Date: 19/08/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

12/08/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් සාඨෙය්‍ය වීමට අත්තවාද උපාදානය බලපායි, යන ධර්ම කාරණාවට සිත යොමු කළා.

15/06/2014 අත්තවාද උපාදාන භාවනාවේ දී, සටහනක් සාකච්ඡා කර ඇත. ඒ diagram එක අපි දෙනවා.

MM_19_08_2022.jpg

එතකොට ඒකෙ ලකුණු කරලා තියෙනවා, පරාමාසකායගන්ථයයි භයෙන් අගතියට යෑමයි අතර 5a කියලා. 5b කියලා ලකුණු කරලා තියෙනවා ගිද්ධිලෝභය ළඟ. ඊළඟට භය අගතියයි වේදනාවයි අතර 6a කියලා ලකුණු කරලා තියෙනවා. 6b කියන එක කබලිංකාර ආහාරය ළඟ ලකුණු කරලා තියෙනවා. වේදනාවයි පරාමාසකායගන්ථයයි අතර 7a කියලා ලකුණු කරලා තියෙනවා. වේදනාව ළඟ අත්තා 7b කියලා ලකුණු කරලා තියෙනවා.

ඒ වගේ ම වේදනාවයි පරාමාසකායගන්ථයයි අතර Q කියලා ලකුණු කරලා තියෙනවා. අත්තවාද උපාදානයේ කොටස. Q සිදුවීම සඳහා 7b විය යුතු ය. මේ සඳහා 6b විය යුතු ය. මේ සඳහා 5b විය යුතු ය. මේ සඳහා 5a විය යුතු ය. 1 අත්තා මගින් 5a සෑදීම වන්නේ ය. මෙය වේදනාව අළලා සිදු වන ක්‍රියාවලියක් ය. වේදනාව අත්තා කර ගන්නා බව අපි දනිමු. අත්තවාද උපාදානය නිසා මෙසේ වේදනාව අළලා ක්‍රියාවලියක් සිදු විය.

1 අත්තා මගින් 5a සෑදුණත්, 6a නොවන්නේ නම් 6b සිදු නොවේ. එනම් කබලිංකාර ආහාරය ස්පර්ශ වීමට නම් එහි පැමිණීමක් විය යුතු ය. මේ සඳහා මාන විය හැකි සංස්කාරයක් තිබිය යුතු ය. වඩු කර්මාන්තය කරන්නේ නමුත් සාදන ලී බඩු විකිණෙන්නේ නැති නම්, එම කර්මාන්තය ගැන සතුටු වීමක් මාන වීමක් නොවන්නේ යම් සේ ද, එසේ ම ආකිඤ්චඤ්ඤායතනයට තුඩු දෙන සංස්කාරයෝ උපදවන්නේ 50% පාර ඔස්සේ චේතනාව දක්වා ගමන් කිරීමට තරම් ප්‍රබල විය යුතු ය. එනම් 2 අත්තා සෑදීමට තරම් ඊර්ෂ්‍යාව ප්‍රබල විය යුතු ය. ඊර්ෂ්‍යාව තුනී වන්නේ නම් පෙර චේතනා නතර වේ. ඊර්ෂ්‍යාව තුනී වීම සඳහා කුමක් කළ යුතු ද?

රූප සෙවීම නතර කළ යුතු ද, නැති නම් ධ්‍යාන තලයන්හි වාසය සෙවීම නතර කළ යුතු ද, පිළිතුර වන්නේ මේ දෙක ම ය. මේ සඳහා මක්ඛය පහ කිරීම ප්‍රමාණවත් නොවේ. මක්ඛය පහ කිරීමෙන් පසුව ඇති වන විඤ්ඤාණඤ්චායතන වේදනාව ද සියලු ධ්‍යාන තලයන්හි වාසය ද දුක බව අවබෝධ කළ යුතු ය. එනම් රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ සියල්ලේ ම ඇලීම දුක බව අවබෝධ කළ යුතුයි.

මෙහි දී 22/10/2021 නිබ්බාන භාවනාවේ දී, ඉගෙන ගත් ගොඩට ගැසීමේ සටහන සිහි විය.

MM_22_10_2021/MM_22_10_2021-01.jpg

එතන අපි දන්නවා ලකුණු කරලා තියෙනවා, ඡන්ද සමාධියයි (*1) ඊර්ෂ්‍යාවයි අතර අරූප ධ්‍යාන මගින් ගොඩට ගැසීම. ව්‍යාධියට එහා පැත්තෙන් රූප මගින් ගොඩට ගැසීම. ඊළඟට ද්වේෂ අගතියට යෑම කියන තැන, විචිකිච්ඡා අනුසය සහ දිට්ඨි සල්ලය මගින් ගොඩට ගැසීම කියලා. ඊර්ෂ්‍යාවට, ඒ ගොඩට ගසන රේඛාවල් තුනක් ඇඳලා තියෙනවා. ගොඩට ගැසීම නොවන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 15/10/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉන්ද්‍රිය අසංවරය එතන තියෙනවා.