Date: 14/10/2022 Name: Idamsacca and Paraamaasa

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

09/09/2022 නිබ්බාන භාවනාවේ සඳහන් කරුණු, 16/09/2022 නිබ්බාන භාවනාවේ සඳහන් කරුණු සමඟ විමසන්නේ සාඨෙය්‍ය සහ මායාව අතට අත දෙනවා, hand shake යැයි වැටහිණ.

අතට අත දීමේ දී එක් අයකු පළමුව අත දිගු කරයි. එක, මෙහි සාඨෙය්‍ය පළමුව අත දිගු කිරීම විමසා බැලුවා. මෙහි දී මායාව දෙවැන්නා වශයෙන් අත දිගු කිරීම දෙවනුව සිදු වේ.

එතකොට මෙතන අපි diagram එකක් දෙනවා.

Handshake.jpg

අර bell shaped curve එකේ, අපිට වම් පැත්තෙන් ලකුණු කරගන්න පුළුවන්, ඔය A1 කියලා ලකුණු කරන තැන සාඨෙය්‍ය. අවිද්‍යා හේතුවෙන් සංස්කාර සහ සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ. අභිජ්ඣා ඇති වන පළවෙනි වටය මෙන් සිතන්න.

ඊළඟට සාඨෙය්‍ය සනාථ වීම. ඒ curve එකේ උඩ ම point එක. එතකොට ඒ සාඨෙය්‍යයි සාඨෙය්‍ය සනාථ වීමයි අතරට එනවා, මායා කියන එක. එතකොට දකුණු පැත්තේ පරිදේව වන පැත්තේ C1. එතකොට මේ රූප සටහන සාඨෙය්‍ය ක්‍රියාත්මක වීම පරාමාසකායගන්ථය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළට ඇදෙන්නේ ය.

මැරුණු C1 පැත්ත මගින් trigger කිරීම, පරිදේව වුවහොත් අභිජ්ඣා ඇති වේ යන්න මෙන් සිතන්නේ නම් වැටහේ. මෙහි දී සාඨෙය්‍ය සනාථ වූ පසු, අතට අත දීම සඳහා සාඨෙය්‍ය පළමුව අත දිගු කළ බැවින්, සාඨෙය්‍ය පළමුව යැයි පවසයි.

මායාව අත දිගු නොකරන්නේ නම් අතට අත දීම නැත. එනමුදු මායාව අත දිගු කරනවා යන්න සත්‍යයකි. එය පථය එක සහ දෙක සිදු වී ක්‍රියා කරන්නේ ය. අත දිගු කරනවා යන්න සත්‍යයක් යැයි පවසන්නේ කුමක් නිසා ද? යම් සාඨෙය්‍යයක් ඇති වන්නේ ද එය ම මායාව බවට පත් වේ. කුමක් නිසා ද? අභිජ්ඣා වූ දහම කෙරෙහි ම සංස්කාරයන් සිදු කරන බැවිනි. වෙන් වූ යුවලක් ගැන සිතන්නේ නම් වටහා ගැනීම පහසු වේ.

ඉන් එක් අයෙකු අපි අතීතයේ මෙම ලස්සන ස්ථානයේ සතුටින් සිටියා මතක ද යැයි සිහි කර දෙන්නේ, ඉන් පසු එම අය නැවතත් එකතු වීමට එය තුඩු දෙන්නේ යම් ආකාරයට ද, එසේ මෙය වටහා ගත හැකි ය.

දෙවනුව මායාව පළමුව අත දිගු කිරීමේ අවස්ථාව, 30/09/2022 මායා සහ සාඨෙය්‍ය භාවනාවේ, දෙවන අවස්ථාව මෙන් වටහා ගත යුතු ය. එහි සංස්කාර සිදු කර ඇති නිසා අත්තා එක සහ දෙක එකතු වී මාන වන්නේ ම ය. ඉදංසච්ච සිට පරාමාස වන්නේ ය.

භය අගති දක්වා පැමිණ ඇති මාන අගයෝ කථංකථ සල්ලයෙන් කැරකීම සඳහා තුඩු දේ. කුමක් නිසා ද? මාන අගයන් මගින් බය වනසා දමන නිසා ය. තමාට හැකියාවන් ඇති යැයි හැකි ප්‍රමාණයටත් වඩා ඒත්තු ගොස් ඇති නිසා ය. කථංකථ සල්ලයෙන් කැරකීම මගින් දහම්හු විඤ්ඤාණය දක්වා ගෙන යාම සිදු කරන්නේ, සාඨෙය්‍ය ක්‍රියාත්මක වීම,(*1) පරාමාස සිට ඉදංසච්ච වීම වටහා ගත යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 12/11/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) පළවන වටය

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්, ඔය සාඨෙය්‍ය ක්‍රියාත්මක වීමට උදාහරණ වශයෙන් එළවළු විකුණන කඩයක ක්‍රියාවලිය ලෙස ගනිමු. එහි මුදලාලි තව අයකු අඹ විකුණා ලාභ ගන්නා බව අසා අඹ විකිණීම සඳහා සිත යොදන්නේ එය සාඨෙය්‍ය හට ගැනීම ලෙස ගත හැකි ය. මෙසේ විමසන්නේ දුක නොදන්නා තාක් කල් සාඨෙය්‍ය වැඩිවන බව වැටහිණ.

කථංකථා සල්ලය මගින් සාඨෙය්‍ය ක්‍රියාත්මක වීම සිදු වන බව මෙහි මෙනෙහි කරන්න.

තවත් එකතු කරනවා නම් ඔය පථය 2, ඒ යුවල උදාහරණය, සාඨෙය්‍ය පළමු වැන්නා විසින් අභිජ්ඣා ඇති කිරීම, මෙම ලස්සන ස්ථානයේ සතුටින් සිටියා මතක ද යැයි සිහි කර දීම, රූප සිට සඤ්ඤා දක්වා. දෙවැන්නා, එයට අභිජ්ඣා වීම මගින් පථය 2 සනාථ වීම. Confirm path 2.

එතකොට මේක repair භාවනාව සංකල්ප 2 සමාන නොවේ යන්න සමඟ විමසුවොත් අපිට එනවා එතන, පාරාමාස ඉඳන් විඤ්ඤාණ ආහාරය, අර පදුට්ඨමනසඞ්කප්පය - අභිජ්ඣා කියලා ලකුණු කරනවා, පරාමාස ඉඳන් පහළට පරිදේව වූ සංස්කාර.

එතකොට යුවල උදාහරණයේ දෙවැන්නා එයට අභිජ්ඣා වීම මගින් පථය 2 සනාථ වීම වන්නේ නම් පරිදේව දක්වා ම යයි.

එසේ නම් කුමක් සඳහා එක් අයකු උත්සාහ කරයි ද? විඤ්ඤාණයක් සාදයි ද? පරිදේවය නොදන්නා නිසා ය.

Handshake2.jpg