ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
23/09/2022 ඉදංසච්චඅභිනිවෙස භාවනාව නැවතත් කරගෙන ගියා. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වන අවස්ථාව වන, විචිකිච්ඡා ඇති අවස්ථාව සඳහා උදාහරණ වශයෙන් ධ්‍යාන ඇති අවස්ථාවක් යොදාගෙන බැලුවා.
ප්‍රථමධ්‍යාන සහිතව ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය එකතු වී සිටින්නේ නම්, මෙහි දුක යන්න සැක කෙසේ යොදා ගන්නේ ද? අන් පුද්ගලයෙක් ඇවිත් දෙවන ධ්‍යානය හොඳ යැයි පවසන්නේ, ඉදංසච්චය එය හොඳ යැයි සිතන්නේ වෙන් වීම සිදු වේ. පරාමාසය තවමත් ප්‍රථමධ්‍යානය හොඳ යැයි සිතයි. එය දුකක් ද යන්න අසයි. දුක යන්න සැක ය. ඉදංසච්චය දෙවන ධ්‍යානය හොඳ යැයි පවසයි. එය දුකක් ද යන්න අසයි. දුක යන්න සැක ය. මෙසේ දෙදෙනා ඉදංසච්චය සහ පරාමාසය වෙන් වී පවතී. මෙසේ සිතන්නේ මනස cool වේ. පරාමාසය සිට ඉදංසච්ච වන්නේ නම් පරාමාසය දිනයි. මෙහි ඉදංසච්චය ඉවසයි. ප්‍රථමධ්‍යානය හොඳ යැයි යන්නට ඉඩ දෙයි. නමුත් දෙවන ධ්‍යානය නොවීම නිසා, දුක එහි ඇත.
යමෙක් දෙතිස් කුණපය සිහි කර ප්‍රථමධ්‍යානය වන්නේ, එහි බැසගන්නේ නම් අභිජ්ඣා ඇති වේ. මෙහි මායාව කුමක් ද? රහතන් වහන්සේලා එය අල්ලාගෙන ඉන්න එපා යැයි පවසත් ද, මොහු දෙවන විරියට නොගොස් පළවන විරිය පමණක් භාවිතා කරමින්, මිද්ධය සහිතව වාසය කරයි.(*1) එය අන් අය නොදනීවා යැයි සිතයි. ථීනමිද්ධයෙන් විචිකිච්ඡාව. මෙහි පරාමාසගත වී ඇති ප්‍රථමධ්‍යානය හොඳ යැයි සිත් ඇත්තේ, රහතන් වහන්සේලා පැවසූවත් මෙය දුක ද යන්න සැක ඇත. ප්‍රථමධ්‍යාන ප්‍රීතිය, ද්විතීය ධ්‍යාන ප්‍රීතියට වඩා නිතර සිදු වේ, more frequent. කෙස් ආදිය යන්න සිහි කරන තාක් කල්, එය ගලයි. ද්විතීය ධ්‍යානයේ දී මෙසේ ඇති වූ ප්‍රීතිය ගැන, සඤ්ඤා මනසිකාර නිසා ප්‍රීතිය ගලයි. එය දෙතිස් කුණපයෙන් ගැලවීම ගැන ඇති, සඤ්ඤා මනසිකාර නිසා ඇති වන ප්‍රීතිය වේ. මෙසේ ප්‍රථමධ්‍යාන ප්‍රීතිය හොඳ යැයි සිත් ඇත්තේ, මායාව ඇති වී ඇත්තේ ඉදංසච්චයේ සිට පරාමාස වීම ප්‍රථමධ්‍යානයේ දී සිදු විය.
මෙසේ ම දෙවන ධ්‍යාන සහිතව ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය එකතු වී සිටින්නේ නම් මෙහි දුක යන්න සැක කෙසේ යොදා ගන්නේ ද? දෙවන ධ්‍යාන ප්‍රීතිය කායිකව දැනෙන නිසා, එය සුඛ යන හැඟීම ඇත්තේ මොහු තෙවන විරියට නොගොස්, දෙවන විරිය පමණක් භාවිතා කරමින් වාසය කරයි. තෙවන විරිය යනු කුමක් ද? අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය, ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
අනුප්පන්නානං කුසලානං ධම්මානං, අපිට ඉපදිලා නැති කුසල ධර්මයෝ මොනවා ද? කෙනෙක් කල්පනා කරනවා මම සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා. එහි කුමක් ඇති ද? යම් ඵල චිත්තයක් වේ ද, එය තුළ සමුදය දහම් ඇතුළත් ය. එනම් මෙය දුක ඇති කරන බව යන්න ගැබ්ව ඇත. දෙවන ධ්‍යාන ප්‍රීතියට මුළා වී ඇත්තේ, එහි දුක යන්න සැක ය. එයින් දුක ඇති වේ ද යන්න සැක ය. කුමක් නිසා ද? විතක්ක විචාරවලින් තොරව ප්‍රීතිය ඇති යැයි හැඟීම් බහුල ය. කිසිවක් නොකර මෙසේ වනවා යැයි හැඟීම ඇත්තේ ථීනමිද්ධ ස්වභාවය පවතී. එයින් ඇති වන සැකය තුළ, දුක යන්නත් දුක්ඛ සමුදය යන්නත් යන දෙක ම සැක ය යන්න ඇත.
