ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
චූල අස්සපුර සටහන්වල 6 වෙනි පිටුවට මනස යොමු කළා.
ඒකෙ අපි දන්නවා, ඊර්ෂ්‍යාවෙන් මායාවට එතන පෙර චේතනා. මච්ඡරිය ඉඳන් සාඨෙය්‍යට, එතකොට සාඨෙය්‍ය ඉඳන් මිච්ඡා දිට්ඨිය දක්වා, අපර චේතනා කියලා ලකුණු කරලා තියෙනවා.
එහි චේතනා කෙරෙහි උපෙක්ඛා විමසන විට, පළවෙනියට අපිට පේනවා කාමච්ඡන්දය, ඒකෙන් ව්‍යාපාදය, ඒකෙන් ඊර්ෂ්‍යාව, ඒකෙන් මායාව. මෙහි දී ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය ඇතුළට ඇදෙන්නේ ය. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වන අවස්ථාවක් තිබිය යුතු ය.
දෙවැනි කාරණයට එනවා. මෙය විචිකිච්ඡා ඇති අවස්ථාවේ දී ය. පෙර ගත්තා වූ දේ හරි ද? මෙහි දී සැකයෙන් කථංකථා සල්ලයෙන් කැරකැවීම සිදු වේ. දැන් අපර චේතනා සිදු වේ යනුවෙන් ඉගෙන ගත්තා. එනම් සාඨෙය්‍ය ක්‍රියාත්මක වේ. මෙහි දී පරාමාසකායගන්ථය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළට ඇදෙන්නේ ය. අභිජ්ඣා ඇති වන පළවෙනි වටය මෙන් සිතන්න. අවිද්‍යා හේතුවෙන් සංස්කාර. මෙහි දී අවිද්‍යා හේතුවෙන් සංස්කාර සහ සංස්කාර පච්චයා විඤ්ඤාණං යන දෙක ම එක වටයක් ලෙස සැලකිය යුතු ය. කුමක් නිසා ද? යම් දහමක් හටගැනීමක් ඇති ද, එයට අවිද්‍යාව මුල් වන බැවිනි. අභිජ්ඣා වුවහොත් සාඨෙය්‍ය වන්නේ ය.(*1)
මෙම දෙයාකාර ධර්මය දැන repair කරන්නේ, යම් විචිකිච්ඡා සංස්කාරයක් වේ ද, එය දුක අමතක කරන්නේ ය.
විචිකිච්ඡා අනුසය මගින් සනාථ කරන සක්කාය දිට්ඨිය, සුඛ බව ප්‍රකාශ කරන්නේ ය, යන ධර්ම කොටස සිහි කරන්න. සාඨෙය්‍ය මගින් සක්කාය දිට්ඨිය ඇති වේ. දුස්සීලභාවය සාඨෙය්‍ය තුළ ගැබ් ගෙන ඇත. දුස්සීලභාවය නිසා සුඛ වන රූප සොයයි. විචිකිච්ඡා අනුසය නැති සුඛයක්, එනම් විචිකිච්ඡාව මගින් වසන ලද දුක, සුඛ වශයෙන් ප්‍රකාශ කිරීමට සක්කාය දිට්ඨියට ඉඩ දේ. ඉහත විචිකිච්ඡා ඇති අවස්ථාවේ දී, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වීම සිදු වුවත්, සාඨෙය්‍ය මගින් ඇති වන සක්කාය දිට්ඨිය මගින් නැවත සුඛ යැයි පවසා, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයත් පරාමාසකායගන්ථයත් එකතු කරන බව වටහා ගත යුතු ය.
තව ද, පරාමාසකායගන්ථය තුළ වරදවා වටහා ගැනීම ඇත. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ මෙය සත්‍ය යන කීම ඇත. මෙම දෙදෙනා වෙන් වන්නේ නම්, වරදවා වටහා ගත් දෙය සත්‍යක් දැ යි සැක නොවන්නේ ද? අනෙක් අතට අමතක වීම යනු කුමක් ද? යම් සිහියක් වේ ද එය නැති වීම නොවේ ද?
