ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
05/08/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් පෙර චේතනා සහ අපර චේතනා ගැළපීම නොවන්නේ නම්, තීරණය ගැනීම පසුවට කල් දැමීම සිදු වන බවත්, මෙහි තීරණය යනු සංස්කාර අධිමොක්ඛය වේ, යන ධර්ම කාරණාවට සිත යොමු කළා.
තීරණය පසුවට කල් දැමීම සඳහා උදාහරණයක් විමසුවා. තීරණය ගැනීම සඳහා මට දැන් ඇති දේ යන්නත්, එම තත්වයට පත් වීම සඳහා වූ චේතනාවන් බලපානවා. පෙර චේතනා.
උදාහරණ වශයෙන් පස් වන ධ්‍යාන තලයේ සිටින අයකු ගැන විමසමු. එය මට දැන් ඇති දේ. ඔහු ආකිඤ්චඤ්ඤායතනය ගැන අසා දැනගන්නේ, එය මට ඕනි දේ වශයෙන් ගනිමු. එනමුදු h2 සිහි කරන්නේ, විභව තණ්හාව තුළ ආකිඤ්චඤ්ඤායතනය පවතී ද යන්න සැක නම්, තීරණය ගැනීම පසුවට කල් දැමීම සිදු වේ. සංස්කාර අධිමොක්ඛ නොවේ.
අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යාමට උදව් උපකාර කරන විචිකිච්ඡාව තුනී වන්නේ නම්, එනම් දුක බව සැක නැති නම්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවේ. ඒ සඳහා ථීනමිද්ධය තුනී විය යුතු ය. එනම් රෝගී බව දත යුතු ය. කුසලයේ හෝ අකුසලයේ බැසගන්නේ නම්, ථීනමිද්ධය ඇති වේ.
යමෙක් සියලු ධ්‍යාන තලයක ම බැස ගැනීම රෝගී බව වටහා ගන්නේ නම්, ථීනමිද්ධය නැති වේ. කාමය පහ කර ඇති ඔහු, නැවත උප්පත්තියක් නොපතයි. මෙසේ ථීනමිද්ධය මගින් විචිකිච්ඡාව ඇති වීමත් විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨිය සනාථ කිරීමත් වටහා ගන්නේ, දිට්ඨින් නොසාදයි. සංස්කාර අධිමොක්ඛ නොවේ. එය ම නිවනට තුඩු දේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 15/10/2022
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඊයේ ප්‍රශ්න අහපු වෙලාවෙත් මම පෙන්වා දුන්නා, තව යමක් එකතු කරනවා නම්, දැන් මේ භාවනාවේ පළවන ඡේදය සිහි කරන ගමන් ම සිත නතර වීම සිද්ධ වෙනවා මුල ඒ හරියේ දී ම. ඒ රෝගී බව දන්න හින්ද ඊර්ෂ්‍යාවක් නැහැ පෙර චේතනා නැහැ. ඒ වගේ ම ඔය h2 යන්න අපර චේතනාවට තුඩු දෙනවා. කෙසේ ද, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වන්නේ නම් සුඛ යන හැඟීම ඇති වේ.
එමගින් කුලමච්ඡරිය ද ඉන් අනතුරුව සාඨෙය්‍ය ද ඇති වේ. සාඨෙය්‍ය වන්නේ නම් 1 අත්තා සහ 2 අත්තා එකතු වී සක්කාය දිට්ඨිය බවට පත් වේ. මෙසේ අපර චේතනා ඇති වේ යන්න වටහා ගන්න පුළුවන්.