Date: 23/09/2022 Name: IdamsaccaAbhinivesa

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

09/09/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. පළවන කාරණය කාමච්ඡන්දය, එතනින් ව්‍යාපාදය, එතනින් ඊර්ෂ්‍යාව, එතනින් මායාව. මෙහි දී ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය ඇතුළට ඇදෙන්නේ ය. මෙය කෙසේ සිදු වන්නේ ද යන්න සිහි කළා.

ඊර්ෂ්‍යාව සිට මායාව දක්වා ගොස් ඇත්තේ, 1 අත්තා සහ 2 අත්තා එකතු වී මාන වන්නේ ම ය. ඊර්ෂ්‍යාව සිට මායාව දක්වා ගොස් ඇත්තේ පරාමාසය හරහා ය. මෙහි දී line 7 හරහා දිට්ඨීන් එකතු වන නිසා ය. අත්තා 1 එකතු වේ. සාරියක් වැනි දෙයක් ලැබෙනවා ම යැයි සිතයි. 1 අත්තා සහ 2 අත්තා එකතු වී මාන වන්නේ ම ය යන්න සත්‍යයකි. මෙම සත්‍ය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ තැන්පත් වන්නේ, එය පරාමාසකායගන්ථයට එකතු වේ. මෙසේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය ඇතුළට ඇදෙන්නේ ය යන්න වටහා ගත යුතු ය.

දෙවන කාරණය විමසන්නේ, විචිකිච්ඡා ඇති අවස්ථාවේ දී සැකයෙන්, කථංකථා සල්ලයෙන් කැරකැවීම සිදු වේ. දැන් අපර චේතනා සිදු වේ. එනම් සාඨෙය්‍ය ක්‍රියාත්මක වේ. අපර චේතනා සිදු වන්නේ නම් ඉහත මාන වීම ඇත්තේ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ සිට භය අගති දක්වා මාන අගයෝ, එම සංස්කාර විෂයයෙහි ම ඇති වේ. මේ අතරවාරයේ, පරාමාසගත වූ සත්‍ය නිසා, අත්තා 1ට මාන අගය එකතු වී, අහංකාර වන්නේ 5A සෑදීම වන්නේ ය. සැකය පහ වේ. කුමක් නිසා ද?

ඉතින් මෙතනට කෙනෙකුට ඇඳගන්න පුළුවන් diagram එකක් වශයෙන්, අර භය අගති පරාමාස චේතනා රේඛාව, ඒ චේතනාව කිට්ටුවෙන් සාඨෙය්‍ය කියන එක වැටෙනවා. එතකොට ඊට පස්සේ පරාමාසය තියෙන තැන අත්තා 1, අහංකාරය කියන එක පරාමාසයයි භය අගතියයි අතර, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට මානය. ඒ වගේ ම වරහනක් ඇතුළේ ලියාගන්න පුළුවන් මානය කියන එක භය අගතිය ළඟ. එතකොට අර නිත්‍යයි කියන එකේ පසු සඤ්ඤාව අපි දන්නවා, දිට්ඨි ආශ්‍රවය. ඉතින් අර අහං කියන තැනට ඒක එනවා.

සැකය පහ වී ඇත්තේ මාන අගය භය අගතිය දක්වා පැමිණ ඇත්තේ, යම් බියක් ඇති ද එය පහ වෙයි. පෙර ගත්තා වූ දේවල් වෙනස් නොවනවා යන හැඟීම පුනපුනා ඇති වේ. මෙහි නිත්‍ය ස්වභාවය ඇත.

ආනෙඤ්ජ සප්පාය සූත්‍ර සටහන් slide 5හි දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය සිහි කරන්න. මෙසේ පරාමාසකායගන්ථය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළට ඇදෙන්නේ ය.

ඉතින් ඒක තමයි භාවනාව.

මේක තව ටිකක් පැහැදිලි කරනවා නම්, සැකය මගින් දුක අමතක කරන බව අපි දන්නවා. සැකය පහ වීම යනු දුක තදින් ම අමතක කිරීම ය, h1 = h2 = 0, අවස්ථාව සිහි කරන්න. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව හොඳින් සිදු වේ. පරිදේවය ළඟ සැකය තබන්න. මෙහි දී පරිදේවය අමතක වේ. මේ නිසා රැකියාව කරන පුද්ගලයා, වැටුප ලැබෙන්නේ යැයි සිතන්නාක් මෙන්, ලැබීම ද, ලැබුණු දේ පවතිනවා යන දෙයාකාර ධර්මයෝ ම සත්‍යයක් යැයි හැඟීම් ඇති වී ඉදංසච්චාභිනිවෙස වන්නේ ය. මෙසේ පරාමාසකායගන්ථය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළට ඇදෙන්නේ ය.

ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 29/10/2022

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

තවත් චුට්ටක් එකතු කරනවා නම් මානය මගින් බිය වසා දමනවා. හිරි ඔතප් නැති කරනවා. අදත්තාදානය වැනි දේ කිරීමට බිය නොවේ. තව ද සමහරු යුද්ධ කිරීමට ද යයි. තමා මිය යනවා යන බිය වැසී යන ස්වභාවය එහි පවතී.

ඊළඟට මේ භාවනාව කරලා repair කරනකොට මේ පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි ප්‍රකාශ කරන්නේ ය යන්න මෙනෙහි කරනවිට, පරිදේවය ළඟ සැකය තබන්න. සැකය පහ වීම යනු දුක තදින් ම අමතක කිරීම යන්න සමඟ මෙනෙහි කරන්නේ මෙසේ පරිදේවය අමතක කර විඤ්ඤාණ ධාරාව හොඳින් ගලන විට සඤ්ඤාව සුඛ යැයි ප්‍රකාශ කරන්නේ යන්න සිතෙන්නේ විඤ්ඤාණ ධාරාව ඉතා ම slow වෙයි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg