ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
19/08/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් අත්තවාද උපාදානය නිසා මෙසේ වේදනාව අළලා ක්‍රියාවලියක් සිදු වේ යන ධර්ම කාරණාවට සිත යොමු කළා. මෙහි කාරණා දෙකක් පෙනේ. එතකොට පළවෙනි කාරණාව, අත්තවාද උපාදානය නිසා වේදනා සෙවීම. විඤ්ඤාණය නිසා නාමරූප, 1 අත්තා. දෙවැනි කාරණාව, අත්තා 1 යන්න සෑදීමට යෙදෙන්නේ, තුඩු දෙන්නේ, ඊර්ෂ්‍යාව. විඤ්ඤාණය නිසා නාමරූප.
ඉහත එක සහ දෙක යන ධර්ම කරුණු දෙකෙන් කුමක් පළමුව සිදු වන්නේ ද යන්න විමසුවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වන නිසා එයට අත්තවාද උපාදානය බලපායි. නිත්‍ය යන්න අත්තවාද උපාදානය තුළ ගැබ් ගෙන ඇත. මේ නිසා ය. මෙසේ එක පළමුව සිදු වේ. යම් සංස්කාරයක් වේ ද, එය මගින් සෑදෙන විඤ්ඤාණය තුළ නාම කොටස් ද රූප කොටස් ද ඇතුළත් බව පැවසිය යුතුයි. මෙම කොටස් ඇතුළත් වුව ද, එම කොටස් ඉලිප්පීමට, ඊර්ෂ්‍යාව බලපායි. මෙසේ ඊර්ෂ්‍යාව නිසා රූප සෙවීම හෝ ආකිඤ්චඤ්ඤායතනය සෙවීම හෝ දෙවනුව සිදු වේ යනුවෙන් වටහා ගත යුතු ය.
වනපත්ථ සටහන්හි පිටුව 6දී, මච්ඡරියට ප්‍රත්‍ය අවිද්‍යා අනුසය බව ඉගෙන ගතිමු.
මච්ඡරිය මගින් සාඨෙය්‍ය වන්නේ ය. සාඨෙය්‍ය වීමට අත්තවාද උපාදානය බලපායි. තව ද, 19/08/2022 සටහන සමඟ විමසන්නේ,
ඒ කියන්නේ අපි ඒකෙ ලකුණු කරා පරාමාසයේ ඉඳන් භය අගතියට 5a, භය අගතියෙන් වේදනාවට 6a, වේදනාවේ ඉඳන් පරාමාසයට 7a කියලා. අත්තවාද උපාදානය, ඒකෙන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, එතනින් මාන පාර, එතනින් 6a වන්නේ ය.
අවිද්‍යා අනුසය මගින් යම් දහමක් ඔසවන ලද ද, එහි මාන විය හැකි සංස්කාරයෝ නොවන්නේ නම් ධාරාව නොපවතී. මෙහි දී ඵල චිත්තය ඉතාමත් දැඩි ලෙස, නොසැල් වී පවතී.
වනපත්ථ සටහන්හි පිටුව 5 දී, දුස්සීලභාවය තුළ අභිජ්ඣා ඇත්තාහු ය.
එනම් මිච්ඡා දිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය පැවැතීම ඇත. සාඨෙය්‍ය වීමට මෙය ම හේතු වන්නේ ය. මෙය අවිද්‍යා හේතුවෙන් සංස්කාර වශයෙන් සැලකිය යුතු ය, යනුවෙන් ඉගෙනගෙන ඇත. මච්ඡරිය ඇති වීමට ප්‍රත්‍ය වන්නේ අවිද්‍යා අනුසය වේ. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවයි. එහි යම් අභිජ්ඣාවක් වේ ද, එය ම සාඨෙය්‍යට තුඩු දේ.
ඉතින් මෙතැනට එනවා අර diagram එක, මච්ඡරියෙන් සාඨෙය්‍යට arrow එකක් තියෙනවා. එතන ප්‍රත්‍ය හැටියට ලකුණු කරනවා, විඤ්ඤාණ ආහාරයේ ඉඳන් සාඨෙය්‍යට. එතන අපි පෙන්නනවා, මෙතන මේ හේතුව අභිජ්ඣාවයි, මිච්ඡා දිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම. ඊළඟට දුසිල් බව කියන එක ඉඳන් arrow එකක් එනවා සාඨෙය්‍යට. එතකොට සාඨෙය්‍යයේ ඉඳන් arrow එකක් එනවා අශ්‍රද්ධාවට.