මෙසේ දෙවන ධ්‍යානයට ඉඩ දී පරාමාසය දෙවන ධ්‍යානය හොඳ යැයි, ඉදංසච්චය තෙවන ධ්‍යානය හොඳ යැයි, වෙන් වී පවතී. විතක්ක විචාරවලින් තොරව ප්‍රීතිය ඇති යැයි හැඟීම් බහුල නිසා, ඇති වන අභිජ්ඣා ඇත. මෙසේ මායාව ඇති වී ඇත්තේ, ඉදංසච්චයේ සිට පරාමාස වීම දෙවන ධ්‍යානයේ දී සිදු විය.
මෙසේ ම තෙවන ධ්‍යාන සහිතව ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය එකතු වී සිටින්නේ නම් මෙහි දුක යන්න සැක කෙසේ යොදා ගන්නේ ද? තෙවන ධ්‍යාන සුඛ යන හැඟීම ඇත්තේ මොහු හතර වන විරියට නොගොස්, තෙවන විරිය පමණක් භාවිතා කරමින් වාසය කරයි. හතර වන විරිය යනු කුමක් ද? උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය, භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා, ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
එතකොට අපිට ඉපදිලා තියෙන කුසල ධර්මයෝ මොනවා ද? අපි තුන් වෙනි විරියේ දී කිව්වා සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා. සෝතාපන්න පුද්ගලයා එයාගේ මගඵල චිත්තය නංවලා ඉන්නකොට මේ ලෝකයේ කිසිම දෙයක් මගේ කියලා ගන්නේ නැහැ. ඒ නිසා එයාගෙ සිත විශාලයි. ඒ විශාල සිත නිසා කෙනකුට හිතෙන්න පුළුවන්, මේක තමයි නිර්වාණය කියලා. මගඵල චිත්තය කියලා කියන්නේ නිර්වාණය ද, නෑ නේ ද? ඒක බෝධි පාක්ෂික ධර්මයක්. බෝධිය නෙමෙයි. එතකොට මෙයා මුළාවට පත් වන්නේ නැහැ. ඒකයි ඨිතියා අසම්මොසාය කියන්නේ.
තෙවන ධ්‍යානය සුඛ යැයි මුළා වී ඇත්තේ, එහි දුක යන්න සැක ය. මෙයින් දුක ඇති වේ ද යන්න සැක ය. මේ දුක්ඛ නිරෝධය දැ යි සැක ය. සෝතාපන්න ඵල චිත්තය නිසා ඇති වූ මනසේ විශාලත්වයත්, තෙවන ධ්‍යාන සුඛයත් යන දෙක ම වරින්වර බලපෑම විය හැක. තව ද සුඛය නිසා, දුක නැති වී ඇති මෙන් දැනේ. කුමක් නිසා ද? සමුදය දහම් දුටු පමණට, එහි නිරෝධයත් එය ම ද යන්න මනා කොට නොදනී. One way street එකක යන කෙනෙකු ආපසු එන්නේ කෙසේ දැ යි නොදන්නාක් මෙනි.
මෙම නොදන්නාකම නිසා ථීනමිද්ධ ස්වභාවය පවතී. එයින් ඇති වන සැකය තුළ, දුක යන්නත් දුක්ඛ සමුදය යන්නත් දුක්ඛ නිරෝධය යන තුන ම සැක ය. මෙසේ තෙවන ධ්‍යානයට ඉඩ දී පරාමාස තෙවන ධ්‍යානය හොඳ යැයි, ඉදංසච්ච හතර වන ධ්‍යානය හොඳ යැයි, වෙන් වී පවතී. මෙම නොදන්නාකම නිසා සුඛය හොඳ යැයි හැඟීම් බහුල නිසා ඇති වන අභිජ්ඣා ඇත. මෙසේ මායාව ඇති වී ඇත්තේ ඉදංසච්චයේ සිට පරාමාස වීම, තෙවන ධ්‍යානයේ දී සිදු විය.
මෙසේ ම හතර වන ධ්‍යානය සහිතව ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය එකතු වී සිටින්නේ නම් මෙහි දුක යන්න සැක කෙසේ යොදා ගන්නේ ද? ඔහුගේ හතර වන විරිය පග්ගහ නිමිත්තට යාමට තරම් ප්‍රබල නොවේ. විරිය හීන ය. කුමක් නිසා ද? හතර වන ධ්‍යානයේ දී විශාල වූ සිත් ඇත්තේ, රූප ඉක්මවා සිටින්නාක් මෙන් හැඟීම ඇති වී ඇති නිසා ය. ඔහු රූපයන්හි දෝස නොදක්නා ලද ය. එම උපෙක්ඛාවට මුළා වීම ඇත.