උදාහරණ වශයෙන් මගේ කණ්නාඩිය මෙතන යැයි කියන සිහිය නැති විය. මගේ කණ්නාඩිය මෙතන යැයි යම් සත්‍යයක් වී ද, එම සත්‍ය වෙන් වන්නේ නම්, එනම් ඉදංසච්චාභිනිවෙසකායගන්ථය වෙන් වන්නේ නම් කණ්නාඩිය කොතැන ද යන්න නැත. මෙසේ දුක යන සත්‍ය අමතක කරන බව වටහා ගත යුතු ය. මෙය වටහා ගැනීම කෙසේ ද?
දුක වෙනුවට සුඛ යන මෝඩ මතය පරාමාසය තුළ ඇත. එනමුදු දුක යන්න ඉදංසච්චය තුළ ගැබ්ව ඇත.(*2) කුමක් නිසා ද? යම් අනිත්‍ය බවක් විඤ්ඤාණ බිඳීම නිසා සිදු විය. ඉදංසච්චය පරාමාසය සමඟ එකතු වන්නේ නම්, දුක ඉවසයි. පරාමාසයට ඉඩ දේ. ඔරලෝසුව නැති වී ලැබුණු අවස්ථාව මෙනි.
ඉදංසච්චය වෙන් වන්නේ, පරාමාසයේ ඇති සුඛ යන මෝඩ මතය මතු වේ. පරාමාසකායගන්ථයත් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයත් එකතු නොවන්නේ නම්, නිර්වාණය සාක්ෂාත් කරයි. මෙය සිදු වන්නේ පරාමාසය පිරිසිදු වන්නේ නම් පමණි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 22/10/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒක අපි දැන් ඉස්සෙල්ලා භාවනාවේ දී ඉගෙන ගත්තා.
(*2) ඒකේ අනිත් විපල්ලසයොත් ඔක්කොම තියෙනවා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේ භාවනාවේ ඔය පළවෙනි කාරණාවයි දෙවෙනි කාරණාවයි දෙක පමණක් සිහි කරන්නේ, මනස විශාල වීම ද ඵල චිත්තය නැංවී තිබීම ද මනසේ පිරිසිදු බව ඇති බව දන්නේ, කුමක් නිසා මෙසේ වන්නේ දැ යි බුදුපියාගෙන් විමසුවා. කාරණා අටක් පැවසිය හැකි බව බුදුපියා පැවසුවා.
පළවෙනි කාරණය ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදි යැයි වැටහීම බව පැවසුවා. එය සිතා බලන්න යැයි පැවසුවා. එතකොට පළවෙනි කාරණය සම්මා දිට්ඨිය, ආර්ය විදිහට මෙනෙහි කළා. “අරියචිත්‌තස්‌ස අනාසවචිත්‌තස්‌ස අරියමග්‌ගසමඞ්‌ගිනො අරියමග්‌ගං භාවයතො පඤ්‌ඤා පඤ්‌ඤින්‌ද්‍රියං පඤ්‌ඤාබලං ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො සම්‌මාදිට්‌ඨි මග්‌ගඞ්‌ගං, අයං වුච්‌චති, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.”
මෙහි ප්‍රඥාව වශයෙන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය ඇතුළට ඇදීමත්, පරාමාසකායගන්ථය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළට ඇදීමත් නිසා වන දුක, වශයෙන් මෙනෙහි කළා. මේක උග්‍ර සමාධියට හේතු වෙනවා, ප්‍රත්‍ය වෙනවා.
භාවනාව අවසානයේ දී repair කරනවා, repair කරලා අවසාන වන්නේ කාරණා අට ම වැටහුණා.
දෙවෙනි එක සම්මා සංකප්පය නිවැරදි ය. අභිජ්ඣා නොවීම. මණ්ඩලාධිපති බුදුපියාගේ පථය. ඔය විදිහට සම්මා වාචා නිවැරදි ය. සම්මා සමාධිය නිවැරදි ය, දක්වා කාරණා අට පේනවා.