අභිජ්ඣා වුවහොත් සාඨෙය්‍ය වන්නේ ය, යන්න සිහියේ පවතින්නේ ද, ඒක repeat වෙනවද, මෙහි දී සිත ඉතා ප්‍රභාස්වර වන්නේ ය. මනෝමය කායේ ඇස කන ආදිය දැකීම ද, විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ඇති විට දකින ප්‍රභාස්වර ආලෝකය දැකීම ද, ප්‍රීතිය ගැලීම ආදිය දේ සිදු වුණත්, එම කිසිවකට අභිජ්ඣා නොවී සිටින්නේ ය.
මෙහි දී මණ්ඩලාධිපති බුදුපියාගේ පථය සිහි විය. මෙසේ අභිජ්ඣා නොවී සිටින්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 22/10/2022
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේකට තව ටිකක් එකතු කරනවා නම්, විඤ්ඤාණය තුළ නාමරූප කොටස් ඇතුළත්. එම කොටස් ඉලිප්පීමට ඊර්ෂ්‍යාව බලපායි කියන එකට උදාහරණයක් දෙනවා නම් ඒ යමෙක්ගේ අතේ බෝල ඇත. ඔහු එය විසි කරන්න පෙර මේක අල්ලා ගන්න යැයි පවසයි. ඊර්ෂ්‍යාව විසින් අල්ලා ගත යුත්තේ මේ බෝලය යැයි පවසයි.
ඊළඟට ඔය අභිජ්ඣා වුවහොත් සාඨෙය්‍යට හේතු, එතකොට ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවයි. එහි අභිජ්ඣා ඇති වේ. එනමුදු මච්ඡරිය ඇති නොවන අවස්ථාවක් ඇත. එය 8 වන ධ්‍යානය වන අවස්ථාවයි. ඔහුට ඔසවන ලද සඤ්ඤාව කෙරෙහි මච්ඡරිය නැත. භවය පැවැත්වීම කෙරෙහි මච්ඡරිය ඇති වන්නේ පථය සම්පුර්ණ වීමෙන් අනතුරුව ය.
ඒ කියන්නේ අර කොළ පාට roman i ඉඳන් iv, දිට්ඨි ආශ්‍රව දක්වා පථය. එය ඔහු නොදනී. මෙසේ අභිජ්ඣා වුවහොත් සාඨෙය්‍ය නොවන අවස්ථාවක් ඇත.
ඉතින් මේ කොටස කෙනෙක් සිහි කරනවා නම් දැන් ඔය භාවනාව කරනකොට තමන්ට ආලෝකය එහෙම ඇවිල්ලා තියෙනවා. මේ කොටස සිහි කළා ම තමන්ට දැනෙනවා ඔළුවේ පිටිපස්සෙන් ඒ හත් වෙනි ධ්‍යානය මෙන් විශාල වී විවෘත වෙනවා කියලා. ඉස්සරහ හය වෙනි ධ්‍යානය නම් පිටිපස්ස හත් වෙනි ධ්‍යානය මෙන් දැකීමක් තියෙනවා.
ඊළඟට තවත් ටිකක් එකතු කරනවා නම් දුස්සීලභාවය තුළ අභිජ්ඣා ඇත්තාහු ය. එනම් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම ඇත. සාඨෙය්‍ය වීමට මෙය ම හේතු වන්නේ ය. මෙය අවිජ්ජා හේතුවෙන් සංස්කාර වශයෙන් සැලකිය යුතු ය. කුමක් නිසා ද?
දුස්සීලභාවය ඇතත් ප්‍රඥා ඇති අයකු අභිජ්ඣා නොවීමට තීරණය කරන්නේ නම් එහි දී අවිජ්ජා හේතුවෙන් සංස්කාර නොවේ. එනමුදු අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර යන්න හැම විට සාධාරණ ය.
ඉතින් මේකට උදාහරණයක් අපි ඊයේ අර සාකච්ඡාවේ දී දුන්නා, අර මත්පැන් බොන මනුස්සයෙක් ගැන එහෙම කියලා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්