මෙසේ මිච්ඡා දිට්ඨිය ඇති වී ඇත්තේ, හතර වන ධ්‍යානය නොඉක්මවයි. එහි බැස ගනියි. ථීනමිද්ධ ස්වභාවය පවතී. එයින් ඇති වන සැකය තුළ, දුක යන්නත් දුක්ඛ සමුදය යන්නත් දුක්ඛ නිරෝධය යන්නත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යන්නත් සැක ය. මෙසේ හතර වන ධ්‍යානයට ඉඩ දී, පරාමාස, හතර වන ධ්‍යානය හොඳ යැයි, ඉදංසච්ච, පස් වැනි ධ්‍යානය හොඳ යැයි, වෙන් වී පවතී. මෙම නොදන්නාකම නිසා උපෙක්ඛාවට මුළා වීම නිසා, ඇති වන මිච්ඡා දිට්ඨි ඇත. මෙසේ මායාව ඇති වී ඇත්තේ, ඉදංසච්ච සිට පරාමාස වීම හතර වන ධ්‍යානයේ දී සිදු විය.
ඒක තමයි භාවනාව. ඉතින් මේකෙ මේ one way street එක කියන එක තවදුරටත් පැහැදිලි කරනවා නම්, මෙහි දී 7.4 දුක්ඛ table පිටුව 5 මෙන් ධර්මය බැලිය යුතු ය. අහංකාරය ඇත. කුමක් නිසා ද? සඤ්ඤා සහ වේදනා අතර ලකුණු කර ඇති, පෙර අත්තා යන්න විමසන්න. එය රූප සොයා යෑමේ දී ස්පර්ශ වීමට පෙර, යමක් ඇති යැයි මනසේ සටහන්ව ඇති රූප ස්වභාවයක් පමණි. අහංකාරය නිසා සොයාගෙන පැමිණි රූප ලැබී ඇති බවක් සුඛ වේදනා නිසා මනසේ සටහන්ව ඇත. මෙසේ ලැබී ඇති යැයි සඤ්ඤා ඇත්තේ, එහි නැති වීමක්, සුඛ වේදනා ඇති තාක් නොදන්නේ ය.
ඒක තමයි භාවනාව.
සාකච්ඡාව 05/11/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඔතන මිද්ධය කියලා කියන්නේ එතන, දැන් ඒ චෛතසිකයන්ගේ අකර්මන්‍යභාවය නේ, එතන චිත්තය මේ අවස්ථාවේ දී active. ඒක නිසා ථීනය නෑ ඒ අවස්ථාවේ දී. මිද්ධය විතරයි. මොකද ධාරාව යෙදිය යුතු නිසා ඉතින් එතන ගමන් කිරීම කියන එක චිත්තයේ තියෙනවා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
තවත් මේකට එකතු කරනවා නම්, මේ භාවනාවේ දී ප්‍රථමධ්‍යානය දෙවෙනි ධ්‍යාන මේවා සිහි කරන්නේ ඒ අකාරයෙන් ම ප්‍රීතිය ගැලීම ආදිය වීම ද, ශාන්ත මනසක් ඇති වීම ද සිදු වුණා.
ඒ වගේ ම මේ ලෝකේ බොහෝ දෙනෙක් තමන් සිටින පහත් තත්වය ම හොඳ යැයි පවසන බවත් වැටහෙනවා. ඒ කියන්නේ ප්‍රථමධ්‍යානය සිට දෙවෙනි ධ්‍යානයට යාමට උත්සාහයක් නැතුවාක් මෙන්, දුක කෙළවර කිරීමට උත්සාහයක් නැති බව වැටහෙනවා.
ආපහු පෙන්නන්න පුලුවන් ඔය හතර වෙනි ධ්‍යාන අවස්ථාවේ දී, රූපය සහිතව සිටින අයකු එම රූපයත්, රූපය සහිතව වන ධර්මතාවයන්, ඒ කියන්නේ වේදනා සඤ්ඤා කෙරෙහි උපෙක්ඛා ඇති ද, එවැනි රූපයක් නොමැති අවස්ථාවකදීත් එසේ උපෙක්ඛා වන්නේ ද, යන්න විමසා බැලිය යුතු ය.
තව ද bulb එකක් දැල් වූ විට ඇති වන ආලෝකයට සතුටු වන්නේ ද, ඒක සුඛයි කියලා ගන්නවා. එය නිවුණු පසුව උපෙක්ඛාවන් වේ ද, ඒ කියන්නේ හතර වෙනි ධ්‍යානය, මෙසේ වේදනාව විමසයි. එනමුදු එහි මුල, රූපය, අර bulb එක බව නොවිමසයි.
මෙම භාවනාව කරන්නේ දෙවෙනි ධ්‍යාන ප්‍රීතිය දැනීම, තුන් වෙනි ධ්‍යාන සුඛ, හතර වෙනි ධ්‍යාන උපෙක්ඛා, අතර මාරු වීමත් තප්පරයක් වැනි කාලයකටත් වඩා අඩුවෙන් කළ හැකි විය. මෙය බ්‍රහ්ම ක්‍රීඩාවකි.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්