බව අමතක කරන විචිකිච්ඡා සංස්කාරයත්, සුඛ යැයි පවසන සක්කාය දිට්ඨි සංස්කාරයත්, සමාන නැත. මෙහි දී 45° න් පියන වැසූ commode එකක් දුටුවා. පියන විවෘත කර නොගෙන පෙර ගන්නා ලද්ද ඉවත් කළ නොහැකි ය. එසේ ම දුක යන්න සැක නම්, දුක ඉවත් කළ නොහැක. ඒ කියන්නේ commode එකට දාන්න බෑ.(*4) කුමක් නිසා ද? සක්කාය දිට්ඨිය මගින් සුඛ යැයි පවසන නිසා ය. පටිච්චසමුප්පන්නයෙන් දුක ඇති වන බව නොදන්නා නිසා ය.

එතකොට ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 30/07/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) උදාහරණ වශයෙන් මෙවැනි තලවල මෙසේ සිටියා.

(*2) එතකොට උඩ අපිට පේනවා, යං පිච්චං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් එතන තණ්හාව ලකුණු කරලා තියෙනවා. එතකොට තණ්හාව නිසයි පටිච්චසමුප්පන්නය වන්නේ කියලා පේනවා.

(*3) සුඛය.

(*4) ගත්ත දේවල් දාන්න පුළුවන්කමක් නෑ, බැහැ පියන අරින්නේ නැතුව.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම් ථීනමිද්ධය කියන එක රෝගය මම වෙමි. එනම් මම රෝගී වෙමි. ඉතින් කෙනෙකුට ගන්න පුලුවන් මම diabetic, මම heart අමාරුකාරය, මම 8 වන ධ්‍යාන ලාභියාගේ රෝගී ඇති එක්කෙනා කියලා 7 වන ධ්‍යාන ලාභියා පවසනවා. මේ විදිහට විමසනවා නම් මනස පුදුමාකාර විදිහට විසාල වෙනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්