Date: 21/10/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

30/09/2022 මායා සහ සාඨෙය්‍ය භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දෙවන අවස්ථාවේ සඳහන් කරන ලද ධර්ම කාරණාව සිහි කළා. දිට්ඨි සල්ලයෙන් කැරකැවීම මගින් යම් දහමක් චේතනාව දක්වා ගෙන ආවා ද, කථංකථා සල්ලයෙන් කැරකීම මගින් එම දහම්හු විඤ්ඤාණය දක්වා ගෙන යාම සිදු වේ.

කථංකථා සල්ලයෙන් කැරකීම මගින් චේතනාව අල්ලාගෙන ඉන්න බව වැටහිණ. එසේ වන්නේ භය අගති ගමනට තුඩු දේ. එය මාන පාර හරහා සිදු වේ. අස්මිමානයාගේ මුල් සිඳීමක් වේ ද, මෙය විචිකිච්ඡා සංඛ්‍යාත කථංකථ සල්ලයාගේ නිස්සරණය වේ, යනුවෙන් සංගීති සූත්‍රයේ දැක්වේ.

යම් අස්මිමානයක් වේ ද, එය තුළ අහං සහ මමං එකට සිටීම ඇතුළත් ය. මේ සඳහා පථය එක සහ දෙක සිදු වී සාඨෙය්‍ය හටගැනීම ද සනාථ කිරීම ද විය යුතු ය. තුන් වන පථය මගින් එකතු වුණා වූ පරාමාස ඉදංසච්ච ආලම්බනය කරනු ලබන්නේ නම්, එය ම අස්මිති මානයාගේ පැවැත්ම පිණිස ද වර්ධනය පිණිස ද සිත පිණිස ද පවතී.

මෙහි යම් ගැලවීමක් ඇති ද එය නිර්වාණය පිණිස හේතු වේ. ප්‍රත්‍ය වේ. මේ සඳහා කුමක් කළ යුතු ද? විවිධ ක්‍රම පෙන්වා දිය හැකි ය.(*1) උදාහරණ වශයෙන්,

1 අරි අට මඟ භාවිතා කිරීම. මේ සඳහා සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව යොදා ගත හැකි ය.

2 විමංසා ඉද්ධිපාද slide 8 භාවිතා කිරීම.(*2)

3 ආනෙඤ්ජ සප්පාය සූත්‍ර සටහන් slide 5 භාවිතා කිරීම.

4 සබ්බාසව සූත්‍ර සටහන් 3 වල slide 9, star diagram එක භාවිතා කිරීම. මෙහි පාරිසුද්ධිපධානියඞ්ග භාවිතා කිරීම ඇත.

5 වත්ථූපම slide 13 භාවිතා කිරීම.

6 අමෝහ භාවනා slide 9 භාවිතා කිරීම.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 12/11/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) රහතන් වහන්සේ නම් මෙතන 77 ක් කියන්න පුළුවන් කියලා කිව්වා.

(*2) ඒකෙ හොඳ භාවනාවක් තමයි 19/03/2021 නිබ්බාන භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Fourth_profitable_direction/Fourth_profitable_direction-01.jpg


s_Vimamsiddipada/s_Vimamsiddipada-08.jpg


S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg


S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-09.jpg


S_VattupamaDiagrams/S_VattupamaDiagrams-13.jpg


NonDelusion/NonDelusion-09.jpg