ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
09/09/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් විචිකිච්ඡා ඇති අවස්ථාවේ දී, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වන අවස්ථාව තවදුරටත් සිහි කළා.
එතකොට අපි ඔය 21/05/2021 නිබ්බාන භාවනාවේ දී diagram එකක් දුන්නා.
ඒකෙ පථය 1, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඒකෙන් පරාමාස නිසා line 7 වීම ඇත. මේ මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින් පරාමාස පරිදේව භය අගති. එය මගින් භය අගති වේදනා නාමරූප පරාමාස වීම පළමුව සිදු වේ.
පථය 2, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වන්නේ රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා, එතනින් නාමරූප, එතනින් පරාමාස, එතනින් පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. මෙය නොකිරීම විරාගය ලෙස ගත යුතු ය.
පථය 3, භය අගතිය සෝක වේදනා රූප. මෙය දෙවන පථයට අනතුරුව සිදු වේ. කාම ආශ්‍රවයට පැමිණීම, අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව යන දෙකෙන් ම සිදු වන අතර මෙම මොහොතේ දී, දිට්ඨි ආශ්‍රවය වැදගත් වේ. මෙය නොකිරීම නිරෝධය ලෙස ගත යුතු ය.
විචිකිච්ඡා නිසා වෙන් වීම සිදු වුවත්, පථය 1 සිදු වී, නැවතත් පරාමාස වීම පළමුව සිදු වේ. මේ අතරවාරයේ එම විචිකිච්ඡාව ම සල්ලයක් බවට පත් විය. කුමක් නිසා ද? ඉහත ඇවිස්සුණු පරාමාසය නිසා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වීම, අහං සහ මමංගේ පැවැත්මට සිත පිණිස වන්නේ ද යන්න චේතනාව මගින් විමසන නිසා ය.
මෙහි සාඨෙය්‍ය හටගනී. දැන් දෙවන පථය ක්‍රියාත්මක වේ. කුමක් නිසා ද? යම් අවිද්‍යා ආශ්‍රවයක් වේ ද, එය තුළ නිත්‍යභාවය සහ අත්තභාවය ගැබ් ගෙන ඇත. මේ නිසා ය. දෙවන පථය සිදු වන්නේ නම් සාඨෙය්‍ය සනාථ වන අතර මායාව ඇති වේ. කුමක් නිසා ද? යම් දහමක් පෙර පරාමාස වූවා ද, එම ධර්මයෝ දෙවන පථය මගින් නැවතත් ගොඩනංවා සනාථ කරන බැවින්, දුසිල්භාවය හොඳ යැයි හැඟීම් ඇති වේ.
තුන් වන පථය මගින් එකතු වුණා වූ පරාමාස ඉදංසච්ච ආලම්බනය කරනු ලබයි. දෙවන පථය සහ තුන් වන පථය යන දහම්හි යම් විරාගයක් නිරෝධයක් ඇති වන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරයි. මේ සඳහා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය ඇතුළට නොඇදිය යුතු ය.(*1)
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 29/10/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) නිබ්බිදාව තියෙන්න ඕන.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව චුට්ටක් එකතු කරනවා නම්, ඔය දෙවන පථය මගින් පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරන කරන බැවින් දුසිල් බව හොඳ යැයි හැඟීම ඇති වේ. එතකොට එතන අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. එහි යම් අභිජ්ඣාවක් වේ ද එය ම සාඨෙය්‍යට තුඩු දේ. යම් සාඨෙය්‍යක් එමගින් ඇති වන්නේ ද එය ම මායාව බවට පත් වේ. කුමක් නිසා ද?
අභිජ්ඣාව වූ දහම කෙරෙහි ම සංස්කාරයන් සිදු කරන බැවිනි. මෙසේ දුසිල් බව ඇති වුව ද එය වසා ගැනීම කරනු ලබයි. කෙටියෙන් කියනවා නම් අභිජ්ඣාවෙන් සාඨෙය්‍ය ඇති වන්නේ නම් එහි මායාව ගැබ් ගෙන ඇත.
ඊළඟට ඔය පථය 1 සිදු වුණේ මෝහ සල්ලය සංස්කාර අළලා කැරකීම නිසා ය කියන එක කියන්න පුළුවන්.