ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
15/07/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණය නිසා නාමරූප, 1 අත්තා තවදුරටත් විමසා බැලුවා. රූප මගේ නොවේ යැයි කියන දිට්ඨිය, මෙය ආකිඤ්චඤ්ඤායතනය මෙන් විශාල ය. සංස්කාර නිසා විඤ්ඤාණ, සංස්කාරවල අස්මිතිය ඇත. එවැනි විඤ්ඤාණයකින් ඇති වන 1 අත්තා, විඤ්ඤාණය නිසා නාමරූප. මෙහි මාන ස්වභාවය අඩංගු ය. මානය ඇත්තේ නාමරූප සොයා යයි. මම පිරිමියා යැයි සිතා ගැහැණිය දෙස බලන්නේ යම් සේ ද, එම අර්ථයෙන් වටහා ගත යුතු ය. 1 අත්තා ඇති වුව ද, 50% පාරේ චේතනාව දක්වා පැමිණීම නොවන්නේ නම් 2 අත්තා යන්න ආකිඤ්චඤ්ඤායතනයට තුඩු දෙන අයුරින් සැකසීමක් සිදු නොවේ.
එතකොට මෙතන අපිට මෙනෙහි කරන්න පුළුවන් අර සඤ්ඤා, චේතනා, තණ්හාව කියන එක තියෙනවා triangle එක වගේ, එතකොට පහළ තියෙනවා වේදනාව. වේදනාව ගැන ඇති හැඟීම, සඤ්ඤාව මගින් නිරූපණය කර ඇති බව හොඳින් දැනේ. මේ වේදනා ගැන සිහි කිරීම නැති වුවත්, සඤ්ඤාව මගින් එම අගය නිරූපණය කරයි.
සඤ්ඤා, චේතනා, තණ්හා ත්‍රිකෝණය දකින්නේ, ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වූ සමාධිය, නොසැල් වී පවතී. මෙසේ සිටින්නට හැකි වන්නේ, බුදුපියවරුන්ට කෘතඥතාවය පළ කළා.(*1)
ආකිඤ්චඤ්ඤායතනය මෙන් විශාල වූ දෙයට යාම සඳහා, 1 අත්තා සහ 2 අත්තා එකතු වීමට ප්‍රත්‍ය බලපායි. එනම් මායාව බලපායි. එනමුදු තමා දුස්සීලභාවයට පත් කර ගත්තේ යමෙක් ආකිඤ්චඤ්ඤායතනයට ගොස් සිටීම නිසා ඇති වූ ඊර්ෂ්‍යාව, එනම් පරම්පරාව ගැන අසා දැනගැනීමෙන් ඊර්ෂ්‍යාව නිසා බව අමතක නොකළ යුතු ය. මෙසේ නිවනින් පිටත දෙයක් ගෙන දුස්සීල විය. 1 අත්තා සහ 2 අත්තා එකතු වී මානය වී මිච්ඡා දිට්ඨිය.
ඉතින් ඔතන අපිට එනවා අර triangle එක. ඊර්ෂ්‍යාව, මායාව, මිච්ඡා දිට්ඨිය. ඒකේ වම් පැත්තේ ලකුණු කරලා තියෙනවා මානය කියලා. ඊර්ෂ්‍යාව මිච්ඡා දිට්ඨියට ප්‍රත්‍ය වේ. ඊර්ෂ්‍යාව තුළ නිත්‍යභාවය අඩංගු ය. මක්ඛය පහ කිරීම වන්නේ නම් ඊර්ෂ්‍යාව නිසා වන මිච්ඡා දිට්ඨිය පහ වෙයි. සාඨෙය්‍ය මගින් මිච්ඡා දිට්ඨිය ඇති නොවන්නේ නම් සම්මා දිට්ඨිය ඇති වේ. මෙය ආර්ය වූ සම්මා දිට්ඨිය වේ. එහි ප්‍රඥාව අධික ය. මෙය වටහා ගැනීම කෙසේ ද?
ඉතින් මෙතැනට යොදා ගන්න ඕනේ, අර චූල අස්සපුර සූත්‍රයේ තුන් වෙනි slide එක. අපි ඒක දෙනවා.
ඒකේ diagram එකක් තියෙනවා. ඊර්ෂ්‍යාව, මායාව, මිච්ඡා දිට්ඨිය. ඊළඟට මච්ඡරියෙන් සාඨෙය්‍ය. සාඨෙය්‍යයෙන් එනවා මිච්ඡා දිට්ඨියට. එතකොට පහළ තියෙනවා, දුසිල් බව කියන එක.
මිච්ඡා දිට්ඨිය ඇති වීම චූල අස්සපුර සටහන අනුව විමසා බැලුවා. මක්ඛය පහ කිරීම වන්නේ නම්, මක්ඛය නිසා හටගත් ඊර්ෂ්‍යාව නිසා වන මිච්ඡා දිට්ඨිය පහ වේ. මක්ඛයේ සමුදය දැන, මක්ඛය පහ කළොත් විඤ්ඤාණඤ්චායතනය වන බව අපි දනිමු. එහි ඊර්ෂ්‍යාව ඇති ද?
අරූප ධ්‍යාන පරම්පරාවේ, තමා විසින් නොගන්නා ලද තනතුරක් මෙන් ආකිඤ්චඤ්ඤායතනය විමසන්නේ නම් වැටහේ. එම අවස්ථාවේ ඊර්ෂ්‍යාව ඇති බව කිව හැක. මෙය එක් අයකුට සාධාරණය. තව අයෙකුට සාධාරණ නොවේ. මගඵල ලාභියාට සාධාරණ නොවේ. එසේ නම් මායාව එනම් තමා දුස්සීලභාවයට පත් කරගැනීම, නොගන්නා ලද තනතුර ලෙස විමසන්නේ, මායාව නිසා මිච්ඡා දිට්ඨිය ඇති වේ. මගඵල චිත්තය නංවන්නේ මායාව නිසා මිච්ඡා දිට්ඨිය ඉවත් වේ. එනමුදු සාඨෙය්‍ය මගින් වන මිච්ඡා දිට්ඨිය තවම පැවතිය හැකි ය. කුමක් නිසා ද?
අනාගාමී වුවත් අවසන් කරගෙන නැත. ධම්මමච්ඡරිය හෝ ඇත්තේ සාඨෙය්‍ය හටගනී. 17/06/2022 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් අයුරින්, නැව් නංවා ගැනීමට උදව් උපකාර කරන විචිකිච්ඡාව පහ වන්නේ නම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවේ. එසේ වන්නේ නම්, සාඨෙය්‍යට පැමිණීමක් හෝ එහි පැවතීමක් හෝ නොවන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 20/08/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ මේ triangle එක keep touching. ඒ වෙලාවේ දී කියන්නේ තමන්ට එපා කියන එක, රූප එපා වේදනා එපා කියන අර්ථය ඇතුව, ඒක touch වන තාක් කල් මේ ආකිඤ්චඤ්ඤායතනය පවතිනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්