Date: 05/08/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

29/07/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවසානයට සඳහන්, කුලමච්ඡරිය වේදනාව අළලා ය. එනම් සුඛ යන වේදනා ඇත්තේ, එවැනි කුලයන් ම සොයයි. මේ සඳහා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව විය යුතු ය, යන ධර්ම කරුණට සිත යොමු වුණා.

චූල අස්සපුර සටහන්වල, 6 වෙනි පිටුවට මනස යොමු කළා.

s_CulaAssapuraDiagrams/s_CulaAssapuraDiagrams-06.jpg

ඒකේ අපර චේතනා පෙර චේතනා ලකුණු කරලා තියෙනවා. පෙර චේතනාව ඊර්ෂ්‍යාවේ ඉඳන් මායාව දක්වා. අපර චේතනාව සාඨෙය්‍යයේ ඉඳන් මිච්ඡා දිට්ඨිය දක්වා. එහි චේතනා කෙරෙහි උපෙක්ඛාව විමසන අවස්ථාවේ දී, විචිකිච්ඡා ඇති අවස්ථාවේ දී ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වන බව සාකච්ඡා කර ඇත. පෙර චේතනා සහ අපර චේතනා ගැළපීම නොවන්නේ නම්, තීරණය ගැනීම පසුවට කල් දැමීම සිදු වන බව පෙන්වා දී ඇත. මෙහි තීරණය යනු සංස්කාර අධිමොක්ඛය වේ.

පෙර චේතනාව වේදනාව හා සම්බන්ධය, එනම් සුදුසු කුලයන් හොයයි. අපර චේතනාව සංස්කාර හා සම්බන්ධය. මෙහි ලාභය සොයයි.

ඉතින් එතකොට මෙතනට එනවා අර diagram එක. 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට, 3 ජාතියේ ඉඳන් ජරාවට. ජාතියේ සිට ජරා වන්නේ ජරාවේ සිට ව්‍යාධි වන්නේ ව්‍යාධි සිට මරණ වන්නේ, මරණය වන්නේ නම් නිත්‍ය නොවේ. එනම් කුලයක ඉපදීම නමැති සංස්කාරයෙන් පටන්ගෙන, මරණය දක්වා වූ සංස්කාර නිත්‍ය නොවේ.

ඉතින් මෙතනට ජාති කුලය, ජරා කුලය ආදී වශයෙන් සිහි කරන්න පුළුවන්. සංස්කාර අනිත්‍ය බව දන්නේ නම් විඤ්ඤාණය නොපිහිටන්නේ සිත නතර වේ. මෙය අපර චේතනා නතර වීමෙන් සිත නැවතීම ය. මෙහි දී පහත ක්‍රියාවලිය සිදු නොවේ.

ඉතින් එතකොට, එතනට diagram එකක් එනවා, පරාමාසකායගන්ථයෙන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට arrow එකක් තියෙනවා. ඉදංසච්චාභිනිවෙසකායගන්ථයෙන් පරාමාසකායගන්ථය පැත්තට arrow එකක් තියෙනවා.

ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පරාමාසකායගන්ථ වීමක් හෝ පරාමාසකායගන්ථය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වීමක් හෝ සිදු නොවේ. එනමුදු මෙය තවමත් අවසන් නැත. කුමක් නිසා ද? පෙර චේතනා නතර විය යුතු ය. එනම් ඊර්ෂ්‍යාව නතර විය යුතු ය. මෙය සෑම ධ්‍යාන තලයක ම ඉපදීම දුක බව දන්නා පුද්ගලයාට ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 03/09/2022

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාවේ චූල අස්සපුර 6 වන සටහන දකිනකොට ම සිත නතර වෙනවා.

s_CulaAssapuraDiagrams/s_CulaAssapuraDiagrams-07.jpg

ඒක සඳහා ජාති කුලය ජරා කුලය ආදී වශයෙන් ඒවා සොයා නොයා යුතු බව අවබෝධ වෙන්න ඕන.