ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
17/06/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් සාරිය කය වටේ ඔතන්නේ, ලස්සන යැයි හැඟීම් ඇත්තේ එම සංස්කාරයන්ට මාන වන්නේ යම් ආකාරයට ද, එමෙන් ම ධර්මය දීම නිසා, එම ධර්මය දීම යන සංස්කාරයන්ට සතුටු වීම ඇත්තේ, එම සංස්කාරයන්ට මාන වීම සිදු විය හැකි ය. මෙසේ නොපෙරළෙන මිච්ඡා දිට්ඨිය ඇති විය හැකි ය යන කරුණු දෙකට සිත යොමු කළා.
වත්ථූපම සටහන්වල 12 වෙනි slide එකට සිත යොමු වුණා. ඒකේ අපි දන්නවා triangle එකක්. ඊර්ෂ්‍යාවෙන් මායාව. මායාවෙන් මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨියට වම් පැත්තෙන් මානය කියලා ලකුණු කරලා තියෙනවා. මානය ඇති වීමට ප්‍රත්‍ය වන්නේ මායාවයි කියලා ලකුණු කරලා තියෙනවා.
මානයට හේතුව ඊර්ෂ්‍යාව බව අපි දනිමු. සාරිය උදාහරණය සමඟ විමසන්නේ, අත්තා 1 යන්න සෑදීමට යෙදෙන්නේ, ඒ කියන්නේ trigger වෙනවා කියන එක, තුඩු දෙන්නේ ඊර්ෂ්‍යාව යැයි වැටහිණ. හතරෙන් පසුව ඊර්ෂ්‍යාව හටගැනීම ආරම්භ වේ. 6.4 විඤ්ඤාණය නිසා නාමරූප. සාරිය අන් අයකුට ඇති බව දක්නේ, එහි සිත බැසගන්නේ, එවැනි රූප සොයයි.
එවැනි සාරියක් වෙළඳ සැලක ස්පර්ශ වන්නේ, දකින්න ලැබෙන්නේ අත්තා 2, මෙය හොඳ යැයි විඤ්ඤාණ ධාරාව ගැලීම නිසා, එනම් විඤ්ඤාණ අධිමොක්ඛ වීම නිසා සිදු වන්නේ, අත්තා 1 සහ 2 එකතු වන්නේ එයට මාන වන්නේ ය.
මෙසේ ඊර්ෂ්‍යාව හේතු කොටගෙන මාන විය. මක්ඛය නිසා ඊර්ෂ්‍යාව ඇති වේ. ඊර්ෂ්‍යාවට නිත්‍යභාවය බලපෑවේ ය. මක්ඛයේ දී නිවනින් පිටත දෙයක් මගේ යැයි ගත්තේ ය. එසේ ම විඤ්ඤාණ ධාරාව පැවතීම, සාඨෙය්‍යට හේතු වේ. නිවනින් පිටත දෙයක් ගැනීමෙන් වංචාව වේ.
යමෙක් මක්ඛය, ගුණය මැකීම පහ කරන්නේ, එහි දී ඊර්ෂ්‍යාවට තුඩු දෙන්නා වූ ධර්මයෝ පහ කළා වන්නේ ය. ඊර්ෂ්‍යාව පහ කරන්නේ රූප සොයා යාම පහ කරන්නේ ය. මෙසේ විමංසා ඇත්තේ සාඨෙය්‍ය මගින් මිච්ඡා දිට්ඨිය ඇති නොවන්නේ, ඊර්ෂ්‍යාව පහ කර, රූප සොයා නොයන්නේ, ඔහු නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 30/07/2022
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්