Date: 29/07/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

22/07/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවේ යන ධර්ම කාරණාවට සිත යොමු කළා.

භයභෙරව slide 8 වල ධර්ම කරුණකට මනස යොමු වුණා.

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-08.jpg

අපි දන්නවා, ඒකෙ ලකුණු කරලා තියෙනවා, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට ඉරක් ඇඳලා, පහළින් නාමරූප උඩ රේඛාවට ලකුණු කරලා තියෙනවා, එතන h1. ඒක මට දැන් ඇති දේ. එතකොට මේක 2 අත්තා යන්න ආකිඤ්චඤ්ඤායතනයට තුඩු දෙන අවස්ථාවේ දී, මට දැන් ඇති දේට උදාහරණ වශයෙන්, ආකිඤ්චඤ්ඤායතනය මෙන් විශාල වූ මනස දැනෙන ස්වභාවය ගත හැකි ය. මට දැන් ඇති දේ සෑදී ඇත්තේ නාමරූප සිට සඤ්ඤා මගින් චේතනා trigger වීමට තුඩු දෙන ධර්මතාවයෝ මගිනි. එනම් h1 මගිනි. මෙහි රූප විෂයයෙහි යම් අගයක් තණ්හාව මගින් නිරූපණය කරන ලද ද, එම අගය කෙරෙහි ම වූ, සඤ්ඤා අගය චේතනාව කරා ගමන් කිරීමට තරම් ප්‍රබල විය යුතු ය.

උදාහරණ වශයෙන් සාරිය උදාහරණයේ දී, සඤ්ඤා අගය සාරියේ ඇති මල්වලට දෙන අගය වශයෙන් ගන්නේ, තණ්හා අගය මෙය මගින් භවය පැවැත්විය හැකි ය යන්න ලෙස ගත හැකි ය. මෙහි සාරිය එතරම් හොඳ නොවුණත්, බාල එකක් වුවත්, මලට දෙන ලද අගය චේතනාව කරා ගමන් කිරීමට තරම් ප්‍රබල වීම ගත හැකි ය. ආකිඤ්චඤ්ඤායතනයට තුඩු දෙන අවස්ථාවේ දී, සඤ්ඤා අගය, රූප වේදනා එපා කියන අදහස සහිත අගය වශයෙන් ද, තණ්හා අගය, විභව තණ්හා වශයෙන් ද, ගත හැකි ය.

ඊළඟට අපි දන්නවා. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට රේඛාවක් ඇඳලා පහළ විචිකිච්ඡාව. එතන අපි ඒ විචිකිච්ඡාවේ ඉඳන් ඒ උඩ රේඛාවට ලකුණු කරලා තියෙනවා h2 කියලා. මට ඕනි දේ. ආකිඤ්චඤ්ඤායතනයට තුඩු දෙන අවස්ථාවේ දී, ආකිඤ්චඤ්ඤායතනයේ වාසය ස්ථිර විය යුතු ය, යන්න ලෙස ගත හැකි ය. ධාරාව ගැලීමට h1 >= h2. මට ඕනි දේ සෑදී ඇත්තේ, විචිකිච්ඡා සංස්කාරයේ සිට යම් අවිද්‍යා ආශ්‍රවයක් කාම ආශ්‍රව දක්වා ගෙන යාමට කරන උදව්ව support මගිනි. එනම් h2 මගිනි. මෙහි අවිද්‍යාව නිසා යම් අගයක් විචිකිච්ඡාව මගින් නිරූපණය කරන ලද ද, එම අගය කෙරෙහි ම වූ අවිද්‍යා ස්වභාවයෙහි, රෝගී බව නොදන්නාකමෙහි පිහිටා,(*1) අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව කරා ගමන් කිරීමට තරම් ප්‍රබල විය යුතු ය. එනම් අවිද්‍යා ආශ්‍රව තුළ, තණ්හාව නිසා දුක ඇති වන බව නොදන්නාකම තිබිය යුතු ය. ඒ කියන්නේ අසම්පජානකාරීත්වය තිබිය යුතු ය.

ඉතින් මෙතන කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන්, දැන් අපි පෙන්නපු, ඒ අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව, ඒ line එකේ අවිද්‍යා ආශ්‍රව වෙනුවට, අපි ලියාගත්තොත් තණ්හාව නිසා දුක ඇති වන බව නොදනී කියලා. එතකොට පහළ අර විචිකිච්ඡාව තියෙන තැන ලියාගන්න පුළුවන් දුක යන්න සැක ය. දුක බව නොදනී. එතකොට h2 කියලා ඒක support කරනවා. එතකොට වම් පැත්තේ කාම ආශ්‍රව වෙනුවට ලියාගන්න පුළුවන් සුඛයි කියලා.

h1 මට දැන් ඇති දේ නිසා මිච්ඡා දිට්ඨිය ඇති වේ. ධාරාව විඤ්ඤාණය දක්වා ගමන් කරන්නේ නම් සුඛ යැයි වැරදි හැඟීම් ඇති වේ. එවැනි විඤ්ඤාණයක් තුළ සුඛ යන හැඟීම ඇත. එනම් කාම ආශ්‍රව ඇත. සුඛ යන්නෙහි පසු සඤ්ඤාව. මෙයට තුඩු දීම විචිකිච්ඡාව මගින් සිදු විය. මෙසේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම වටහා ගත හැකි ය.

ඒ කියන්නේ පහළ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් විඤ්ඤාණ ආහාර පාරේ උඩ විඤ්ඤාණය දක්වා. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වන්නේ නම්, තමාට ඕනි දේ ලැබී ඇත. H1 >= h2 යන්න මෙසේ වටහා ගත යුතුයි.

දෙවනුව සාඨෙය්‍යට පැමිණීමක් හෝ පැවතීමක් හෝ නොවන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි, යන්නට සිත යොමු කළා.

මච්ඡරිය මගින් සාඨෙය්‍ය ඇති වේ. ධර්මය දීම නිසා සතුටු වන්නේ, ධම්මමච්ඡරිය ගැන මෙනෙහි කරන්නේ, එහි ප්‍රධාන සංස්කාරය කුලමච්ඡරිය බව අපි දනිමු. කුලමච්ඡරිය වේදනාව අළලා ය. එනම් සුඛ යන වේදනා ඇත්තේ එවැනි කුලයන් ම සොයයි. මේ සඳහා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව විය යුතුයි. සත්තො ගුහායං ගාථාවේ, කාමාහි ලොකෙ න හි සුප්‌පහායා, යන්න සිහි විය. කාමයෝ ලොවෙහි දුක සේ ප්‍රහීණ කළ යුත්තාහු ය. දුක සේ හළ යුත්තාහු ය.

යමෙක් දුක යැයි වටහා ගන්නේ නම් අවිද්‍යා ස්වභාවයෙහි, රෝගී බව නොදන්නාකමෙහි, පිහිටීමක් නැත. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි. එනම් ධ්‍යාන තලයක හෝ කිසිම තැනක පිහිටීමක් නැත.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 20/08/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) උදාහරණයක් වශයෙන් කියනවා නම් ආකිඤ්චඤ්ඤායතනයේ රෝගී බව නොදන්නාකමේ පිහිටා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේ භාවනාව කරන්නේ ඔය h1 අවස්ථාවේ දී විභව තණ්හාව වශයෙන් මෙනෙහි කරන්නේ සමාධිය බොහොම උග්‍ර වෙනවා. ඒ වගේ ම h2 අවස්ථාවේ දී ලියා ඇති තණ්හාව නිසා දුක ඇති වන බව නොදන්නාකමෙහි තණ්හාව විභව තණ්හාව වශයෙන් මෙනෙහි කරන්නේ තවත් සමාධිය උග්‍ර වෙනවා. රහතන් වහන්සේ “Excellent” කියලත් කිව්වා ඔය අවස්ථාවේ දී.