ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
16/09/2022 නිබ්බාන භාවනාවේදි, පථය 1, සාඨෙය්‍ය හටගැනීම, දෙවන වටය, ඉදංසච්ච සිට පරාමාස වන්නේ ය. ඊළඟට පථය 2, සාඨෙය්‍ය සනාථ වීම, රූප කොටස්වල ඉස්ම පැමිණීම වන අතර මායාව ඇති වේ, යනුවෙන් ඉගෙන ගතිමු.
මච්ඡරිය හැම වටයක ම ඇත. සාඨෙය්‍ය ද එසේ ම වන්නේ ය. විචිකිච්ඡා ඇති අවස්ථාවේ දී සැකයෙන්, කථංකථා සල්ලයෙන් කැරකැවීම සිදු වේ. දැන් අපර චේතනා සිදු වේ. එනම් සාඨෙය්‍ය ක්‍රියාත්මක වේ යනුවෙන් 23/09/2022 ඉදංසච්චඅභිනිවෙස භාවනාවේදි ඉගෙන ගත්තා. මෙසේ සාඨෙය්‍ය සහ මායාව යන කාරණා දෙක විමසන්නේ, මෙම දෙකෙන් කුමක් පළමුව සිදු වේ ද යන්න විමසුවා.
1. වරෙක සාඨෙය්‍ය පෙර ය. මායාව පසුව ය.
2. තවත් වරෙක මායාව පෙර ය, සාඨෙය්‍ය පසුව ය, යනුවෙන් බුදුපියා උදව් කළා.
මෙහි පළවන අවස්ථාව, එනම් සාඨෙය්‍ය පෙර අවස්ථාව, ඉහත පථය 1 සහ 2 සිදු වී ඇති අවස්ථාවේ දී ය. සාඨෙය්‍ය සනාථ වීමෙන් පසුව,(*1) මායාව ඇති වී, ඉදංසච්ච සිට පරාමාස වන්නේ ය. මෙහි දී යමක් ලැබී ඇත.
මෙහි දෙවන අවස්ථාව, එනම් මායාව පෙර අවස්ථාව දරුණු ය. කුමක් නිසා ද? තමා දුස්සීලභාවයට පත් කරගෙන එය නොදනීවා යැයි සිතන්නේ, මාන අගයෝ හිසටත් වඩා උඩින් ගොස් ඇත. මෙහි දී යමක් ලැබී නැත.
උදාහරණ වශයෙන් ගායිකාව කාමයෙහි වරදවා හැසිරීම සිදු කර ඇත. එනමුදු සින්දු තවම ප්‍රචාරය නොවේ. සංස්කාර සිදු කර ඇති නිසා අත්තා 1 සහ 2 එකතු වී මාන වන්නේ ම ය. ඉදංසච්ච සිට පරාමාස වන්නේ ය. මේ අවස්ථාවේ දී සංස්කාරවලට මාන වීම සිදු වන අතර මාන අගයෝ භය අගති දක්වා පැමිණ ඇත. මෙහි දී පථය 3 ක්‍රියාත්මක වේ. එනම් දිට්ඨි සල්ලයෙන් කැරකැවීම සිදු වේ. දිට්ඨි සල්ලයෙන් කැරකැවීම මගින් යම් දහමක් චේතනාව දක්වා ගෙන ආවා ද, කථංකථ සල්ලයෙන් කැරකීම මගින් එම දහම්හු විඤ්ඤාණය දක්වා ගෙන යාම සිදු කරන්නේ, සාඨෙය්‍ය ක්‍රියාත්මක වීම පළවන වටයේ දී පරාමාස සිට ඉදංසච්ච වීම වටහා ගත යුතු ය.
මෙහි තුන් වන පථය මගින් එකතු වුණා වූ පරාමාස ඉදංසච්ච ආලම්බනය කරනු ලබයි යන්න ද වැටහේ. කාමයෙහි වරදවා හැසිරීම කරන ලද ගායිකාව එම සංස්කාරයෝ සිහි කිරීම ද දිට්ඨි සල්ලයෙන් කැරකැවීම නිසා සින්දු ප්‍රචාරය වේවි, යන දිට්ඨිය ම ස්ථිර වීම යන්න ඇත. මෙසේ පරාමාසය ද, ඉදංසච්චාභිනිවෙසයේ සිට පැමිණි සංස්කාරයෝ ද, යන දෙක ම ආලම්බන කරනු ලබයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 05/11/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) රූප කොටස්වල ඉස්ම පැමිණීම.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්